Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සිඟිති දියණිය උකුලට පැනීමෙන් මව පැදවූ කාරය වාහන තුනක ගැටී අයෙක් මරුට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සිඟිති දියණිය උකුලට පැනීමෙන් මව පැදවූ කාරය වාහන තුනක ගැටී අයෙක් මරුට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

සිඟිති දියණිය උකුලට පැනීමෙන් මව පැදවූ කාරය වාහන තුනක ගැටී අයෙක් මරුට

19 hours ago
1081 Views

දෙදෙනකුට තුවාල

මෝටර් රථයක් පදවමින් සිටි කාන්තාවගේ උකුලට දෙහැවිරිදි සිඟිති දියණිය පැනීමෙන් පාලනයෙන් මිදී ත්‍රිරෝද රථයක සහ කුඩා ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් අයෙකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇති බව වාද්දුව පොලිසිය සඳහන් කරයි.

මෝටර් රථය පැදවූ කාන්තාව සිය දෙහැවිරිදි දියණිය සමග දේවස්ථානයට ගොස් දියණිය පසුපස අසුනේ හිඳුවා ගෙන නිවසට යෑම සඳහා කළුතර දෙස සිට පානදුර දෙසට ගමන්කර ඇති අතර, වාද්දුව තල්පිටිය ප්‍රදේශයේදී දැරිය රියැදුරු අසුනට පැන ඇති බවත් ඒ අනුව රථය ඇයගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිව ඇති බව පොලිසිය කියයි. ඒ අනුව මාර්ගයේ නවතා තිබූ ත්‍රිරෝද රථයක ගැටී අසල ගමන් කරමින් සිටි පදිකයෙකුගේද ගැටී ත්‍රිරෝද රථය අසල නවතා තිබූ කුඩා ලොරි රථයකද ගැටී ඇති බව පරීක්ෂණ පවත්වන නිලධාරියෙක් කීය.

බරපතළ තුවාල ලබා සිටි තැනැත්තා පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඒ වන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. අනතුරෙන් මියගොස් ඇත්තේ පදිකයෙකු බවත් ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුව නොමැති බවත් පොලිසිය සඳහන් කරයි. මෝටර් රථය පැදවූ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක විතානගේ මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් කහටපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සැරයන් උපුල් කුමාර (41133) සහ කොස්තාපල් ඩී. ජනක (23120) පරීක්ෂණ පවත්වති.

වාද්දුව – සුමිත් පොතුපිටිය

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

3 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

4 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

3 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

ගවයා බැඳ සිටි කඹය ගෙලෙහි එතී ඇලයාපත්තුවේ නව හැවිරිදි දරුවා මරු දකී

ප්‍රාදේශීය පුවත්

වාද්දුවේ ගණිකා මධ්‍යස්ථාන දෙකක කතුන් 10 ක් දැලේසම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන

ප්‍රාදේශීය පුවත්

පිස්කල් මගින් භාරදීමට නියම කළ උසාවි නියෝගය පොලිසිය ගිහින් භාරදීලා

ප්‍රාදේශීය පුවත්

පවුල් ආරවුල ගිය දුරක් තුවක්කුවකින් වෙඩි තබා බිරිඳ ඝාතනය කළ සැමියා පළා යයි

ප්‍රාදේශීය පුවත්

අළුබෝමුල්ල ෆේස්බුක් සාදයේ 26ක් ගංජා හා හෑෂ් සමග කොටු

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok