වාද්දුව නගර මධ්‍යයේ සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා කාන්තාවන් දස දෙනෙකු සහ කළමණාකාර පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත්වූවන් අතර මොරටුව, ඇඹිලිපිටිය, රත්නපුර, ගාල්ල, බදුල්ල, වැල්ලවාය, පානදුර ඇතුළු ප්‍රදේශවල වයස අවුරුදු 20 ත් 50 ත් අතර කතුන් වන බව පොලිසිය කීය. පානදුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලද සෝදිසි වරෙන්තුවක් මත උපාය දූතයෙකු යොදවා කළ වැටලීමේන් පසු අවට සැඟව සිටි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක විතානගේ ඇතුළු පොලිස් කණ්ඩායම වැටලීම කර තිබේ.
ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්, තරුණයන් මෙන්ම වයෝවෘද්ධ පුද්ගලයන්ද එහි කාලයක පටන් සේවා ලබාගෙන ඇති බවට සිදු කළ මූලික පරීක්ෂණවලදී හෙළිව ඇති බව වැටලීමට එක්වූ නිලධාරියෙක් කීය. සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් දූෂණ මර්ධන අංශ නිලධාරීන් සහ කාන්තා කොස්තාපල්වරියන් දෙදෙනෙකු වැටලීමට එක්ව තිබේ.
වාද්දුව – සුමිත් පොතුපිටිය