Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ධර්මය තුළින් බුදුන් වහන්සේව දකින්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ධර්මය තුළින් බුදුන් වහන්සේව දකින්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකමහරහතන් වැඩි මඟ ඔස්සේ

ධර්මය තුළින් බුදුන් වහන්සේව දකින්න

1 month ago
8 Views

පින්වත, සියලු ම සංස්කාරයෝ වෙනස් වෙලා යන්නේ පුදුමාකාර වේගයකින්. පින්වත, අවිද්‍යාව වේගවත් වෙද්දී, සංස්කාරයෝ වේගවත් වෙනවා. වේගවත් වන සංස්කාරයෝ අපේ දැනීම් හෙවත් විඤ්ඤාණයෝ අලුත්, අලුත් සන්දර්ශනයෝ සමාජගත කරනවා. පින්වත, ගෙවී ගිය දශක පහක කාලය තුළ මනුෂ්‍ය ජීවිතවල ඔඩුදුවපු පංචනීවරණ ධර්මයෝ හේතුවෙන් අවිද්‍යාව ශක්තිමත් වී මොනතරම් නම් අකුසල් සංස්කාරයන්ගේ ක්‍රියාකාරිත්වයක් සමාජය තුළ සිදු වුණාද? පින්වත, නවීන ලෝකය, අලුත් පරම්පරාව, මේ වචනවලින් අදහස් වෙන්නේ අවිද්‍යාවට පින් සිදු වෙන්නට ඇති වන සංස්කාරයන්ගේ විකෘති වෙනස් වීම ම නේද?
පින්වත, අපි තරුණ කාලයේ දී ගෞරවනීය මහා සංඝ රත්නය වැඩම කොට එළිවෙන තුරාවට පැවැත්වූ පිරිත් සජ්ඣායනා පින්කම් ගමේ, නගරයේ සහ විහාරස්ථානවල මොනතරම් නම් තිබුණා ද? පින්වත, ගෞරවනීය මහා සංඝ රත්නය රාත්‍රී නවයට පමණ සති සම්බොජ්ඣංගයෙන් පිරිත් මණ්ඩපයට වැඩම කොට, එළිවෙන පාන්දර උපේක්‍ෂා සම්බොජ්ඣංගයෙන් පිරිත් මණ්ඩපයෙන් බැහැරට වැඩිය පිරිත් පින්කම්, වර්තමානයේ හොඳටෝ ම අඩු වෙලා. පින්වත, සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා, අපේ අවිද්‍යාව ශක්තිමත් කරලා. පින්වත, දැන් තිබෙන්නේ පින්වත් ගිහි උපාසක පින්වතුන්ලාගේ සහ ගිහි උපාසිකා පින්වතියන්ගේ පිරිත් සජ්ඣායනාවන්. දස සිල් මෑණියන් වහන්සේලාගේ පිරිත් සජ්`ඣායනාවන් භික්ෂුව ගම්වල වැඩ සිටින කොට ශ්‍රවණය කොට තිබෙනවා. පින්වත, ගෙවී ගිය සිංහල අලුත් අවුරුදු මාසයේ දී, පිරිත් පින්කමක හඬක්වත් භික්ෂුවට ඇසුණේ නැහැ. පින්වත, පිරිත් හඬ නෑසුණත්, රාත්‍රී නවයට පටන් අරගෙන උදෑසන හයට අවසන් වෙන, වෙහෙසක්, නිදිමතක් නැති, පංචනීවරණ විලිරුදාවෙන් දඟලන මත්ද්‍රව්‍ය සාද කොතෙක් නම් තිබෙන්නට ඇති ද?

පින්වත, උතුම් නිවනට දිරිය දෙන පැහැය වන කසාවතින් බැබළෙන, සප්ත බොජ්ඣංගයන්ගෙන් සිත් නිවුණු, මහා සංඝ රත්නය පිරිත් සජ්ඣායනය කළ අතීතයේ පිරිත් පින්කම්වලින් පිරුණු සමාජය, වර්තමාන අලුත් පරම්පරාව, එහෙමත් නැතිනම් නවීන ලෝකය, තුන්යම රාත්‍රිය පුරාවට මත්ද්‍රව්‍යවලින් මත් වී, සංගීතයට මොලෝ සිහියක් නැතිව නටන මත්ද්‍රව්‍ය සාද කියන තැනට පත් වීම, මොනතරම් නම් මනුෂ්‍ය ධර්මයන්ගේ පිරිහීමක් ද? පින්වත, සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. නොවෙනස් වන එකම දහම මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථයයි. පින්වත, මහා සංඝ රත්නය තුන්යම පුරාවට සජ්ඣායනය කළ පිරිත් පින්කම් ක්‍රමානුකූලව ගිහි පින්වතුන්ලා සජ්ඣායනය කරන ගිහි පිරිත් බවට පත් වුණා. පින්වත, සංස්කාරයන්ට අදාළව ලෝකය වෙනස් වෙනවා. දැන් අපිට තුන්යම රාත්‍රිය පුරාවට වැඩිපුර ඇසෙන්නේ මුහුණු පොතේ මත්ද්‍රව්‍ය සාදයන්ගේ මාර පාක්‍ෂික සංගීත හඬයි. පින්වත, අපි මේ යන්නේ අකුසල් සංස්කාරයන්ගේ ඉරණම් ගමනක්. අධර්මයෝ අපිට අධර්මයන් ම වඩවලා දෙනවා. පින්වත, අපි මේ සමීප වෙන්නේ මෘග සඤ්ඤා යුගයට. මනුෂ්‍යයා, මනුෂ්‍ය ධර්මයන්ගෙන් පිරිහී මෘග හැසිරීම්වලට යොමු වෙන දිශාවට. පින්වත, අපි මනුෂ්‍ය ධර්මයන් දියුණු කොට ගත්තොත්, අපි තුළ උපදින්නේ දේව ධර්මයන්. පින්වත, අපි මනුෂ්‍ය ධර්මයන් දුර්වල කොට ගත්තොත් අපි තුළ උපදින්නේ සතර අපා ධර්මයෝමයි.

පින්වත, සම්මා සම්බුද්ධ ශාසනය කර්මය කර්මඵල විශ්වාසය ගැන, දානයේ සහ සීලයේ ආනිශංස කෙරෙහි විශ්වාසය ගැන උගන්වන ශාසනයක්. පින්වත, ධනවත්භාවය, මහේශාක්‍යභාවය සහ දුප්පත්භාවය යැයි කියන්නේ සංස්කාරයන්ගේ හේතු ඵල ධර්මයෝමයි. බුදු දහම ධනවතාට, මහේශාක්‍ය පින්වතාට වෛර කරන්නේ නැහැ. පින්වත, ධනවත්භාවය, මහේශාක්‍යභාවය, ප්‍රභූභාවය සමාජයට වර්ණය, සැපය, බලය ගැන කියලා දෙන පූර්වාදර්ශයෝයි. නමුත් දේශපාලනයේ දී නම් පන්ති විරහිත සමාජයක් ගැන කතා කරනවා. පින්වත, පන්ති විරහිත සමාජයක් යැයි කියන්නේ යථාර්ථයක් නොවන හීනමානයේ මානසික උන්මාදයක් ම වෙනවා. මෙම මානසික උන්මාදය ධනවත්, ප්‍රභූ, මහේශාක්‍ය කියන අර්ථයන් සමග ගොඩාක් ගැටෙනවා. පින්වත, සම්මා සම්බුද්ධ ශාසනය උදෙසා සිවුපසය වෙනුවෙන් රුපියල් ලක්‍ෂ, කෝටි ගණන් මුදල් පරිත්‍යාග කරන සිල්වත් පරිත්‍යාගශීලීන් සිටිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, ගව පට්ටි හිමියා තම ගව පට්ටියෙන් ලාභ ලබන්න නම්, වැඩිපුර අවධානය යොමු කළ යුත්තේ සහ වැඩියෙන් තණකොළ, පුන්නක්කු ලබාදිය යුත්තේ, කිරි ලබාදෙන පැටවු දැමූ එළදෙනුන්ටය කියලා. දෙවනුව පැටවුන් ලැබීමට ආසන්න එළදෙනුන්ටය කියලා. පින්වත් ගව හිමියා තම ගව පට්ටියේ සෑම සතකුට ම එක හා සමානව ආහාර, පුන්නක්කු ලබාදුන්නොත්, ආදායම අහිමි වෙනවාය කියලා. එවිට ඔහුට හිමි වෙන්නේ ව්‍යාපාරයේ බංකොලොත්භාවයයි. පින්වත, සම්මා සම්බුද්ධ ශාසනයට සිවුපසයෙන් උපකාර කරන ශ්‍රද්ධාවන්ත පරිත්‍යාගශීලීන්ට විශේෂත්වයක් නොදැක්වුවොත්, එම පින්වතුන්ලා සම්මා සම්බුද්ධ ශාසනයට උපකාර කිරීමෙන් බැහැර වෙන්න පුළුවන්. එය ශාසන පැවැත්මට අනතුරක්මයි.

භික්ෂුවට මතකයි, ධනවත් මහත්මයෙක් රුපියල් ලක්‍ෂ ගණනක් මුදල් නිර්ලෝභීව වියදම් කරලා මහා ධර්ම දේශනාමය පින්කමක් සිද්ධ කළා. පින්වතුන්ලා දෙදහසකට පමණ රාත්‍රී ආහාර ලබාදුන්නා. පින්කම අවසානයේ දී පින්වතුන් සිය ගණනක් භික්ෂුවට පිරිකර පූජා කර ගන්න පෝලිම් ගැසී සිටියා. පින්කමේ සංවිධායක මහත්මයෙක්, පිරිකර පෝලිම මඟ හැර, පින්කම සිදු කළ පරිත්‍යාගශීලී මහත්මයාව භික්ෂුවට පිරිකර පූජා කරන්න යොමු කළා. භික්ෂුව බෝහෝම මෙත් සිතින් මහා ධනයක් විදයම් කොට පින්කම සිදු කළ පරිත්‍යාගශීලී මහත්මයාට පුණ්‍යානුමෝදනා සිදු කළා, නමුත් මේ සිද්ධිය දැකලා පිරිකර පෝලිමේ සිටි පින්වතුන් කිහිපදෙනෙක්ම ගොඩාක් ගැටුණා. “එයා කොහොම ද පෝලිමේ නොපැමිණ පිරිකර පූජා කළේ? යැයි කියලා සංවිධායකයන්ගෙන් ප්‍රශ්න කළා. පින්වත, ඔබ සම්මා සම්බුද්ධ ශාසනයේ වර්ණය,සැපය, බලයට ගරු කරන පින්වතෙක් නම්, ශාසනික කටයුතුවලට උපකාර කරන ශ්‍රද්ධාවන්ත පරිත්‍යාගශීලී පින්වතුන්ලාට විශේෂයක් දැක්වීම ගැන ගැටෙන සිත් ඇති කොට ගන්න එපා. මෙවැනි අවස්ථාවල දී සංඝ සමාජයේ අපිත් හරි අසරණ වෙනවා. පින්කමට රුපියල් ලක්‍ෂ ගණනක් වියදම් කළ එම පරිත්‍යාගශීලී පින්වතාට, “කරුණාකර පෝලිමේ එන්න’ යැයි කියලා, භික්ෂුව මතක් කළා නම්, එම පරිත්‍යාගශීලී පින්වතා නැවත ශාසනයට උපකාර නොකරන්න පුළුවන්, ඔහු ශාසනයට අහිමි වෙන්න පුළුවන්. පින්වත, ආස්වාදයේ ළඟ බලන අපි, ආදීනවයන්ගේ දුර බලන්නේ නැහැ. පින්වත, හැබැයි ඉතින් ශ්‍රද්ධාවන්ත බෞද්ධ ජනතාව පෝලිම් ගැසී සිටියදී, හිතවත්කම් මත, නෑදැකම් මත විශේෂත්වයක් දක්වනවා නම්, එම ක්‍රියාවන් ශ්‍රද්ධාවන්ත බෞද්ධ ජනතාවගේ කළකිරීම පිණිසම හේතු වෙනවා. එම ක්‍රියාවනුත් ශාසනයට අනතුරක්මයි.

පින්වත, ලෝකය යැයි කියන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථය ම වූ කල්හි, ප්‍රශ්න, ගැටලුවලින් තොර ලෝකයක් කොයින් ද? පින්වත, මුව පුරා සිනහ වෙන පින්වතා, ඊළඟ සිතුවිල්ලේ දී මුහුණ නරක් කොට ගෙන ගැටෙනවා. පින්වත, පූජනීය දන්ත ධාතූන් වහන්සේව දෑසින් දැකලා, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ අසිරිමත්භාවයන් කනෙන් අහලා, මනසින් සිතලා මේ දවස්වල පින්වත් ඔබලාගේ ජීවිත පිනෙන් පිරිලා නේද තිබෙන්නේ? පින්වත, පින කියන්නේ වර්ණය, සැපය, බලයට. පින්වත, මේ දවස්වල සිනහ වෙලා, සතුටෙන් ඉන්න. හැබැයි ඉතින් රටට පව් පුරවන දේශපාලන වේදිකා නම් ලෝභ, ද්වේශ, මෝහයන්ගෙන් ගිනි ගන්නවා. පින්වත, පූජනීය දන්ත ධාතූන් වහන්සේ අපේ පංචඋපාදානස්කන්ධ ගින්නට පිනේ සිසිල් දිය ඉසිද්දී, අපේ රටේ පක්‍ෂ, විපක්‍ෂ දේශපාලනය පංචඋපාදානස්කන්ධ ගින්නට පිදුරු ම දමනවා. පින්වත, අවිද්‍යාවෙන් උපදින පින සහ පවට අපි කුමක් නම් කරන්නද? පින්වත, අවබෝධයෙන් කළකිරීමමයි, ඇලෙන සහ ගැටෙන ලෝකය තුළ තිබෙන එකම සංසිඳීම වෙන්නේ. පින්වත, පූජනීය දන්ත ධාතූන් වහන්සේ දැක්ක ඔබේ පුණ්‍යවන්ත දෑස්, මොහොතක් පියාගෙන ලොව්තුරා බුදුරජාණන් වහන්සේව දකින්න. පින්වත, බුදුරජාණන් වහන්සේව දකින ධර්මතාවයන් දෙකක් තිබෙනවා.

පින්වත, ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේව දකින්න ඔබට පුළුවන්. පින්වත, දෑස් පියාගෙන අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධෝ, පින්වත, පටිච්චසමුප්පාද ධර්මයන්ගේ නිරෝධය ජාති, ජරා, ව්‍යාධි, මරණ නිරෝධය දක්වා නුවණින් දකින්න. ඒ ඔබ දකින්නේ පිරිනිවී ගිය ලොව්තුරා බුදුරජාණන් වහන්සේවයි. පින්වත, නිවී ගිය ධර්මතාවයක්, පින්වත, බැඳෙන්න, අල්ලා ගන්න තැනක් නැහැ. පින්වත, බුදුරජාණන් වහන්සේව දකින තවත් ධර්මතාවයක් තිබෙනවා. එය තමයි ගිහි පින්වත් ඔබ සම්මා සමාධිමත් සිතෙන් පුබ්බේනිවාසානුස්සති ඥානය හෙවත්, පෙර ජීවිත දැකීමේ ඥානය ඇති කොට ගෙන, අතීතයේ වැඩ සිටිය බුදුරජාණන් වහන්සේව දැකීම. පින්වත, ඉහත කාරණය බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ නැහැ. ඉහත කාරණය අයිති වෙන්නේ වේදනාවේ ආස්වාදයට. වේදනාවේ ආස්වාදය තුළ පංචඋපාදානස්කන්ධ දුක සැඟවිලා තිබෙනවා. පින්වත, ලක්‍ෂ ගණනින් දන්ත ධාතූන් වහන්සේව දකින්න, වන්දනා කරන්න පින්වත් ජනතාව පෝලිම් ගැසෙද්දී, දින දෙක, තුන පෝලිම්වල තෙරපෙද්දී, භික්ෂුවට පින්වත් ඔබගෙන් අසන්න ප්‍රශ්නයක් තිබෙනවා. එම ප්‍රශ්නය තමයි, මේ මොහොතේදීත් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ තුළින් සහ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ නිරෝධය තුළින්, ජීවමාන බුදුරජාණන් වහන්සේව දකින්න හැකියාව තිබිය දී ඇයි අපි බුදුරජාණන් වහන්සේව දකින්න වීර්යය නොවඩන්නේ කියලා. පින්වත, සිංහල බෞද්ධකමට ගරු කරන තාත්තා කෙනෙක් තම පාසල් වයසේ දියණියගෙන් අවවාදාත්මකව මෙසේ ඇසුවා ලු “දුවේ, ඔයාගේ අම්මා කොට කලිසම් අඳිනවා ඔයා දැකලා තිබෙනවා ද?” කියලා. දුව කිව්ව ලු “නැහැ” කියලා. “දුවේ ඔයාගේ අම්මා හිස කෙස් පාට කරනවා ඔයා දැකලා තිබෙනවා ද? කියලා. දුව කිව්ව ලු “නැහැ” ය කියලා. “දුවේ ඔයාගේ අම්මා, තාත්තාත් එක්ක රණ්ඩු කරනවා, තාත්තාව ඉක්මවා යනවා ඔයා දැකලා තිබෙනවා ද? කියලා. දුව කිව්ව ලු “නැහැ” ය කියලා. “දුවේ, ඔයාගේ අම්මා උතුම් තෙරුවන්ට ගරු කරනවා, ඔයාගේ ආච්චි, සීයාට උපස්ථානය කරනවා ඔයා දැකලා තිබෙනවා ද? කියලා. දුව කිව්ව ලු “ඔව්” කියලා. එවිට එම පින්වත් තාත්තා කිව්ව ලු “දුවේ ඔයත් ලොකු වෙලා අම්මා වගේ කෙනෙක් නොවේ, අම්මටත් වඩා හොඳ කෙනෙක් වෙන්න” ය කියලා. පින්වත, වර්තමානයේ දෙමාපියන් වන ඔබට අවංකව පුළුවන් ද ඔබේ පින්වත් දරුවාට මෙවැනි අවවාදයක් කරන්න. පින්වත, ඔබට පුළුවන් නම් අනේ සාධු! සාධු!, සත්පුරුෂ මනුෂ්‍යයෝ පමණක් නොවේ, සත්පුරුෂ දෙවියෝත්, බ්‍රහ්මයෝත්, පින්වත් ඔබලාට වන්දනා කරාවි. පින්වත, බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන දරුවෙක් සිටිනවා. එම පින්වත් දරුවා තමයි, තම දෙමාපියන්ගේ ශ්‍රද්ධාව, සීලය, මෛත්‍රිය ඉක්මවා ගිය ‘අතිජාත’ දරුවා. පින්වත, පූජනීය දන්ත ධාතූන් වහන්සේ වන්දනා කිරීමට පැමිණි පාසල්වියේ සහ තරුණ දරුවන්ගේ ලොකු අඩුවක් තිබුණා නේද? පින්වත, අතිජාත දරුවා කියන අර්ථය ඉතිහාසයට භාර දී, දෙමාපියන්ට වඩා ගුණයෙන් හීන, අනාගත පරපුරක් උදෙසායි වර්තමානයේ වැඩිහිටියන්ගේ ආස්වාදයේ සාධුකාර හඬ ඇසෙන්නේ.

පින්වත, ඔබත් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වන්දනා කරන්න ගිහිල්ලා, මහනුවර නගරය අපවිත්‍ර කරලා පැමිණි පින්වතෙක් ද? පින්වත, ඔබ අවම වශයෙන් ප්ලාස්ටික් බෝතලයකින්, ටොෆි කොළයකින් පූජා නගරය අපවිත්‍ර කළා නම් හෝ ලෝභ, ද්වේශ, මෝහ අකුසල් සිතකින් පූජා නගරය අපවිත්‍ර කළා නම්, සැබැවින් ම ඔබ උතුම් තෙරුවන්ට ගරු කරලා නැහැ. පින්වත, භික්ෂුවට දැන ගන්න නම් ලැබුණේ, පූජා නගරයේ කැළි කසළවලට වඩා තදබදය, තෙරපීම, ප්‍රමාදය හේතුවෙන් පින්වත් ඔබ පරිසරයට මුදා හළ ලෝභ, ද්වේශ, මෝහයෝ වැඩිය කියලයි. පින්වත, ශාසනික කටයුත්තක දී අවම වශයෙන් වරදක් නොසිදුවන්න නම් උතුම් සෝවාන්ඵලයටවත් පත් වෙන්න ඕනේ. එහෙව් ලෝකයක අපි වැරදි බලාපොරොත්තු වියයුතුයි. පින්වත, දන්ත ධාතූන් වහන්සේ වන්දනාවට මහනුවර ගිහිල්ලා සිතින්, කයින්, වචනයෙන් පුංචි හෝ වරදක් සිදු කළා නම්, කරුණාකර මේ මොහොතේ දෑස් පියාගෙන වරද සිහිපත් කොට ගෙන, ‘කායේන වාචා චිත්තේන’ ගාථාව කියලා උතුම් තෙරුවන් කමා කොට ගන්න. පින්වත, තෙරුවන් උදෙසා කරන වැරදි නිදැල්ලේ තිබුණොත්, අපිට බුදුරජාණන් වහන්සේව සද්ධර්මය තුළින් දකින්න තව ගොඩාක් ප්‍රමාද වේවි.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

6 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

2 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

1 day ago
Related News
අකුරු දි​ගේ අතිරේක

ධූමලාවණ්‍යාගාරය වින්දනාලෝචනය

අකුරු දි​ගේ අතිරේක

වියරණය රැකි නිති – ජන බසට ඇල්මැති – මට දනෝ අදරැති – ජේ.බී. කියා පවසති

අකුරු දි​ගේ අතිරේක

පැවැත්ම වෙනුවෙන් ප්‍රේමය රඟපා පෙන්වීම

ඉරිදා සංග්‍රහය විශේෂාංග මීවිත

රඟනා මගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන්මයි

අතිරේක ඉරිදා සංග්‍රහය විශේෂාංග

කිසිම දෙයක් ගැන පසුතැවෙන්නෙ නෑ… – දිව්‍යශාරිකා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok