Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: වසර 09කට පසු රෝයල් චැලේන්ජ් බැංගලෝර් අවසන් සටනට එයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: වසර 09කට පසු රෝයල් චැලේන්ජ් බැංගලෝර් අවසන් සටනට එයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
Ad image
ක්‍රී​ඩා

වසර 09කට පසු රෝයල් චැලේන්ජ් බැංගලෝර් අවසන් සටනට එයි

4 days ago
307 Views

සුයාෂ් ශර්මාගේ සහ ජොස් හේසල්වුඩ්ගේ සුපිරි පන්දු යැවීමත්, ජන්ජාබ් කිංග්ස් පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණයත් හේතුවෙන් වසර 9කට පසු අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබාගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට හැකියාව ලැබිණි. ඒ මෙවර අයි.පී.එල්. තරගාවලියේ අවසන් වටයේ පළමු තරගයේදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමිනි.

පෙරේදා (29 දා) මහරාජා යදවින්ද්‍රා සිංග් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්ඩායමේ ඇරයුමින් යුතුව පළමුව පන්දුවට පහර දුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට රෝයල් චැලේන්ජර්ස් පන්දු බළඇණියේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් ලබාගැනීමට හැකියාව ලැබුණේ පන්දු වාර 14යි පන්දු 1ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 101කට සීමා කරමින් තරගයේ ජය මාවත විවර කර ගැනීමට සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 102ක පහසු ඉලක්කයක් හඹාගිය රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දු වාර 10කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 106ක් ලබාගනිමින් තරගයේ ජය ලබාගත්තේ වසර 09කට පසුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියක අවසන් මහා තරගයක සිය ස්ථානය වෙන්කර ගනිමිනි.

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අයි.පී.එල්. අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබාගත් සිව්වන අවස්ථාව මෙය වන අතර මීට පෙර ඔවුන් 2016, 2011 සහ 2009 වසරේදී ද අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබිණි. කෙසේ වුවද මේ වන තෙක් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට අයි.පී.එල්. ශූරතාවයක් දිනාගැනීමට නොහැකි වීමද කැපී පෙණෙන සිදුවීමකි.

ඒ අනුව දෙවැනි අවසන් පූර්ව තරගය වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමග ජුනි මස 01 වැනිදා පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තරග වදින අතර, එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම ජුනි මස 03 වැනිදා පැවැත්වීමට නියමිත අවසනා මහා තරගයේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ප්‍රතිවාදීන් ලෙස අවසාන මහා තරගයට පිවිසෙනවා ඇත.

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී මාර්කස් ස්ටොයිනස් ලකුණු 26ක්, ප්‍රභාෂිමරන් සිංග් ලකුණු 18ක් සහ අෂ්මතුල්හ් ඔමරසායි ලකුණු 18ක් ලැබීය.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සුයාෂ් ශර්මා ලකුණු 17කට කඩුලු 3ක්, ජොස් හේසල්වුඩ් ලකුණු 21කට කඩුලු 3ක්, යෂ් ඩයල් ලකුණු 26කට කඩුලු 2ක්, රොමාරියෝ ශෙෆර්ඩ් ලකුණු 5කට 1 කඩුල්ලක් සහ බුවනේෂ්වරන් කුමාර් ලකුණු 17කට 1 කඩුල්ලක් බිඳහෙළීය.

රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ෆිල් සාල්ට් පන්දු 27කට මුහුණදෙමින් හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 56ක් ලබාගැනීමට සමත්වූ අතර, ඊට අමතරව මායාන්ක් අගරවාල් ලකුණු 19ක්, රාජාට් පතිදර් නොදැවී ලකුණු 15ක් සහ විරාත් කෝලි ලකුණු 12ක් ලැබීය.

පන්දු යැවීමේදී කිලී ජේමිසන් ලකුණු 27කට 1 කඩුල්ලක් සහ මුෂිර් ඛාන් ලකුණු 27කට 1 කඩුල්ලක් දවාලීය.

තරගයේ වීරයා ලෙස ලකුණු 17කට කඩුලු 3ක් බිඳහෙලූ සුයාෂ් ශර්මා සම්මාන ලැබීය.

සිසිර ඉන්ද්‍රජිත්

සංස්කරණය – සුසිල් ජයකොඩි

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

3 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

3 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

3 days ago

සිකුරු කුජගේ නිවසට

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

2 days ago
Related News
ක්‍රී​ඩා

ෂෙයාර්ස් අයියර් මහේලලාගේ මුම්බායි එළවයි

ක්‍රී​ඩා

පන්ජාබ් බැංගලෝර් අවසන් සටන අද

ක්‍රී​ඩා

ලෝකඩ පදක්කම් 03 ක් දිනූ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දිවයිනට

ක්‍රී​ඩා

ජෝ රූට්ගේ නොදැවුණු ඉනිම එංගලන්තයට ජය ගෙනෙයි

ක්‍රී​ඩා

මැක්ස්වෙල් එක්දින පිටියෙන් යයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok