Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ගංවතුර පාලනයට බැම්ම හදන්න රත්නපුරයේ පවුල් 2,000 ක් ඉවත් කර වෙන තැන්වලට යවන්න ඕනෑ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ගංවතුර පාලනයට බැම්ම හදන්න රත්නපුරයේ පවුල් 2,000 ක් ඉවත් කර වෙන තැන්වලට යවන්න ඕනෑ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

ගංවතුර පාලනයට බැම්ම හදන්න රත්නපුරයේ පවුල් 2,000 ක් ඉවත් කර වෙන තැන්වලට යවන්න ඕනෑ

5 days ago
419 Views

රත්නපුර වාරිමාර්ග ඉංජිනේරු
රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව:

රත්නපුරයට බෙහෙවින්ම බලපාන ගංවතුර උවදුර පාලනය කිරීම සඳහා වියළි බැම්මක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් එම ව්‍යාපෘතියේදී ගංවතුර අවදානමට ලක් නොවන පවුල් 2000ක් පමණ ඉවත් කර ඔවුන් වෙනත් ප්‍රදේශවල පදිංචි කරවීමට සිදුවන බවත් රත්නපුර වාරිමාර්ග ඉංජිනේරු ඩී. කේ. සම්පත් මහතා රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැවසීය.

කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශාන්ත පද්මකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ඔවුහු රැස් වූහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ වාරිමාර්ග ඉංජිනේරුවරයා කුඩා ජලාශ ඉදිකිරීම මගින් ගංවතුර පාලනය කිරීම නොහැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයකින් එය හෙළිදරවු වූ බවත් අවශ්‍ය වන්නේ වියළි බැම්මක් ඉදිකිරීම බවත් මෙය ලංකාවට අලුත් සංකල්පයක් බවත් හෙතෙම පැවසීය. ගංවතුර පාලනය කරගැනීම හැර මෙම බැම්මෙන් වෙනත් කාර්යයක් සිදුකිරීමට නොහැකිය.

එසේම වියළි බැම්ම ඉදිකිරීම සඳහා පමණක් ඩොලර් මිලියන 214ක් වැය වන බව දැනට ගණන් බලා ඇත. නමුත් එම මුදලට මිනිසුන් නැවත පදිංචි කිරීම සඳහා ගෙවිය යුතු වන්දිය ඇතුළත් කර නොමැති බවත් හෙතෙම පැවසීය.

ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාම කෝරලේ බෝක්කුව අසල සිදුවන අනවසර පතල් කැපීම වළක්වා ගැනීමට එම ස්ථානයට බලපත්‍ර ලබාදීම සුදුසු බවට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හමුවේදී කළ යෝජනාව සභාපති ශාන්ත පද්මකුමාර මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

සභාපතිවරයා එසේ තීරණය කළේ එම ස්ථානයේ පතල් කැපීමට බලපත්‍ර ලබා දුන්නොත් මෙම රක්ෂිතය විනාශ වන බවත් එසේම මෙම ස්ථානයේ ඇති පෞරාණික බව කෙලෙසෙන බව හා මැණික් ඉල්ලම තිබෙන බව කියන බෝක්කුව යට හෑරීම නිසා බෝක්කුව කඩා වැටීමට ඇති ඉඩකඩ වැඩි බවත් ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම්වරිය කමිටුව හමුවේ කරුණු දැක්වීම සැලකිල්ලට ගැනීමෙන් පසුවයි. රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ. ඒ. එස්. නිශාන්ත මහතා කමිටුව මෙහෙය විය.
රත්නපුර විශේෂ – දෑල බණ්ඩාර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

දෙමටගොඩදී එක පෙළට ත්‍රිරෝද රථ හයක් ගිනිගනී

ප්‍රාදේශීය පුවත්

විපක්‍ෂයට බහුතරය හිමි දකුණේ සභා 15ක් කැඳවන්න දින දෙයි

ප්‍රාදේශීය පුවත්

මහියංගණ පොලිසියේ උ.පො. පරීක්ෂකවරයා විවේක කාමරයක් තුළ වෙඩි තියාගෙන

ප්‍රාදේශීය පුවත්

මෙම සැකකරු හඳුනනවාද

ප්‍රාදේශීය පුවත්

සිරුරු 18ක අස්ථි හමුවෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok