Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: ට්‍රම්ප් සිය තීරුබදු වැඩපිළිවෙළට එරෙහිව ලබා දුන් අධිකරණ නියෝගය අභියාචනයකින් නවතයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: ට්‍රම්ප් සිය තීරුබදු වැඩපිළිවෙළට එරෙහිව ලබා දුන් අධිකරණ නියෝගය අභියාචනයකින් නවතයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
Ad image
විදෙස්

ට්‍රම්ප් සිය තීරුබදු වැඩපිළිවෙළට එරෙහිව ලබා දුන් අධිකරණ නියෝගය අභියාචනයකින් නවතයි

4 days ago
260 Views

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉකුත් අප්‍රේල් 02 වැනිදා සිට ලොව පුරා සෑම රටකටම පාහේ අදාළ වන පරිදි හඳුන්වා දුන් අධික තීරුබදු වැඩපිළිවෙළ අවහිර කරමින් මැන්හැටන් ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් ලබා දුන් තීන්දුව ක්‍රියාත්මක වීම අභියාචනයක් හරහා තාවකාලිකව නතර කරගැනීමට ඇමරිකානු රජය විසින් පියවර ගෙන තිබේ.

ජනාධිපති ට්‍රම්ප්ගේ රජය විසින් මැන්හැටන් අධිකරණය විසින් ලබාදී තිබෙන අධික තීරුබදු වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම නතර කිරීමේ නියෝගය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අභියාචනයක් හරහා අදාළ නියෝගය ක්‍රියාත්මක වීම නවත්වා ඇති බව වාර්තා වේ. මේ අනුව ට්‍රම්ප් රජයේ අභියාචනය විභාග කර අවසන් වන තෙක් අධික තීරුබදු අය කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අහියාචනාධිකරණය විසින් ට්‍රම්ප් හට අවස්ථාව ලබා දී ඇති බව වාර්තා වේ. ට්‍රම්ප් රජයේ අභියාචනය පිළිගත් ඇමරිකානු අභියාචනාධිකරණය එම අභියාචනය විභාග කරන තෙක් ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් ලබා දී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

අභියාචනාධිකරණයේදී සිය අභියාචනය පරාජය වුවහොත් තමන් එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යන බව ඇමරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ. ඉකුත් බදාදා ට්‍රම්ප් රජයේ අධික තීරුබදු වැඩපිළිවෙළට එරෙහිව මැන්හැටන් ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් නියෝගයක් ලබා දී ඇත්තේ එම තීරුබදු වැඩපිළිවෙළ ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර ඇත්තේ සිය අධිකාරි බලය ඉක්මවා යමින් බවට එම වැඩපිළිවෙළට එරෙහිව පවරා තිබූ නඩු ගණනාවකින්ම තර්ක කර තිබූ නිසාය. ජාත්‍යන්තර වෙළඳ අධිකරණයේ නියෝගය නිකුත් වී විනාඩි කිහිපයක් ගතවීමෙන් පසු එයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීමට ට්‍රම්ප් රජය විසින් පියවර ගෙන තිබිණි. ට්‍රම්ප් රජය විසින් වහාම ජාත්‍යන්තර වෙළඳ අධිකරණයේ තීන්දුවට එරෙහිව හදිසි සහනයක් ඉල්ලා අභියාචනයක් ඉදිරිපත් කරන ලද්දේ අධිකරණ තීන්දුවෙන් ඇති විය හැකි යළි ආපස්සට හැරවිය නොහැකි ජාතික ආරක්ෂාවට හා ආර්ථිකයට හානි සිදුවීමේ අවදානම වළක්වාගැනීම සඳහා බව ධවල මන්දිරයේ නිලධාරීහු පවසා තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවීට් පවසා ඇත්තේ ජාත්‍යන්තර වෙළඳ අධිකරණයේ විනිසුරුවරුන් ජනාධිපති ට්‍රම්ප්ගේ

අධිකාරී බලය පැහැරගැනීම සඳහා ඔවුන්ගේ අධිකරණ බලය නිර්ලජ්ජි ලෙස අපයෝජනය කර ඇති බවත් එය අධිකරණයේ සීමාව ඉක්මවා යාමක් බවයි. අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තත්ත්වයට තිත තැබිය යුතු බව ඇය පවසා තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

3 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

3 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

3 days ago

සිකුරු කුජගේ නිවසට

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

2 days ago
Related News
විදෙස්

යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරවලින් රුසියානු යුද ගුවන් යානා 40ක් විනාශයි

ප්‍රධාන පුවත් විදෙස්

තායි රජුගේ පිටුවහල් කළ පුත්‍රයා බැංකොක් නුවරදී පැවිදි දිවියට….

විදෙස්

ඇමරිකාවේ සාමකාමී පා ගමනකට එල්ල වූ ප්‍රහාරයකින් 8කට තුවාල

විදෙස්

ගෝලීය කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 10ක් නව කොවිඩ් ප්‍රභේදයට ගොදුරුවෙලා

විදෙස්

ඉන්දියාවේ සිකීම් ප්‍රාන්තයේ ජලගැලීම් හා නායයෑම්වලින් 34ක් මරුට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok