Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: සචිත්‍රට එරෙහිව තරග පාවාදීමේ පළමු නඩුව
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: සචිත්‍රට එරෙහිව තරග පාවාදීමේ පළමු නඩුව
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

සචිත්‍රට එරෙහිව තරග පාවාදීමේ පළමු නඩුව

12 hours ago
119 Views

2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රීමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීම සඳහා ක්‍රීඩකයකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා හම්බන්තොට මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ. ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ මෙරට ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයකුට එරෙහිව තරග පාවාදීමේ චෝදනා යටතේ අධිකරණය හමුවේ නඩු පැවරුණු පළමු අවස්ථාව මෙය බව නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේය. එමෙන්ම තරග පාවාදීමේ චෝදනා යටතේ අපරාධ නීතිය යටතේ දකුණු ආසියාවේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයකුට එරෙහිව අධිකරණයක නඩු පැවරුණු ‘ප්‍රථම අවස්ථාව මෙය විය හැකි බවද’ ඔහු පැවසීය.

2020 වසරේ නොවැම්බර් මස 21 සහ 22 වැනිදා අතර කාල සීමාව තුළ මුරුසී දිවයිනේදී සහ හම්බන්තොටදී ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵලයට බලපෑමක් ඇති කළ හැකි අයුරින් එම තරගාවලියට සහභාගි වූ කලම්බු කින්ග්ස් කණ්ඩායම සඳහා තෝරාගෙන තිබූ තරිඳු රත්නායකට තරග පාවාදීම සඳහා වෙනත් පාර්ශ්වයක් ඉදිරිපත් කළ යෝජනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයට දැනුම් නොදෙන ලෙස ඔහුගෙන් අයැද සිටීම, ඔහුව පෙළඹවීම සහ ඊට අවශ්‍ය උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ සචිත්‍ර සේනානායකට නීතිපතිවරයා චෝදනා නඟා තිබේ.

ඊට අමතරව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති “ෂහීඩ්” නමැති අයකු තරිඳු රත්නායක නමැති ක්‍රීඩකයා අමතමින් “ already spoke to the management’ You will get games, and you have to give something for them too ok” යනුවෙන් කළ දැනුම් දීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය වෙත පැමිණිලි කිරීම වැළැක්වීමට කටයුතු කර ඇති බවට සචිත්‍ර සේනානායකට එරෙහිව එල්ලකර ඇති චෝදනාවේ සඳහන් වේ.

ඒ අනුව 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ 5 ඈ වගන්තිය යටතේ ඔහුට චෝදනා එල්ල කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව එම ඒකකයේ උපදෙස් මත මෙරට ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විමර්ශන අංශය සචිත්‍ර සේනානායක අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අත්අඩංගුවට පත්වන්නේ 2023 වසරේ සැප්තැම්බර් මාසයේය. ඉන් අනතුරුව අධිකරණය විසින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප මත මුදා හරින ලදී. එම සිද්ධියට අදාළව ලැබුණු වෝහාරික සාක්ෂි සහ අනෙකුත් සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධනගේ මෙහෙයවීම යටතේ මෙම නඩු පැවරීම සිදුකර තිබේ.

2023 දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ පාවා දීම සිදුකළ කරුණු දැක්වීම නැවත උපුටා දැක්වීම වැදගත්ය.

“ස්වාමීනි… ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ මෙම විමර්ශනය සිදු කෙරෙනවා. 2020 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඇලෙක්ස් මාෂල් නැමැති නිලධාරියකු එවක ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට කරන ලද පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශනය ආරම්භ වුණේ. එම පැමිණිල්ලට අනුව 2020 වසරේ පැවති එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේදී කලම්බු කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ධම්මික ප්‍රසාද් සහ තරිඳු රත්නායක යන ක්‍රීඩකයන් දෙදෙනාට අඩුවෙන් ක්‍රීඩා කිරීමට හෝ පක්ෂග්‍රාහී ආකාරයෙන් ක්‍රීඩා කරන ලෙස මෙම සැකකරු පෙළඹවීම් සිදු කර තිබෙන බවට විමර්ශන වලදී කරුණු අනාවරණය වුණා. මෙහිදී ධම්මික ප්‍රසාද් නමැති ක්‍රීඩකයාට “ස්ටැබී” නමැති පුද්ගලයකු විදේශයක සිට දුරකථනයෙන් කතා කර තිබෙනවා. මෙම තරගාවලියට ක්‍රීඩා කළොත් ලැබෙන්නේ ඩොලර් 50,000ක පමණ මුදලක් බවත් තමන් කියන ආකාරයට ක්‍රීඩා කළොත් ඊට වඩා වැඩි මුදලක් උපයාගත හැකි බවත් මෙම පුද්ගලයා ධම්මික ප්‍රසාද් නැමැති ක්‍රීඩකයාට යෝජනා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සැකකාර සචිත්‍ර සේනානායක නමැති ක්‍රීඩකයා ද මැදිහත් වී ධම්මික ප්‍රසාද් නමැති ක්‍රීඩකයාට දුරකථන ඇමතුම් 12ක් පමණ ලබා දී බලපෑම් කර තිබෙනවා. පසුව “ෂහීඩ්” නමැති පුද්ගලයකු තරිඳු රත්නායක නමැති ක්‍රීඩකයාට විදේශයක සිට දුරකථනයෙන් කතා කර තිබෙනවා. එවිට තරිඳු රත්නායක එම පුද්ගලයාගේ දුරකථන අංකය අවහිර කර තිබෙනවා. එවිට තරිඳු රත්නායකට කතා කළ මෙම සැකකාර ක්‍රීඩකයා අදාළ දුරකථන අංකය අවහිර කළේ ඇයි දැයි ප්‍රශ්න කර තිබෙනවා. ඒ වගේම ෂහිඩ් නැමැත්තා දුරකථන ඇමතුමක් ලබා දීම පිළිබඳව ක්‍රීඩා විමර්ශන ඒකකයට පැමිණිලි නොකරන ලෙසත් ඉල්ලීම් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තරිඳු රත්නායක නමැති ක්‍රීඩකයාට වැඩිදුර දෝෂාරෝපණ එල්ල කළ සැකකරු “උඹලට උදව්වක් කරන්න ගියාම උඹලා පණ්ඩිත වෙනවා. මේ නම්බර් එක දෙන්න එපා. ඕක මකා දාන්න” යනුවෙන් බලපෑම් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. මෙම ස්ටැබී සහ ෂහීඩ් යන විදේශීය පුද්ගලයන් දෙදෙනා බුකීකරුවන් බව විමර්ශකයන් විශ්වාස කරයි.

එස්. ජේ. ප්‍රියකාන්ත

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

5 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

4 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

7 days ago
Related News
ක්‍රී​ඩා

වසර 16කට පසුව ශ්‍රී ලංකාවට පූනායි කණ්ඩායමට එරෙහිව පාපන්දු ජයක්

ක්‍රී​ඩා

ජාතික රයිෆල් සංගමයේ පරිපාලනය නාවික හමුදාවෙන් ගුවන් හමුදාවට

ක්‍රී​ඩා

චන්දික හා ශානිකා මධ්‍යම පළාත් ඇවිදීමේ තරගය ජයගනී

ක්‍රී​ඩා

ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ ටෙස්ට් සංචිතය

ක්‍රී​ඩා

‘හෝම් ලෑන්ඩ්’ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදානය 09 වැනිදා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok