Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම කොදෙව් දේශයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම කොදෙව් දේශයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම කොදෙව් දේශයට

5 days ago
228 Views

බටහිර ඉන්දීය කොදෙව් නැගී එන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත සිව්දින සහ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියට සහභාගිවීම සඳහා ධනංජය ලක්ෂාන්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පෙරේදා (02 දා) පස්වරුවේදී බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව ගියේය. ක්‍රීඩකයින් 18 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම, ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවැති සර්ව ආගමික වතාවත්වලට සහභාගිවීමෙන් අනතුරුව අදාළ සංචාරය බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා නැගි එන කණ්ඩායමක් බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි සිදුකරනු ලබන පළමු තරග සංචාරය වන්නේ මෙම තරග සංචාරය වේ. සංචාරක කණ්ඩායමට පිතිකරුවන් 8 දෙනෙක්, කඩුලු රකින්නන් දෙදෙනෙක් තුන් ඉරියව් ක්‍රීඩකයන් තිදෙනෙකු සහ පන්දු යවන්නන් පස්දෙනකු ඇතුළත්ව සිටිති.

තරගාවලිය පිළිබඳව අදහස් දක්වා සිටි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සචිත් පතිරණ සඳහන් කර සිටියේ, තරගාවලියේ ජයග්‍රහණය බලාපොරොත්තු වෙනවා සේම කණ්ඩායමේ ක්‍රීඩකයන් 18 දෙනාටම මෙම තරගාවලියේදී ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වෙන බවයි.

“ඇත්තටම ඉතාම හොඳ කණ්ඩායමක් ලැබිලා තියෙනවා. විශේෂයෙන් මේ කණ්ඩායම අපිට ලබා දීලා තියෙන්නේ විස්සයි-20 තරගාවලිය අතරතුරයි. මේ කණ්ඩායමේ ඕනෑම කන්ඩිෂන් එකක ඕනෑම සිටුවේෂන් එකකට ක්‍රීඩා කරන්න සුදුසු කණ්ඩායමක් අපිට ඉන්නවා. අපිට අවශ්‍ය විදියට යොදා ගන්න පුළුවන්“.

“තරගාවලියේ ජයග්‍රහණය වගේම ක්‍රීඩකයින් 18 දෙනාම මේ තරගාවලියේදී ක්‍රීඩාකරවලා ඔවුන්ට තරග අත්දැකීම් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එය අභියෝගයක්. නමුත් අපි ඒ අභියෝගයට මුහුණ දීමට සූදානමින් සිටිනවා” යැයි ප්‍රධාන පුහුණුකරු පතිරණ සඳහන් කර සිටියේය.

මේ අතර තරගාවලිය පිළිබඳව අදහස් දක්වා සිටි නායක ධනංජය ලක්ෂාන් සඳහන් කර සිටියේ, තරගාවලියට පෙර හොඳ සූදානමකින් පසුවන බවත්, ප්‍රතිවාදීන් පිළිබඳව ද හොඳ අවබෝධයකින් පසුවන බව සඳහන් කර සිටියේය.

“ඇත්තටම මේ තරගාවලිය හොඳ අභියෝගයක් වෙයි. මොකද කණ්ඩායමේ සිටින සියලු දෙනා නවකයන් වුවත් දේශීය තරග පිටියේදී ඔවුන් දක්ෂතා අතර සිටින වගේම අත්දැකීම් තියෙන ක්‍රීඩකයන් නිසා. මේ නිසා මේ තරගාවලිය හොඳින් අවසන් කරන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා” යැයි ලක්ෂාන් වැඩිදුරටත් පැවැසීය.

දෙපිළ අතර තරගාවලිය ජුනි මස 07 වැනිදා සිට 17 වැනිදා දක්වා ඇන්ටිගුවා හිදී පැවැත්වෙනු ඇත. මෙහිදී එක්දින තරග 3 කූලිජ්හිදීද සිව්දින තරග 2 ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදීද පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – ධනංජය ලක්ෂාන් (නායක), ජනිෂ්ක පෙරේරා, ෂෙවෝන් ඩැනියල්, අහන් වික්‍රමසිංහ, නිපුන් ධනංජය, අංජල බණ්ඩාර, සොහාන් ද ලිවේරා, සහන් කෝසල, රවිඳු ප්‍රනාන්දු, චමිදු වික්‍රමසිංහ, දුලාජ් සමුදිත, ගරුක සංකෙත්, සිතුම් දිසානායක, දිලුම් සුදීර, ට්‍රවේන් මැතිව්, අෂෙයින් ඩැනියල්, මෙලන් හංසක.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

5 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

4 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

7 days ago
Related News
ක්‍රී​ඩා

සචිත්‍රට එරෙහිව තරග පාවාදීමේ පළමු නඩුව

ක්‍රී​ඩා

වසර 16කට පසුව ශ්‍රී ලංකාවට පූනායි කණ්ඩායමට එරෙහිව පාපන්දු ජයක්

ක්‍රී​ඩා

ජාතික රයිෆල් සංගමයේ පරිපාලනය නාවික හමුදාවෙන් ගුවන් හමුදාවට

ක්‍රී​ඩා

චන්දික හා ශානිකා මධ්‍යම පළාත් ඇවිදීමේ තරගය ජයගනී

ක්‍රී​ඩා

ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ ටෙස්ට් සංචිතය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok