විපක්ෂය විසින් බහුතර මන්ත්‍රීධුර සංඛ්‍යාවක් හිමිකරගෙන ඇති ගාල්ල මහ නගර සභාව ඇතුළු දකුණු පළාතේ පළාත් පාලන ආයතන 15ක් සඳහා පළමු රැස්වීම කැඳවනු ලබන දිනයන් හා වේලාවන් පිළිබඳ සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් දකුණු පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මැන්දිස් මහත්මිය විසින් නිකුත් කර ඇත.
මෙකී පළාත් පාලන ආයතනවල නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, උප සභාපති තෝරාපත්කර ගැනීමේ කාර්යය සඳහා පළමු රැස්වීම කැඳවා ඇත.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයට අයත් වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ පළමු රැස්වීම ජුනි මස 18 වැනි දින පෙරවරු 9.00ට වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වෙන අතර, නෙළුව ප්‍රාදේශීය සභා රැස්වීම ජුනි මස 17 වැනි දින පෙරවරු 10.00ට නෙළුව ප්‍රාදේශීය සභා ශාලාවේදී පැවැත්වේ. නාගොඩ ප්‍රාදේශීය සභා රැස්වීම ජුනි මස 30 වැනිදා පෙ.ව. 9.00ට නාගොඩ ප්‍රාදේශීය සභාවේ උඩුගම ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන අතර රජ්ගම ප්‍රාදේශීය සභා රැස්වීම ජුනි මස 20 වැනිදා ප.ව. 2.30ට රජ්ගම ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වේ. ගාල්ල මහ නගර සභා රැස්වීම ජුනි මස 20 වැනිදා පෙරවරු 9.00ට ගාල්ල මහ නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වෙයි. හික්කඩුව නගර සභා රැස්වීම ජුනි මස 18 වැනිදා ප.ව. 2.30ට හික්කඩුව නගර සභා ශාලාවේදී පැවැත්වෙන අතර බළපිටිය ප්‍රාදේශීය සභා රැස්වීම ජුනි මස 24 වැනිදා ප.ව. 2.30ට බළපිටිය ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී සහ බෙන්තොට ප්‍රාදේශීය සභා රැස්වීම ජුනි මස 24 වැනිදා පෙ.ව. 9.30ට හඹුරුගල පහළගම්හය උප කාර්යාලයේ රැස්වීම් ශාලාවේ දී පැවැත්වෙයි.
බද්දේගම ප්‍රාදේශීය සභා රැස්වීම ජුනි මස 30 වැනිදා ප.ව. 2.30ට බද්දේගම නගර ශාලාවේදී පැවැත්වෙයි.
මාතර දිස්ත්‍රික්කයට අයත් මුලටියන ප්‍රාදේශීය සභා රැස්වීම ජුනි මස 25 වැනිදා පෙ.ව. 10.00ට මුලටියන ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී සහ වැලිගම ප්‍රාදේශීය සභා රැස්වීම ජුනි මස 27දා පෙ.ව. 10.00ට වැලිගම ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වේ. වැලිගම නගර සභා රැස්වීම ජුනි මස 27 වැනිදා ප.ව. 2.30ට වැලිගම නගර සභාවේ රැස්වීම් ශාලාවේදී පැවැත්වේ.
කටුවන ප්‍රාදේශීය සභා රැස්වීම ජුනි මස 19 වැනිදා පෙ.ව. 10.00ට කටුවන ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේ සහ හම්බන්තොට මහ නගර සභා රැස්වීම ජුනි මස 23 වැනිදා පෙ.ව. 10.00ට හම්බන්තොට මහ නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වෙයි. තංගල්ල නගර සභාව ජුනි මස 26 වැනිදා පෙ.ව. 10.00ට තංගල්ල නගර සභා රැස්වීම් ශාලාවේ දී පැවැත්වේ.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල