සමස්ත ලංකා පාසල් කණ්ඩායම් බැඩ්මින්ටන් ශූරතාවලියේ 17න් පහළ බාලක ශූරතාවය හිමිකර ගැනීමට බදුල්ල මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම සමත් විය.
මෙම තරගාවලියේ D කාණ්ඩයෙන් තරග කරන ලද බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ වයස අවුරුදු 17න් පහළ බාලක කණ්ඩායම එම වයස් කාණ්ඩයෙන් විශිෂ්ට දක්ෂතා දක්වමින් ශූරතාවය දිනා ගන්නා ලදී.
ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය පසුගියදා බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන