පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් කැප්ප තුවක්කුවකින් වෙඩි තැබීමෙන් 14දා බිරිඳ මියගොස් ඇතැයි මැදගම පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මැදගම කැන්දවින්න කෝන්ගස්‌ලන්ද බලගස්ආර පදිංචි එම්.ජී. නිරෝෂා ප්‍රියදර්ශනී රාජපක්ෂ (අවුඃ38) නැමති විවාහක කාන්තාවකි. 14දා සවස අඹු සැමියන් දෙදෙනා ආරවුලක් ඇති කරගෙන ඇති අතර බිරිඳ නිවසෙන් පිටව ගොස් ඇත. බිරිඳ නිවසේ සිට මීටර් සියයක් පමණ ගමන් කරමින් සිටියදී පිටුපසින් පැමිණි සැමියා කැප්ප තුවක්කුවකින් ඇයට වෙඩි තබා තුවක්කුවද රැගෙන පළා ගොස් තිබේ. බලගස්ආර මාර්ගයේ කාන්තාවක් වෙඩි වැදී සිටින බවට 119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත මැදගම පොලිසිය ගොස් ඇයව මැදගම ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇතත් ඒවන විටත් ඇය
මියගොස් ඇත. මෙම කාන්තාව ගොවිතැන් කටයුතුවල නිරත වන අතර ඝාතනය සිදුකළ සැමියා වන සුනිල් දිසානායක නැමති සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මැදගම පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් දිසානායක මහතා පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක