Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: චන්දික හා ශානිකා මධ්‍යම පළාත් ඇවිදීමේ තරගය ජයගනී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: චන්දික හා ශානිකා මධ්‍යම පළාත් ඇවිදීමේ තරගය ජයගනී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

චන්දික හා ශානිකා මධ්‍යම පළාත් ඇවිදීමේ තරගය ජයගනී

13 hours ago
98 Views

49වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ තෙවන අදියර ලෙස පැවත්වෙන මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ තරගාවලියේ පිරිමි අංශයේ ජය හිමිකර ගැනීමට මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ ජී. එස්. චන්දික සමත් වූ අතර කාන්තා අංශයේ ජය මහනුවර දිස්ත්‍රික්කයේ කේ. ජී. ජී. ශානිකා අබේතිස්ස විසින් හිමිකර ගන්නා ලදී.

ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා මධ්‍යම පළාත් කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් පැවති මෙම තරගයේ පිරිමි අංශයේ දෙවන ස්ථානය මහනුවර දිස්ත්‍රික්කයේ ආර්. ජී. ජේ. එන්. නාරම්පනාව හා තෙවන ස්ථානය මහනුවර දිස්ත්‍රික්කයේ කේ. කේ. ජී. සහන් උදාන හිමිකර ගැනීමට සමත් වූ අතර, තරගාවලියේ කාන්තා අංශයේ දෙවන හා තෙවන ස්ථානයන් පිළිවෙලින් මහනුවර දිස්ත්‍රික්කයේ බී. එම්. ඩී. යූ. කේ. ප්‍රනාන්දු හා ඩබ්. එම්. ටී. ටී. වීරසුන්දර හිමිකර ගැනීමට සමත් විය.

මෙම තරගාවලියේ දී මහනුවර, මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් කාන්තා හා පිරිමි ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් එක්ව සිටි අතර, ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා පිරිමි අංශයෙන් ක්‍රීඩකයන් 10 දෙනකු හා කාන්තා අංශයෙන් ක්‍රීඩිකාවන් 06 දෙනකු සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආර්. යූ. නිශාන්ත මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ සම්බන්ධිකරණ කටයුතු මාතලේ දිස්ත්‍රික් මලල ක්‍රීඩා පුහුණුකරු විශාකා මල්ලව හා යටිනුවර ක්‍රීඩා නිලධාරි ටෙරන්ස් බණ්ඩාර වීරකෝන් විසින් සිදු කරන ලදී.

මෙම තරගය පසුගියදා මහනුවර පැණිදෙනියේ දී පැවැත් වූ අතර මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ මූලස්ථාන දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී ලක්ෂ්මන් විජේසේකර, මාතලේ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

බල්තසාර් වැඩට

7 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

7 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

7 days ago
Related News
ක්‍රී​ඩා

වසර 16කට පසුව ශ්‍රී ලංකාවට පූනායි කණ්ඩායමට එරෙහිව පාපන්දු ජයක්

ක්‍රී​ඩා

ජාතික රයිෆල් සංගමයේ පරිපාලනය නාවික හමුදාවෙන් ගුවන් හමුදාවට

ක්‍රී​ඩා

ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ ටෙස්ට් සංචිතය

ක්‍රී​ඩා

‘හෝම් ලෑන්ඩ්’ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදානය 09 වැනිදා

ක්‍රී​ඩා

සචිත්‍රට නඩු

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok