Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සප්ත බොජ්ඣංගයන්ගෙන් හැදෙන වෙසක් කූඩුව
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සප්ත බොජ්ඣංගයන්ගෙන් හැදෙන වෙසක් කූඩුව
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකමහරහතන් වැඩි මඟ ඔස්සේ

සප්ත බොජ්ඣංගයන්ගෙන් හැදෙන වෙසක් කූඩුව

1 month ago
7 Views

පින්වත, වෙසක් පුර පසළොස්වක සඳවතිය, වෙසක් දවසේ ලස්සනට, ප්‍රභාෂ්වරව පායන්න, මේ දවස්වල ආකාශයේ රාත්‍රියට හැඩවැඩ වෙනවා නේද? පින්වත් ඔබේ කුටියේ ජනෙල් කවුළුවෙන්, රාත්‍රියට ආකාශය දෙස බලන්නකෝ, නවයොවුන් ඇය කහ පාට සේල පලඳිමින් හැඩවැඩ වන අපූරුව. පින්වත, ඇය මේ මොහොතේ මොනතරම් හැඩවැඩ වුවත්, තවත් සති දෙකක් ගෙවුණ තැන ඇය ආකාශයේ විරූපී වෙලා, මැකිලා ම යනවා. පින්වත, ලස්සන දේවල්වලට ඕනෑවට වැඩිය ආස කරලා තේරුමක් නැහැ. ඒවා වෙනස් වෙලා යනවා. පින්වත, සංස්කාරයෝ හරිම චපලයි. ලස්සන පසුපස්සේ අවලසන්න සඟවලා තියනවා. පින්වත, නාම රූපයෝ හේතුවෙන් සළායතනයෝ ඉපදුණා ද, ඒ ඉපදුණේ දුකක්. පින්වත, ඇස කියන්නේ දුකක්, ජරා, ව්‍යාධි, මරණයක්. පින්වත, කන, නාසය, දිව, ශරීරය ඉපදුණා ද, ඒ ඉපදුණේ දුකක්, ජරා, ව්‍යාධි, මරණයක් යැයි කියලා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වත, අපි ඇසට කොච්චර නම් කැමති ද? අපි ඇසට කොච්චර නම් බැඳිලා ද? මේ රාත්‍රියේ ඇසෙන් දකින නවයොවුන් සඳවතියට, අපි මොනතරම් නම් බැඳිලා ද? පින්වත, අපි මේ සතුටෙන් බැඳී යන්නේ දුකකට ම නේද? ජාති, ජරා, ව්‍යාධි, මරණයකට ම නේද? පින්වත, ඔබ මේ සුන්දර රාත්‍රියේ නවයොවුන් වෙසක් සඳවතියට ආස්වාදයෙන් බැඳී යන්නේ, ඔබේ ඇස ඉපදුණ නිසාමයි. පින්වත, ඔබේ සළායතනයෝ නිවා දමන්න. එවිට සළායතනයන්ගේ ඵස්සය හේතුවෙන් සකස් වන ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවේ තෘෂ්ණාවේ ගිනිදැල් නිවී යාවි. එවිට සළායතනයෝ ඔබට දුකක් නොවේ. සළායතනයෝ ඔබට සළායතන නිරෝධා ඵස්ස නිරෝධෝ, ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ යන දහම කියලා දෙන ධර්මයක් ම වෙනවා. පින්වත, සළායතනයෝ ඔබට සද්ධර්මයේ අර්ථයක් ම වෙනවා.

පින්වත, උදාවන පුණ්‍යවන්ත වෙසක් මංගල්‍යය සමරන්න ලොව්තුරා බුදුරජාණන් වහන්සේට ආමිසයෙන් පූජා පවත්වන්න, පින්වත් ඔබත් වෙසක් කූඩුවක් එහෙම හැදුවා ද? පින්වත් ඔබට සිතෙන්නේ නැති ද උණබටවලින්, සව්කොළවලින් හදපු වෙසක් සැරසිලිවලින් බුදුරජාණන් වහන්සේට කෘතවේදීභාවය දැක්වූවා දැන් හොඳටෝම ඇතිය කියලා. මෙය සටහන් තබන භික්ෂුව මේ දවස්වල විදර්ශනාමය වෙසක් කූඩුවක් හදනවා. මේ වෙසක් කූඩුව හදන්නේ උණබටවලින්, පාට පාට සව්කොළවලින් නම් නොවෙයි. පින්වත, භික්ෂුව මේ වෙසක් කූඩුව හදන්නේ සති, ධම්මවිචය, වීර්යය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්‍ෂා යැයි කියන විදර්ශනාමය සප්ත බොජ්ඣංගයන්ගෙන්. පින්වත, පාට පාට සව්කොළ වෙනුවට භික්ෂුව මේ විදර්ශනාමය වෙසක් කූඩුවට අලවන්නේ, විදර්ශනාමය සප්ත බොජ්ඣංගයන්ගෙන් උපදින විදර්ශනාමය සම්මා ඥානයෝයි. පින්වත, විදර්ශනාමය සප්ත බොජ්ඣංගයන්ගේ සැකිල්ල මත විදර්ශනාමය සම්මා ඥානයන්ගෙන් නික්ලේශීව හැඩ වුණ මෙම වෙසක් කූඩුවට, විදර්ශනාමය සම්මා දිට්ඨියේ, මෛත්‍රියේ, සීලයේ, සතියේ විදුලි බුබුළුවල ප්‍රඥාවේ ආලෝකය ලැබුණහම, මෙම වෙසක් කූඩුව සත්පුරුෂ ලෝකයාට ම දකින්න ප්‍රිය වේවි. පින්වත, ජීවමානව වැඩ සිටින උතුම් ධර්ම විනය නමැති ශාස්තෘන් වහන්සේට මේ විදර්ශනාමය වෙසක් කූඩුව නිසා ම, ආයුෂය, වර්ණය, සැපය, බලය තව තවත් වැඩේවි. පින්වත, කරුණාකර භික්ෂුව හදන මේ විදර්ශනාමය වෙසක් කූඩුව නරඹන්න නම්, පින්වත් ඔබ එන්න එපා. පින්වත, අනුනගේ විදර්ශනාමය වෙසක් සැරසිලි නරඹමින් සිටියා දැන් හොඳටෝම ඇති නේද? පින්වත, අතීත සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ ගණනක පටිච්චසමුප්පන්නව ගොඩගැසූ ආමිසයේ බරට, විදර්ශනාවෝ තැළී පොඩි වෙලයි තිබෙන්නේ. පින්වත, මේ උදාවන පුණ්‍යවන්ත වෙසක් මංගල්‍යයේ දී, සත්පුරුෂ මනුෂ්‍යයන්ට, දෙවියන්ට සහ බ්‍රහ්මයන්ට දැක නිරාමිස ප්‍රීතියක් සහ පස්සද්ධියක් ලබාගැනීම උදෙසා, පින්වත් ඔබේ පිනෙන් උපන් ජීවිතය, විදර්ශනාමය වෙසක් සැරසිල්ලක් බවට පත් කොට ගන්න වීර්යය වඩන්න. පින්වත් ඔබේ පුණ්‍යවන්ත ජීවිතය, බුදුරජාණන් වහන්සේට පූජා කරන ප්‍රතිපත්ති පූජාවක් උදෙසා, විදර්ශනාමය වෙසක් සැරසිල්ලක් බවට පත් කොට ගන්න.

පින්වත, පසුගියදා නිමාවට පත් වුණ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයට, සීමිත කාලයක් තුළ අසීමිත ජනතාවක් එකතු වුණ නිසා ම, ගොඩාක් පින්වතුන්ලා දින දෙක, තුන පෝලිම්වල සිටියා නේද? පින්වත, දහස් ගණන් සෙනඟ අතර තෙරපෙමින්, එකම ඇඳුම පිටින්, දත් ටික මැද ගන්න, වැසිකිළි කැසිකිළි යන්න, මූණ කට සෝදා ගන්න පහසුකම් නොමැතිව කායික අපිරිසිදුභාවයෙන් නේද, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වන්දනා කරන්න සිද්ධ වුණේ. පින්වත, ඔබ තුළ යම් පසුතැවීමක් තිබෙනවා ද, මගේ ජීවිතයෙන් බුදුරජාණන් වහන්සේට අගෞරවයක් සිද්ධ වුණාය කියලා. පින්වත, අනේ අපි සංසාරයේ පව් කරලා තිබෙනවා. එම නිසා අපි පෝලිම්වල දුක් වින්දා. පින් ඇති ඇත්තෝ විශේෂ පිවිසුම්වලින් නා පිරිසිදු වී, පිරිසිදු සුදු ඇඳුමෙන්, සුවඳ විලවුන් තවරාගෙන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වන්දනා කළා නේද කියලා පින්වත් ඔබලා තුළ පසුතැවීමක් එහෙම තිබෙනවා ද? පින්වත, ඔබ මෙවැනි ප්‍රශ්නයක් විවෘත කොට දැකිය යුත්තේ ආත්මීය දෘෂ්ටියෙන් නොවේ. ඔබ මෙවැනි ප්‍රශ්නයක් විවෘත කොට දැකිය යුත්තේ කර්මය කර්මඵල විශ්වාසය තුළිනුයි. එවිටයි ඔබට ප්‍රශ්නය තුළින් ධර්මය හමුවන්නේ. පින්වත, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වන්දනා කරන්න ගිය හැමෝම අත්විඳි පහසුකම් සහ අපහසුකම්, මහේශාක්‍යකම් සහ අල්පේශාක්‍යකම්, පින සහ පවට පමණක් භාර දී ආත්මීය දෘෂ්ටියේ සිරකරුවන් වෙන්න එපා. සිහිනුවණින් කර්මය කර්මඵල විශ්වාසය තුළ ඉහත සිදුවීම් බහා බලන්න දක්‍ෂ වෙන්න. පින්වත, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වන්දනා කරන්න මහනුවරට ගිහිල්ලා, පෝලිම්වල දින දෙක, තුන කායිකව සහ මානසිකව ඔබ පීඩාවන් වින්දත්, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ දැකලා මහා සතුටක් ලැබුව ඔබ වෙන කවුරුවත් නොවේ, පෙර ජීවිතවල ධනවත්, ප්‍රභූ, නිලතල සහිත ජීවිත ලබලා, අහිංසක, බලයක් නැති මනුෂ්‍යයෝ ලක්‍ෂ ගණන් පෝලිම්වල දුක් විඳිද්දී, නා පිරිසිදු වී, පිරිසිදු ඇඳුමෙන් සැරසී, සුවඳ විලවුන් තවරාගෙන, විශේෂිත පිවිසුම්වලින් සුවසේ, පහසුවෙන් අතීතයේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වන්දනා කළ පින්වතුන්ලාමයි. පින්වත, අපේම පටිච්චසමුප්පන්න සංස්කාරයෝ තට්ටු මාරු ක්‍රමයට, වරෙක විශේෂ දොරටුත්, තවත් වරෙක ලක්‍ෂ ගණනින් තදබද ගේට්ටුත් අපිට ලබා දෙනවා. පින්වත, ඔබ පෝලිම්වල දුක් විඳිද්දී, විශේෂිත පිවිසුම්වලින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ පහසුවෙන් වන්දනා කළ පින්වතුන්ලා සහ ඒවා සංවිධානය කළ ගෞරවනීය පින්වතුන්ලා ගැන පින්වත් ඔබ ගැටෙන සිත් ඇති කොට ගන්න එපා. පින සහ පව ලෝක සත්‍යයක් බව ඇත්ත. ඒත් සංස්කාර අධිකරණය ඇසෙන් දුටු සාක්‍ෂි නොමැතිව තම චේතනාවෝ කිරා, මැන තිතට තීන්දු දෙන සාධාරණ අධිකරණයක් බව විශ්වාසයෙන් තේරුම් ගන්න.

පින්වත, වර්තමානයේ ප්‍රභූ සැලකිලි මත විශේෂිත දොරටුවලින් යන්නෝ, පෙරළා පටිච්චසමුප්පන්නව ලක්‍ෂ ගණන් ජනතාව සහිත පෝලිම්වල තෙරපෙන්නෝ වගේ ම, වර්තමානයේ ලක්‍ෂ ගණන් ජනතාව සිටින පෝලිම්වල තෙරපී දුක් පීඩාවන් ඉවසා දරාගෙන, මෙත් සිතින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වන්දනා කළ ඇත්තෝ, පෙරළා පටිච්චසමුප්පන්නව විශේෂිත දොරටුවලින් පිවිසීමේ වරම් ලබන්නෝ වෙනවා. පින්වත, ලෝකය යැයි කියන්නේ පින සහ පව මත ගෙවී යන විහිළුවක්. පින්වත, මෙම ලෝක විහිළුව, අහවලා වැරදියි, අහවලා හරිය කියන, ආත්මීය දෘෂ්ටියට භාර දෙන්නේ නැතිව, මෙම සංස්කාර විහිළුව, විහිළුකාර ලෝකයට ම භාර දී, මෙම සංස්කාර ලෝකයෙන් නිදහස් වීම උදෙසා ම, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයේ දී මතු වූ හොඳ සහ නරක කමටහනක් කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, පින යැයි කියන්නේ වර්ණය, සැපය, බලයට. මනුෂ්‍ය ලෝකයේ සහ දිව්‍ය ලෝකවල පමණක් නොව තිරිසන් සහ ප්‍රේත ලෝකවලත් පිනට විශේෂිත සැලකිලි ලැබෙනවා. අපි මේවා ධර්මයේ උපේක්‍ෂාවෙන් දැකීමට පුහුණු විය යුතුයි වගේ ම, පිනේ කණපිට දුක සැඟවී තිබෙන බව ද අපි ධර්මානුකූලව තේරුම් ගත යුතුයි. පින්වත, අපි ගිහි වේවා, පැවිදි වේවා තවත් කෙනකුගේ සිත රිදවීම ම, මනුෂ්‍ය හිංසනයට අදාළ සිල් පදය දුර්වල කොට ගැනීමක් වෙනවා. අපි කර්මය කර්මඵල විශ්වාසයෙන් තොරව වඩන ලෝභ, ද්වේශ, මෝහයෝ මහා පින්කම්වල පුණ්‍ය ප්‍රතිලාභයෝ වාෂ්ප කොට දමනවා. එම නිසා ම අපේ දුක වැඩි වෙලා, සැපය හීන වෙලා යනවා.

පින්වත රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයෝ දෙපැත්ත ඇවිළුණ විලක්කුවක් වගේමයි. විලක්කුවේ දෙපැත්ත ම ඇලීම් සහ
ගැටීම්වලින් ගිනි ගන්නවා. අපි දක්‍ෂ විය යුතුයි, අකුසල් සංස්කාරයන්ගෙන් ඇඟ බේරාගෙන, ධර්මයේ උපේක්‍ෂාවෙන්, පංච උපාදානස්කන්ධ ලෝකය පරිහරණය කරන්න. පින්වත, අනුන් කරන්නන් වාලේ ඔබත් කරන්න එපා. අනුන් දුවන්නන් වාලේ ඔබත් දුවන්න එපා. එකිනෙකට වෙනස් ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන්ගේ විවිධත්වයක් අපේ ජීවිතවල තිබෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ පූර්වාදර්ශයෝ හිඟ, තෘෂ්ණාවේ වටිනාකම වැඩි සමාජයක් අපි ඉදිරියේ තිබෙන්නේ. පින්වත, සීලය වගේ ම, සීල විශුද්ධියත් ශාසනයේ ම කොටසක්. සමාධිය වගේ ම චිත්ත විශුද්ධියත් ශාසනයේ ම කොටසක්. පින්වත, ආත්මීය දෘෂ්ටිය වගේ ම, දිට්ඨි විශුද්ධියත් ශාසනයේ ම කොටසක්. පින්වත, ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී දෙදෙනා තුළ ආත්මීය දෘෂ්ටිය තිබෙනවා. පින්වත, ආමිස පූජාවෝ සහ ප්‍රතිපත්ති පූජාවෝ ද ශාසනයේ ම කොටසක්. පින්වත, ඉන්ද්‍රිය ධර්මයන් සේ ම, බල ධර්මයෝ ද ශාසනයේ කොටසක් මයි. පින්වත, මනුෂ්‍ය ජීවිතවල විවිධාකාර වූ හැසිරීම් දැකලා අපිට ඇලෙන්න හෝ ගැටෙන්න අවශ්‍ය නැහැ. අපි මේ සක්සුදක් සේ දකින්නේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ, බල ධර්මයන්ගේ සහ පෘථග්ජනභාවයේ විවිධත්වයෙන් යුක්ත වූ හේතුඵල ධර්මයෝමයි.

පින්වත, ලෝකය යැයි කියන්නේ සංස්කාරයන්ගේ ඇස්බැන්දුමක්. මේ සංස්කාරයන්ගේ ඇස්බැන්දුම විනිවිද සත්‍යය දකින්න නම්, සම්මා සමාධිමත් සිතක් තිබෙන්න ම ඕනේ. පින්වත, පංච නීවරණයෝ මේ සංස්කාර ඇස්බැන්දුමේ මුදුන් මුල වන අවිද්‍යාවමයි ශක්තිමත් කරන්නේ. පින්වත, මේ සංස්කාර ඇස්බැන්දුම උපයෝගී කොටගෙන ම බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා සහ මහ රහතන් වහන්සේලා පහළ වෙලා, මේ සංස්කාර ඇස්බැන්දුම විනිවිද දැකලා, පටිච්චසමුප්පාද ලෝකයෙන් පිරිනිවී යනවා. පින්වත, සංස්කාර ඇස්බැන්දුමේ මුදුන්මල්කඩ වන දස පාරමී පුණ්‍ය ශක්තිය උපයෝගී කොටගෙනමයි, ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා උත්තරීතර සම්මා සම්බුද්ධ ඥානය ගුරු උපදේශයන් රහිතව අවබෝධ කොට ගන්නේ. පින්වත, උදාවන පුණ්‍යවන්ත වෙසක් මංගල්‍යයට තවත් නමක් කියන්න යැයි, භික්ෂුවට පින්වතෙක් කිව්වොත්, භික්ෂුව කියන්නේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ කියලයි. පින්වත, සමාජගත සංස්කාර කැලඹිලි, තාවකාලිකව සංසිඳුවමින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, මෛත්‍රියෙන්, සීලයෙන්, ත්‍යාගයෙන්, සම්මා වායාමයන්ට ජවය දෙන, උදාවන මේ පුණ්‍යවන්ත වෙසක් මංගල්‍යයේ දී, මොහොතක් සියලු සංස්කාරයන්ගේ අනිත්‍යභාවය ජීවිතය තුළින් දකිමින්, ධර්මය දැක, ධර්මය තුළ හැසිරෙන්න. පින්වත, මෙම සටහන කියවීමෙන් ඔබ තුළ ඇති වූ සම්මා සමාධිමත් සිතින්, පින්වත් ඔබ දෑස් පියාගෙන මුළු මනුෂ්‍ය ලෝකයේ ම ජීවත්වන සියලුම මනුෂ්‍යයෝ සිහියට නඟාගන්න. කෝටි, ප්‍රකෝටි ගණනක් මනුෂ්‍යයෝ දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ. මේ සෑම මනුෂ්‍යයෙක්ම ජරා, ව්‍යාධි, මරණයන්ට ලක්වෙලා, යම් දවසක මහපොළොවට පස් වන හැටි නුවණින් දකින්න. ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික සතර මහා ධාතුව, පිරිනිවන් මංචකයේ දී පූජනීය අළු ගොඩක්, පූජනීය ධාතූන් වහන්සේ ගොඩක් බවට පත් වුණ හැටි නුවණින් දකින්න. පින්වත, ආධ්‍යාත්මික සතර මහා ධාතුවත්, බාහිර සතර මහා ධාතුවත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් යැයි නුවණින් දකිමින්, උදා වන පුණ්‍යවන්ත වෙසක් මංගල්‍යයට, උතුම් තෙමඟුලට, විදර්ශනාමය ආරම්භයක් ලබා ගන්න.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

6 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

2 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

1 day ago
Related News
අකුරු දි​ගේ අතිරේක

ධූමලාවණ්‍යාගාරය වින්දනාලෝචනය

අකුරු දි​ගේ අතිරේක

වියරණය රැකි නිති – ජන බසට ඇල්මැති – මට දනෝ අදරැති – ජේ.බී. කියා පවසති

අකුරු දි​ගේ අතිරේක

පැවැත්ම වෙනුවෙන් ප්‍රේමය රඟපා පෙන්වීම

ඉරිදා සංග්‍රහය විශේෂාංග මීවිත

රඟනා මගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන්මයි

අතිරේක ඉරිදා සංග්‍රහය විශේෂාංග

කිසිම දෙයක් ගැන පසුතැවෙන්නෙ නෑ… – දිව්‍යශාරිකා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok