මහියංගණ පොලිස් ස්ථානයේ සේවයේ නියුතුව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් ඊයේ (06) දින උදෑසන 8.45ට පමණ, පොලිස් ස්ථානය තුළ, මහියංගණ සහකාර පොලිස් අධිකාරිවරයාගේ කාර්යාලය අසල ඳ ස්ථාපිත විවේක කාමරයක් තුළදී ටී. 56 ගිනි අවියකින් වෙඩි තබාගෙන මිය ගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 57ක් පමණ වන විවාහක දෙදරු නිලධාරියකු වන අත්තනායක මුදියන්සේලාගේ උපසේන අත්තනායක නමැත්තෙකි. ඔහු රංදෙණිගල පාර, මොරයාය, මිණිපේ යන ලිපිනයේ පදිංචි අයෙකි.
වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මිය ගිය නිලධාරිවරයා කලක පටන් රෝගී තත්ත්වයන් රැසකින් පීඩා විඳි අයකු බවට පැවසේ. කෙසේ නමුත් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මහියංගණ පොලිසිය විසින් සිදු කෙරේ. මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇත.
මහියංගණ – රංජිත් කරුණාවීර