Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: නුගගහකිවුල කතගේ නිරුවත් මළ සිරුර ගල් ගුහාවක හිර කරලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: නුගගහකිවුල කතගේ නිරුවත් මළ සිරුර ගල් ගුහාවක හිර කරලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

නුගගහකිවුල කතගේ නිරුවත් මළ සිරුර ගල් ගුහාවක හිර කරලා

19 hours ago
486 Views

දූෂණ සිද්ධියට චෝදනා එල්ල වූ සුද්දාගේ පුතා ගැන සැකයක්

සැකකරු 2 වැනිදා සිට පලාගිහින්

දොඹගහවෙල, අලුත්ගෙදර, මිරිස්යාය පාර, නුගගහකිවුල පදිංචි 52 හැවිරිදි කාන්තාවකගේ නිරුවත් මළසිරුරක් 04 වැනිදා ගල්ගුහාවක තිබී දොඹගහවෙල පොලිසියට හමුවී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ රතුරාළ පුෂ්පා රංජනී නමැති අවිවාහක කාන්තාවකි.

ඇය මීට මාස 08කට පෙර ඇයගේ සහෝදරිය සමග විත් නුගගහකිවුල නිවසේ පදිංචිව සිට තිබේ.

මියගිය අයට මානසික රෝගයක් තිබී ඇති අතර ඇය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව සහෝදරිය වන නැගණිය ඇයගේ නිවාස පිහිටි සියඹලාණ්ඩුව මඩුගම සත්සර නිවසට ගොස් ඇත.

එසේ ගියත් සහෝදරියට දුරකථනයෙන් අමතා සුවදුක් නිතර විමසා තිබේ.

මැයි 31 ජුනි 01 සහ 02 සාහෝදරිය ඇයට දුරකථනයෙන් කතා කළත් දුරකථනය ක්‍රියා විරහිත තත්ත්වයේ තිබී ඇත.

පසුව ඇය ඇයගේ අනෙක් සහෝදරිය සමග නුගගහකිවුල නිවසට පැමිණ තිබේ.

නිවසේ ඉදිරිපස දොරඅගුළු දමා තිබුණත් පිටුපස දොර විවෘතව තිබී ඇත.

ඔවුන් දෙදෙනා නිවස තුළට ගොස් බැලීමේදී මරණකාරිය නිදාගන්නා කාමරයේ ඇඳේ කොට්ටය බිම තිබී ඇති අතර කාමරයේ ඇඳුම් ද බිම වැටී තිබෙනු දැක ඇත.

ඇය පිළිබඳව සොයා බලා තොරතුරක් සොයා ගැනීමට නොහැකිවූ බැවින් දොඹගහවෙල පොලිසියට පැමිණිලි කර තිබේ.

දොඹගහවෙල පොලිස් ස්ථානාධිපති (වැඩ බලන) එල්.එච්.එස්. සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන සිදුකර ඇති අතර ජූනි 04 වැනිදා ප්‍රදේශවාසීන් සමග එක්ව කළ සොයා බැලීමක දී නුගගහකිවුල කැලෑබද කඳු ප්‍රදේශයක ගල්ගුහාවක තිබී මියගිය අයගේ යැයි සැක කෙරෙන නිරුවත් මළසිරුර සොයාගෙන ඇත.

යම් පුද්ගලයකුගේ මැදිහත්වීමෙන් ගුහාවේ පිවිසුම ගල් සිරකර වසා දමා ඇති බවත් නිරීක්ෂණය වී තිබේ.

අතුරුදන් වූ කාන්තාව 2025 ජනවාරි මාසයේ දී බදුල්ලේ සුද්දා නමැත්තාගේ පුතා වන දොඹගහවෙල නුගගහකිවුල පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු විසින් දූෂණය කිරීම සම්බන්ධයෙන් නඩු කටයුත්තක් ද තිබේ.

ඔහු ජුනි 02 වැනිදා සිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

මොහු මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලිසිය සැකකරයි. සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. මෙම ඝාතනය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සියඹලාණ්ඩුව වැඩබලන මහෙස්ත්‍රාත් කසුන් හේරත් මහතා විසින් පවත්වන ලදී. පශ්චාත් මරණ පරීක්ෂණය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්. ඒ. සී. ලල්මාලී මහත්මිය විසින් පැවැත්වීමට නියමිතව තිබිණි.

මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත සියඹලාණ්ඩුව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී කුමාර කුලරත්න මහතාගේ මෙහෙයවීම යටතේ දොඹගහවෙල පොලිස් ස්ථානාධිපති (වැඩබලන) එල්.එච්.එස්. සිල්වා මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

දෙමටගොඩදී එක පෙළට ත්‍රිරෝද රථ හයක් ගිනිගනී

ප්‍රාදේශීය පුවත්

විපක්‍ෂයට බහුතරය හිමි දකුණේ සභා 15ක් කැඳවන්න දින දෙයි

ප්‍රාදේශීය පුවත්

මහියංගණ පොලිසියේ උ.පො. පරීක්ෂකවරයා විවේක කාමරයක් තුළ වෙඩි තියාගෙන

ප්‍රාදේශීය පුවත්

මෙම සැකකරු හඳුනනවාද

ප්‍රාදේශීය පුවත්

සිරුරු 18ක අස්ථි හමුවෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok