පසුගිය රජයේ හිටපු ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු විසින් ක්‍රීඩා පනත සංශෝධනය කරමින් නිකුත් කර තිබූ ගැසට් පත්‍රය බල රහිත කර වත්මන් ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා නැවත වරක් ක්‍රීඩා පනත සංශෝධනය කර තිබේ.
මෙම නව සංශෝධන අනුව හරින් ප්‍රනාන්දුගේ ගැසට්ටුවෙන් ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ට වසර ගණනක් නිලතල දැරීමට දී තිබූ ඉඩකඩ ඉවත් කර ප්‍රධාන නිලතලවල වසර අටක් කටයුතු කර තිබේ නම් යළි තරග කළ නොහැකි වන ලෙස නීතියක් පනවා තිබේ.
මෙම නීතිය නිසා වත්මන් ක්‍රිකට් විධායක සභාවේ වැඩි දෙනකුට ද යළි තරග කිරීමට හැකියාව ද නොහැකි වනවා ඇත.
තව ද 2025 නිලවරණය පවත්වා නොමැති ක්‍රීඩා සංගම් සියල්ලටම නව නීතිය අනුව නිලවරණ පැවැත්විය යුතු වීම ද විශේෂත්වයකි.