Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ආර්ය විමුක්තියේ නිදහස
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ආර්ය විමුක්තියේ නිදහස
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකඉරිදා සංග්‍රහය විශේෂාංගමහරහතන් වැඩි මඟ ඔස්සේ

ආර්ය විමුක්තියේ නිදහස

21 hours ago
56 Views

පින්වත, ලෝකය යැයි කියන්නේ කුසල් සහ අකුසල් සංස්කාරයෝ හේතුවෙන් සකස් වන විඤ්ඤාණයේ මැජික් සංදර්ශනයක්. පින්වත් මනුෂ්‍ය ජීවිතවල ඇලීම් සහ ගැටීම් වැඩි වෙන කොට මේ සංදර්ශන වේදිකාව උණුසුම් වෙනවා. පින්වත, හිටපු පින්වත් ඇමැතිවරු සහ නිලධාරීන් දීර්ඝ සිර දඬුවම් ලබනවා. ඒ කියන්නේ තනතුරු දැරූ කාලයේ අසිහියෙන් අත්විඳි කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයේ දීර්ඝ ආදීනවයෝ ලබනවා. පින්වත, මේවා අසන සහ දකින වර්තමාන නායක පින්වතුන් සහ පින්වත් ජනතාව කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයේ සතුට ලබනවා වගේ ම, අනාගත බලය පිළිබඳව සුබ සිහින දකිනවා. පින්වත අනාගතයේ මැතිවරණයකින් තවත් ආණ්ඩු පෙරළියක් සිද්ධ වෙද්දී, සිර ගෙවල්වල දීර්ඝ ආදීනවයන් විඳින බලවත් ඇත්තෝ, ජනාධිපති සමාවකින් නිදහස ලබනවා. පින්වත, අපි මේ අත්දකින්නේ විඤ්ඤාණ මැජික් සංදර්ශන වේදිකාවේ සංස්කාර ඇස්බැන්දුමයි. පින්වත, රූපයේ සහ කාමයේ කෙටි ආස්වාදයෝ පසුපස දීර්ඝ ආදීනවයෝ තිබෙන නිසා ම, නොකැඩෙන, නොබිඳෙන, නොවිසිරෙන ධර්මතාවයක් සංස්කාර ලෝකය තුළ නැහැ. පින්වත, මේ සංස්කාර ඇස්බැන්දුම මෙහෙය වන අවිද්‍යාවේ පටිච්චසමුප්පන්න වගකීම, අපිට අලුත්, අලුත් මැජික් සංදර්ශනයෝ පෙන්වා, ඇලෙන සහ ගැටෙන මනුෂ්‍ය විඳීම් තුළින්, අවිද්‍යාවේ පැවැත්මට සහ පෝෂණයට පෙරළා සංස්කාරයෝ ප්‍රවර්ධනය කිරීම මයි.

පින්වත, බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයා පින සහ පව යැයි කියන සංස්කාරයන්ගෙන් ගිලන් වූවෙක් නොවේ. පින්වත, ඵස්සයේ තෘෂ්ණාව හළ උන්වහන්සේලා, විදර්ශනාවේ කැඩපතෙනුයි ලෝකය දෙස බලන්නේ. පින්වත, විදර්ශනාවේ කැඩපතෙන් ලෝකය දෙස බලද්දී, උන්වහන්සේලාගේ නිරෝධය වූ උපාදානයෝ, උන්වහන්සේලාගේ ජීවිත තුළින් ජාති, ජරා, ව්‍යාධි, මරණ බිය මුලිනුපුටා දමනවා. පින්වත, උන්වහන්සේලාට අහිමි වෙන්න දෙයක් නැහැ, අහිමි වීම් අයිති අවිද්‍යාවට. පින්වත, උන්වහන්සේලාට ලැබෙන්න දෙයකුත් නැහැ, ලැබීම අයිතිත් අවිද්‍යාවට. පින්වත, අවිද්‍යාවෙන් උපදින සියලුම සංස්කාරයෝ අනිත්‍ය යැයි අවබෝධ ඥානයෙන් ම දකින, ධම්මානුපස්සනාවෙන් පණ ලබන ආර්ය විමුක්තියේ නිදහස තුළයි උන්වහන්සේලා වැඩ සිටින්නේ. පින්වත, අපි තවමත් අනාර්ය අනවබෝධය තුළ හිඳිමින්, කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකයේ හරි සහ වැරදි සොයනවා. පින්වත, ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්ම විනය ජීවමාන ශාස්තෘන් වහන්සේ බවට පත් කොට පිරිනිවී ගියා. පින්වත, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියා වගේ ම, උතුම් ධර්ම විනයත් අනාගතයේ යම් දිනයක පිරිනිවී යනවා. පින්වත, වර්තමානයේ ජීවමාන ශාස්තෘන් වහන්සේ වන උතුම් ධර්ම විනය අපි ආරක්‍ෂා කොට ගත යුත්තේ, වසවර්ති මාරයාගෙන් නොවේ, පින්වත් මනුෂ්‍යයාගේ ඇලීම් සහ ගැටීම් හේතුවෙන් සකස් කොට ගන්නා අකුසල් සංස්කාරයෝ තුළින් ම ය. පින්වත, ජීවමාන ශාස්තෘන් වහන්සේ වන උතුම් ධර්ම විනයේ ආරක්‍ෂකයා පින්වත් ඔබ හෝ භික්ෂුව නොවේ, අපි තුළින් වැඩෙන්නා වූ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ කුසල් ශක්තියයි. පින්වත් ඔබට අවශ්‍ය උතුම් ධර්ම විනය අර්ථවත්ව, ශක්තිමත්ව දීර්ඝායුෂ ලබන්න නම් ඔබේ පරම වගකීම විය යුත්තේ, වර්තමානයේ ඔබේ ජීවිතය උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථය තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත් ද කියන කාරණය සපථ කොට ගැනීමයි. උතුම් ධර්ම විනය ආරක්‍ෂා කොට තැබීමට නම්, කරුණාකර උතුම් ධර්ම විනයෙන් මුලින්ම අපි හැදෙමු. එවිට ධර්ම විනය ආරක්‍ෂා වේවි.

පින්වත, කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකයේ හදන්න දෙයක් නැහැ. පින්වත, පටිච්චසමුප්පාද ලෝකය යැයි කියන්නේ හේතුඵල දහමක්. පින්වත, අකුසල් සංස්කාරයෝ අයහපතත්, කුසල් සංස්කාරයෝ යහපතත් ලෝකයට උදා කොට දෙනවා, නමුත් මේ සියලුම සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. පින්වත, අපි ඉදිරියේ දිග හැරෙන සංස්කාර ලෝකයේ වැරදි වැඩි නම්, පින්වත් ඔබ වරදට දඬුවම් දෙන්න යන්න එපා. ඔබේ වගකීම විය යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුණ්‍ය ශක්තියෙන් ඔබ සන්නද්ධ වීමයි. පින්වත, වරදට දඬුවමත්, නිවැරදිභාවයට නිදහසත් දීම, සංස්කාර අධිකරණයේ වගකීමක් කොට දකින්න. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව සමාජයේ කිනම් අර්බුදයක් සමාජගත වුණත් භික්ෂුවගේ සම්මා ව්‍යායාමය බාහිර ලෝකය දෙස බැලීම නොවේ, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් තුළ භික්ෂුවගේ ජීවිතය ශක්තිමත් කොට තැබීම සහ සමාජය චතුරාර්ය සත්‍යය ධර්මයන් තුළ ශක්තිමත් කොට තැබීමයි. පින්වත, උතුම් ධර්ම විනය අනාගතයට ආරක්‍ෂා කොට තබන්න නම්, මුලින්ම අපි ධර්ම විනයට කීකරු වෙන්න ඕනේ. පින්වත් ඔබ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථයන්ට අදාළව ජීවත් නොවෙනවා නම්, ඔබ උතුම් ධර්ම විනය ආරක්‍ෂා කරන්නෙක් නොවේ. පින්වත, තමන් තම ජීවිතයෙන් උතුම් ධර්ම විනයේ ආරක්‍ෂකයෙක් නොවී, ධර්ම විනය ආරක්‍ෂා කොට තැබීමට යෑමේ විපාකයෝ හැමදාමත් අපි අත්දකිනවා. මෙවැනි හේතූන් නිසා මයි, අතීතයේ භික්ෂු උපසම්පදාව පවා විදේශයන්ගෙන් රැගෙන එන්නට සිදු වුණේ. පින්වත, ඔබ දෙස ඔබ සිහිනුවණින් බලන්න. එවිට ඔබේ ලෝකයේ වැරදි ඔබට පෙනේවි. වැරදි ඇතොත් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථයන්ට අදාළව නිවැරදි කොට ගන්න. පින්වත් ඔබ නිවැරදි නම්, වැරදි කරන බාහිර ලෝකය ඔබට පෙනෙන්නේ වරදකරුවෙක් හැටියට නොවේ, අවිද්‍යා පච්චයා සංඛාරා කියන ධර්මතාවය හැටියට මයි. පින්වත, ඉහත ධර්මය නොදන්නා, අනුනගේ වැරදි හේතුවෙන්, තමාගේ වැරදි ගොඩ වැඩි කොට ගනී.

පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, අපි තවත් කෙනෙකුගේ වරදකට දඬුවම් දිය යුත්තේ හෝ කරන ලද වරදට අවවාද කළ යුත්තේ මෛත්‍රී චේතනාවෙන් මය කියලා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙරාතුව ආනන්ද ස්වාමීන් වහන්සේට අවවාද කරනවා, “ආනන්ද, බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුව, ඡන්න භික්ෂුවට බ්‍රහ්ම දණ්ඩනය නමැති දඬුවම විනයානුකූලව ලබා දෙන්න” ය කියලා. පින්වත, තම භික්ෂු ජීවිතය පුරාවට අධිමාන්නය නිසා ම, සංඝ සමාජයට අකීකරු වූ ඡන්න භික්ෂුවට බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම දණ්ඩනය පනවන්න යැයි අවවාද කරන්නේ, ඡන්න භික්ෂුව කෙරෙහි මහා කරුණාවෙන් මයි. ඡන්න භික්ෂුව උපසම්පදා සීලය තුළ ශක්තිමත්ව පිහිටුවා, උතුම් නිවනේ සැනසීම ලබා දීම උදෙසා මයි. පින්වත, බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඡන්න භික්ෂුව උදෙසා අවවාද කොට වදාළ බ්‍රහ්ම දණ්ඩනය නමැති විනය කර්මය හේතුවෙන්, ඡන්න භික්ෂුව අධිමාන්නය බැහැර කොට සද්ධර්මයෙන් සැනසුණා. පින්වත, වරදට දඬුවම් දිය යුතු මයි. පින්වත, උපසම්පදා භික්ෂූන් වන අපිට, ප්‍රාතිමෝක්‍ෂ සීලයේ ශක්තිමත්භාවය උදෙසා වරදට දඬුවම් කරන අධිකරණයන් හතක් බුදුරජාණන් වහන්සේ පනවා තිබෙනවා. මේ සෑම පැනවීමක් ම අපේ සම්මා සමාධිය උදෙසා මයි. පංච නීවරණයෝ යටපත් කොට ගෙන උතුම් සප්ත බොජ්ඣංගයන්ගෙන් නැගී සිටීම උදෙසා මයි. පින්වත, මහා කරුණා ගුණය මේ සෑම පැනවීමක් තුළ ම බැසගෙනයි තිබෙන්නේ. පින්වත, මෛත්‍රියෙන්, කරුණාවෙන් දෙන දඬුවම පෙරළා මෛත්‍රිය මයි, කරුණාව මයි සමාජයට ප්‍රසූත කරන්නේ. පින්වත, ධර්මයෝ, ධර්මයන් මයි මෝදු කොට දෙන්නේ. පින්වත, අපි කෙනෙකුට දඬුවම් කරන්නේ, ද්වේශයෙන්, වෛරයෙන්, පළිගැනීමේ චේතනාවෙන් නම්, පෙරළා සමාජයට ලැබෙන්නේ ද්වේශයේ, වෛරයේ, පළිගැනීමේ නරක, නපුරු ඵලයන් වෙන්න පුළුවන්. පින්වත, අධර්මයෝ, අධර්මයන් මයි සමාජගත කරන්නේ. පින්වත, වරදට දිය යුතු උපරිම දඬුවම් දෙන්න, “වරදකරු නිවැරදි වේවා!” යැයි දකින යහපත් චේතනාවෙන් සහ ඉදිරියේ දී වැරදි කිරීමට බලාපොරොත්තු වන පින්වතුන් වරදින් මුදවා ගන්නා මෛත්‍රී චේතනාවෙන්. පින්වත, දණ්ඩනය තුළ මෛත්‍රිය නොතිබුණොත්, වෛරයේ, පළිගැනීමේ ගිනි පුපුරු අළු යට සැඟවී තිබී කාටත් හොරා, සමාජය පුරා අප්‍රකටව සක්‍රිය වෙන්න පුළුවන්. පින්වත, භික්ෂුව මේ සටහන් තබන්නේ උතුම් හේතුඵල ධර්මයෝයි. පින්වත, එක ප්‍රශ්නයක් විසඳාගත යුත්තේ, ඊටත් වඩා දරුණු අනාගත ජාතික ඛේදවාචකයන්ට අත වනමින් නොවේ. පින්වත, සියලු සංස්කාරයෝ අනිත්‍යයි. ලෝකය කවදාකවත් සියයට සියයක් නිවැරදි වෙලා නැහැ. පින්වත, කාමයේ කෙටි ආස්වාදයෝ, සදාකාලික රජ මඟුල් මේසයක් හැටියට දකින්න එපා. පින්වත, අපි ජාතියක් හැටියට හැමදාමත් පුංචි සැපයක් උදෙසා මහා සැපයක් අහිමි කොට ගැනීම ජාතික අවාසනාවක්.

පින්වත, ‘සක්කාය දිට්ඨිය’ යැයි කියන්නේ, මමත්වයේ දැඩිභාවයට. පින්වත, අවිද්‍යාවේ ‘කුණු හැව’ යැයි කියලත් බුදුරජාණන් වහන්සේ සක්කාය දිට්ඨිය හඳුන්වනවා. පින්වත, අවිද්‍යාවේ කුණු හැව තුළින් හමන දුර්ගන්ධය තමයි පංච නීවරණයෝ. පින්වත, “මම” මුලට ගන්න එපා. “මම” මුලට ගත්තොත් අවිද්‍යාවයි මුලට එන්නේ. පින්වත, පින්වත් දක්‍ෂ වෘත්තීයවේදී මහත්මයෙක් තමන්ගේ දක්‍ෂකම් ගැන භික්ෂුව ඉදිරියේ ගොඩාක් වර්ණනා කළා. තමන්ගේ මිය ගිය වෘත්තීය මව්දෙමාපියන්ගේ පරම්පරාවෙන් තමන්ට ලැබුණු වෘත්තීය ආභාසය සහ තමන්ගේ මිය ගිය ඥාතීන් පටිච්චසමුප්පන්නව දෙවියන්ව ඉපදිලා, තමන්ට කරන උපකාරයන් ගැනත් ඔහු සඳහන් කළා. මේ සෑම වචනයක ම මමත්වයේ දැඩිභාවයේ ලුණු ඇඹුල් හොඳින් තැවරිලයි තිබුණේ. පින්වත, මෙම සටහන කියවන ඔබ කිනම් ක්ෂේත්‍රයක හෝ වේවා, දක්‍ෂයෙක් නම්, පින්වත් ඔබේ දක්‍ෂභාවය “මම ය” කියලා ගන්න එපා. පින්වත, ඔබේ දක්‍ෂභාවය ඔබ, “මම ය” කියලා ගත්තොත්, ඔබ අවිද්‍යාවේ පංච නීවරණ ගොදුරක් වෙනවා. පින්වත, ඔබේ වෘත්තීය දක්‍ෂභාවය, ව්‍යාපාරික, අධ්‍යාපන දක්‍ෂභාවය තුළින් නිවනට පක්‍ෂ වන සප්ත බොජ්ඣංගයෝ මතු කොට ගන්න දක්‍ෂ වෙන්න.

පින්වත, මෙය සටහන් තබන භික්ෂුව ධර්ම දේශනා පවත්වනවා; සද්ධර්මය සටහන් තබනවා; සාමීචිපටිපන්න ගුණයෙන් සමාජයට උපකාර කරනවා. භික්ෂුව මෙම කිසිම ක්‍රියාවක් හෝ හැකියාවක් “මම ය” කියලා, මගේ දක්‍ෂභාවයන් යැයි කියලා, මගේ පරම්පරාවේ දක්‍ෂභාවයක් යැයි කියලා භික්ෂුව දකින්නේ නැහැ. පින්වත, භික්ෂුවගේ ඉහත සෑම හැකියාවක් ම පටිච්චසමුප්පන්නව භික්ෂුව අතීතයේ රැස් කළ කුසල් සංස්කාරයන්ගේ ඵලයන් මයි. පින්වත, මේ සියලු සංස්කාරයන්ගේ යථා ස්වභාවය අනිත්‍ය වීමයි. පින්වත, අල්ලා ගන්න තැනක් නැහැ, බැස ගන්න තැනක් නැහැ, “මගේ” යැයි කියන්න තැනක් නැහැ. පින්වත, ඒ නිසා ම, අවිද්‍යාවට පවතින්න තැනකුත් නැහැ. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවගේ යම් හැකියාවක් වේ ද, යම් නොහැකියාවක් වේ ද, මේ සියල්ල ම භික්ෂුව ඉලක්ක කරන්නේ ධම්මානුපස්සනාව දිශාවට මයි. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව, භික්ෂුවගේ හැකියාවන් සහ නොහැකියාවන් “මම ය” කියලා ගත්තොත්, මේවාට සැබෑ හේතුඵල ධර්මයෝ වන සංස්කාර සහ අවිද්‍යාව භික්ෂුවට මඟ හැරෙනවා වගේ ම, භික්ෂුව පංච නීවරණයෙන්ගේ ගොදුරක් වෙනවා. පින්වත, ඔබේ තෘෂ්ණාව, ඔබට ඉඩ දෙන්නේ නැහැ, ඔබේ හැකියාවන් සහ දක්‍ෂතාවයන් අනිත්‍ය වී යන සංස්කාරයෝ හැටියට දකින්න. පින්වත, ඔබ සංස්කාරයෝ සිහිනුවණින් ධර්මානුකූලව නිවැරදිව හඳුනා ගත්තොත්, අවිද්‍යාවට සහ ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට පවතින්න බැහැ. පින්වත, සක්කාය දිට්ඨිය “මම” කියන කැරට් අලය පෙන්වා, අනාගත පංච උපාදානස්කන්ධ දුක් මහා මේරුව අපෙන් වසන් කොට දමනවා.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

6 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

2 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

1 day ago
Related News
අකුරු දි​ගේ අතිරේක

ධූමලාවණ්‍යාගාරය වින්දනාලෝචනය

අකුරු දි​ගේ අතිරේක

වියරණය රැකි නිති – ජන බසට ඇල්මැති – මට දනෝ අදරැති – ජේ.බී. කියා පවසති

අකුරු දි​ගේ අතිරේක

පැවැත්ම වෙනුවෙන් ප්‍රේමය රඟපා පෙන්වීම

ඉරිදා සංග්‍රහය විශේෂාංග මීවිත

රඟනා මගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන්මයි

අතිරේක ඉරිදා සංග්‍රහය විශේෂාංග

කිසිම දෙයක් ගැන පසුතැවෙන්නෙ නෑ… – දිව්‍යශාරිකා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok