Friday, 6 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 6 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

2 days ago
3956 Views

අධි චෝදනා හයකට වරදකරු වුණ ගුරුවරියට හා සැමියාට බරපතළ වැඩ ඇතිව වසර 45ක සිරදඬුවම්

සිය පාසලේ ඉගෙනුම ලබමින් සිටි බාලවයස්කාර සිසුවියක් නිවසට කැඳවාගෙන පැමිණ සැමියාගේ ඉල්ලීම පරිදි තමන් ඉදිරිපිටදීම ඇයව දූෂණය කිරීමට ඉඩදීමෙන් රංචු ගැසී ස්ත්‍රියක දූෂණය කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම හා එකී දැරිය බරපතළ ලිංගික අපයෝජනය කිරීම ඇතුලු අධි චෝදනා හයකට වරදකරුවන් කළ පාසල් ගුරුවරියකට හා ඇගේ සැමියාට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා බරපතළ වැඩ සහිත වසර 45 බැගින් වූ සිරදඬුවම් නියම කළේය.

චෝදනා තුනකට වෙන් වෙන්ව නියම කළ එකී සිරදඬුවම් කාලය එකවර එනම් වසර 15කින් ගෙවී යන ලෙසට ලබාදීමට නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන් දෙදෙනාට රුපියල් තිස්දහස බැගින්වූ දඩයක්ද නියම කළේය. එයට අමතරව 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත ප්‍රකාරව විත්තිකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 15 බැගින් වූ වන්දියක්, අගතියට පත් කාන්තාවටත් ගෙවිය යුතු බවටද නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන් දෙදෙනා එකී වන්දියෙන් රුපියල් ලක්ෂ 5 බැගින් ගෙවීම ප්‍රමාණවන් බවද නියෝගයක් පනවනු ලැබීය.

විත්තිකරුවන් සිදුකර ඇත්තේ සමස්ත සමාජයටම පිළිකුල් කරන ඉතා බරපතළ වැරැදි වන බැවින් ව්‍යවස්ථාදායකය පනවා ඇති උපරිම දඬුවම නියම කරන ලෙස රජයේ අධිනීතිඥ නිරෝධ ද සිල්වා මහතා සමග නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ කේෂානි විජේසිංහ මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

පළමු විත්තිකරුගේ බාල සොහොයුරෙකු එම තරුණියගේ භාරකාරත්වය භාර ගැනීමට ඉදිරිපත් විය. එකී අපරාධය සිදුකරන විට වයස අවුරුදු 37ක් සහ 35ත් අතර වයසේ පසුවූ විත්තිකාර යුවළ රත්මලාන ප්‍රදේශයේ සිය නිවසට ඉතා දුර බැහැර ප්‍රදේශයක පදිංචිව සිට එම පාසල් සිසුවිය කැඳවාගෙන විත් ඇති බවත්, පළවන විත්තිකාරිය දැරියගේ ඇඳුම් ගළවා දමා සැමියා ඇයව දූෂණය කරන තෙක් ඇගේ අත්වලින් අල්ලා සිරකරගෙන සිට ඇති බවත්, සාක්‍ෂි මගින් අනාවරණය කරගෙන තිබිණ. එකී අපරාධය සිදු කිරීමෙන් පසුව දැරියට බලා සිටින්නට යැයි නියෝග කොට විත්තිකරුවන් අඹුසැමියන් ලෙස හැසිරී ඇති බවත් අනාවරණය වී තිබිණ.

පැමිණිල්ලේ සාක්‍ෂි විභාගයෙන් අනතුරුව විත්තියේ සාක්‍ෂි විභාගය පැවැත්වීමට අධිකරණය තීරණය කළ පසු එවකට වසර 4ක දැරියක්ව සිටි විත්තිකරුගේ බාල දියණියද විත්තියේ සාක්‍ෂිකාරියක ලෙස කැඳවීමට විත්තිය පියවර ගෙන තිබිණ.

නිලන්ත රත්නායක හෙවත් නිලංග හා සුජිවනී ප්‍රියදර්ශනී මහවත්ත නමැති විත්තිකරුවන් සම්බන්ධයෙන් ලැබූණු පැමිණිලි අනුව ජාතික ළමාරක්‍ෂණ අධිකාරිය විසින් සිදුකළ විමර්ශන උද්ධෘත අනුව නීතිපතිවරයා විසින් මෙයට වසර 13කට පමණ පෙර සිදුවූ මෙම අපරාධයට එරෙහිව නඩු පවරා තිබිණ.
ඒ. ජේ. ඒ. අබේනායක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

3 days ago

බල්තසාර් වැඩට

6 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

6 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

6 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

5 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

ප්‍රාදේශීය පුවත්

පෞද්ගලික බස් හිමියෙක් ලංගම රියැදුරකුට යකඩ පොල්ලකින් ගහලා

ප්‍රාදේශීය පුවත්

අයහපත් කාලගුණයෙන් වයඹ මුහුදු තීරයේ ධීවර තොටුපළ රැසක් විනාශයි

ප්‍රාදේශීය පුවත්

ශීතාගාර පහසුකම් දෙන්න – ගාල්ල ධීවරයෝ ඉල්ලති

ප්‍රාදේශීය පුවත්

රජයටම බරක් නොවී හැඩවුණු රජයේ ආයුර්වේද රෝහලක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok