ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසාන ටෙස්ට් තරගය
තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා බංග්ලාදේශ ටෙස්ට් සංචිතය නම් කර තිබේ.
16 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය හිමිව තිබෙන්නේ නජ්මුල් හොසේන් ෂැන්ටෝටයි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජුනි 17 වැනිදා ගාල්ලේදී ඇරැඹීමට නියමිත අතර 2025 – 27 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලි ආරම්භ කරමින් පැවැත්වෙන පළමු තරගය වීමද විශේෂත්වයකි.
ටෙස්ට් තරග දෙකට අමතරව එක්දින හා විස්සයි – 20 තරග 3 බැගින් පැවැත්වෙන තරගාවලියක්ද ටෙස්ට් තරගාවලිය අවසානයේදී පැවැත්වේ. තවත් සුවිශේෂී කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හා බැඳුණු විශිෂ්ට නායකයකු වන ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසාන ටෙස්ට් තරගයද වෙයි.

බංග්ලාදේශ සංචිතය – නජ්මුල් හොසේන් ෂැන්ටෝ (නායක), ෂද්මන් ඉස්ලාම්, අනාමුල් හක් බිජෝයි, මොමිනුල් හක්, මුෂ්ෆිකර් රහීම්, ලිටන් දාස්, මහිදුල් ඉස්ලාම්, ජේකර් අලි, මෙහිදි හසන් මිරාස්, තයිජුල් ඉස්ලාම්, නයීම් හසන්, හසන් මුරාඩ්, එබදත් හොසේන්, හසන් මහමුද්, නහිඩ් රානා, කලීඩ් අහමඩ්
සුසිල් ජයකොඩි
සංස්කරණය – සුසිල් ජයකොඩි