Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: ඇමෙරිකානු අධිකරණයක් ට්‍රම්ප්ගේ අධික තීරු බදු වැඩපිළිවෙළ අවහිර කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: ඇමෙරිකානු අධිකරණයක් ට්‍රම්ප්ගේ අධික තීරු බදු වැඩපිළිවෙළ අවහිර කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
Ad image
විදෙස්

ඇමෙරිකානු අධිකරණයක් ට්‍රම්ප්ගේ අධික තීරු බදු වැඩපිළිවෙළ අවහිර කරයි

5 days ago
152 Views

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉකුත් අප්‍රේල් මස 02 වැනිදා ලොව පුරා සියලු රටවලට බලපාන අයුරින් පනවනු ලැබූ අධික තීරුබදු ක්‍රියාත්මක කිරීම අවහිර කරමින් නියෝගයක් නිකුත් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ මෑන්හැටන් ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් ඊයේ (29දා) පියවර ගෙන තිබේ. අදාළ අධිකරණ නියෝගය හරහා වෙන් වශයෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් චීනය, මෙක්සිකෝව හා කැනඩාව යන රටවලට එරෙහිව පනවා තිබූ අධික විශේෂ තීරුබදු ක්‍රියාත්මක කිරීමද අවහිර කර තිබේ. මෑන්හැටන් අධිකරණයේ තිදෙනකුගෙන් යුතු විනිසුරු මඬුල්ලක් විසින් අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ එම අධිකරණයේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අධික තීරු බදු පැනවීමේ වැඩපිළිවෙළට එරෙහිව පවරා තිබූ නඩු ගණනාවකින් අදාළ තීරු බදුවල වලංගුභාවය ප්‍රශ්න කිරීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය පවසයි.

මැන්හැටන් හි අන්තර්ජාතික වෙළඳ අධිකරණයේ ට්‍රම්ප්ගේ අධික තීරු බදුවලට එරෙහිව පනවා ඇති නඩුවලින් තර්ක කර ඇත්තේ ට්‍රම්ප් ජනාධිපතිවරයා ලොව සෑම රටකටම බලපාන පරිදි හදිසි බලතල නීතිය යොදාගෙන අධික තීරුබදු පැනවීමෙන් සිය අධිකාරිය ඉක්මවා ගොස් ඇති අතර එමගින් ඇමෙරිකාවේ වෙළඳ ප්‍රතිපත්තිය ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි, හැසිරවීමට උත්සාහ දරා ඇති බවයි. කෙසේ වුවද මැන්හැටන් ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් සිය අධික තීරුබදු වැඩපිළිවෙළ අවහිර කරමින් ලබාදී ඇති තීන්දුව ප්‍රකාශයට පත් වී විනාඩි කිහිපයක් ගත වූ පසු ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. අධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් අභියාචනයක් ඉදිරිපත් කර ඇති ට්‍රම්ප් ජනාධිපතිවරයා රටේ ජාතික වශයෙන් හදිසි අවස්ථාවක “එයට නිසි ලෙස විසඳුම් ලබාදීම තීරණය කිරීම තේරීපත් නොවූ විනිසුරුවරුන්ගේ කාර්යයක් නොවන බව පවසා තිබේ. මේ අතර ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අධික තීරුබදු වැඩපිළිවෙළට එරෙහිව ලබාදී ඇති තීන්දුවට අනුව අදාළ තීරුබදු ක්‍රියාත්මක කිරීම නතර කිරීම සඳහා ධවල මන්දිරයට දින 10ක කාලයක් ලබාදී තිබේ. දේශපාලන විචාරකයන්ට අනුව මෙම අධිකරණ තීන්දුව ජනාධිපති ට්‍රම්ප්ගේ ආර්ථික වැඩපිළිවෙළට එල්ල වූ පහරකි. ලොව සෑම රටකම පාහේ මූල්‍ය වෙළෙඳපොළවල් කඩා වට්ටවමින් ඉකුත් අප්‍රේල් 02 වැනිදා ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් හඳුන්වා දුන් අධික තීරුබදු ප්‍රතිපත්තිය බොහෝ රටවල විවේචනයට ලක්ව තිබිණි. මේ අතර ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරුබදු වැඩපිළිවෙළට එරෙහිව ලබාදී තිබෙන අධිකරණ තීන්දුව හේතුවෙන් ඊයේ දිනයේ ඔස්ටේ්‍රලියාව, නවසීලන්තය, මැලේසියාව, තායිලන්තය ඇතුළු ආසියා හා ශාන්තිකර කලාපීය රටවල මුදල් ඒකකයන් ඇමෙරිකානු ඩොලරයට එරෙහිව කඩා වැටී ඇති බව වාර්තා වේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

3 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

3 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

3 days ago

සිකුරු කුජගේ නිවසට

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

2 days ago
Related News
විදෙස්

යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරවලින් රුසියානු යුද ගුවන් යානා 40ක් විනාශයි

ප්‍රධාන පුවත් විදෙස්

තායි රජුගේ පිටුවහල් කළ පුත්‍රයා බැංකොක් නුවරදී පැවිදි දිවියට….

විදෙස්

ඇමරිකාවේ සාමකාමී පා ගමනකට එල්ල වූ ප්‍රහාරයකින් 8කට තුවාල

විදෙස්

ගෝලීය කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 10ක් නව කොවිඩ් ප්‍රභේදයට ගොදුරුවෙලා

විදෙස්

ඉන්දියාවේ සිකීම් ප්‍රාන්තයේ ජලගැලීම් හා නායයෑම්වලින් 34ක් මරුට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok