Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: මාෂ්ගේ ඉනිම ලක්නව්ට ජය ගෙනෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: මාෂ්ගේ ඉනිම ලක්නව්ට ජය ගෙනෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

මාෂ්ගේ ඉනිම ලක්නව්ට ජය ගෙනෙයි

2 weeks ago
31 Views

ලක්නව් සුපර් ජෙන්ට්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන මිචෙල් මාෂ්ගේ විශිෂ්ට ඉනිමත්, විල් ඔරෝකි ගේ කැපී පෙණෙන පන්දු යැවීමත් හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 64වන තරගය ලෙස පැවැති ලක්නව් සුපර් ජෙන්ට්ස් කණ්ඩායම සහ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට අංක 01 ස්ථානයේ රැඳී සිටින ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 33ක විශිෂ්ට ජයක් ලැබීමට ලක්නව් සුපර් ජෙන්ට්ස් කණ්ඩායම සමත්විය.

ඊයේ (22 දා) අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ඇරයුමින් යුතුව පළමුව පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජෙන්ට්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 235ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත්විය.

ඒ අනුව ලකුණු 236ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ලබාගැනීමට හැකියාව ලැබුණේ නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 202ක් වීම හේතුවෙන් ලකුණු 33ක ජයක් ලක්නව් සුපර් ජෙන්ට්ස් කණ්ඩායමට හිමිවිය.

ලක්නව් සුපර් ජෙන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී දිනයේ විශිෂ්ට ඉනිම ක්‍රියාත්මක කළ මිචෙල් මාෂ් පන්දු 64කට මුහුණදෙමින් හයේ පහර 8ක් සහ හතරේ පහර 10ක් සමගින් ලකුණු 117ක් රැස්කර ගැනීමට සමත්විය. ඊට අමතරව නික්ලස් පූරන් නොදැවී ලකුණු 56ක් සහ ඒඩ්න් මාක්‍රම් ලකුණු 36ක් ලැබීය.

පන්දු යැවීමේදී සායි කිෂෝරී ලකුණු 34කට කඩුලු 1ක් සහ අර්ෂාඩ් ඛාන් ලකුණු 36කට 1 කඩුල්ලක් බිඳහෙළීය.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ශාරුක් ඛාන් ලකුණු 57ක්, ෂෙෆර්නි රදර්ෆඩ් ලකුණු 38ක්, ශුබ්මන් ගිල් ලකුණු 35ක් සහ ජොස් බට්ලර් ලකුණු 33ක් ලැබීය.

පන්දු යැවීමේදී විල් ඔරෝකි ලකුණු 27කට කඩුලු 3ක්, ආයුෂ් බදෝනි ලකුණු 4කට කඩුලු 2ක් සහ අවිෂ් ඛාන් ලකුණු 51කට කඩුලු 2ක් දවාලීය.

තරගයේ වීරයා ලෙස මිචෙල් මාෂ් සම්මාන ලැබීය.

සිසිර ඉන්ද්‍රජිත්

සංස්කරණය – සුසිල් ජයකොඩි

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
ක්‍රී​ඩා

වසර 16කට පසුව ශ්‍රී ලංකාවට පූනායි කණ්ඩායමට එරෙහිව පාපන්දු ජයක්

ක්‍රී​ඩා

ජාතික රයිෆල් සංගමයේ පරිපාලනය නාවික හමුදාවෙන් ගුවන් හමුදාවට

ක්‍රී​ඩා

චන්දික හා ශානිකා මධ්‍යම පළාත් ඇවිදීමේ තරගය ජයගනී

ක්‍රී​ඩා

ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ ටෙස්ට් සංචිතය

ක්‍රී​ඩා

‘හෝම් ලෑන්ඩ්’ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදානය 09 වැනිදා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok