අධි බලැති විදුලි රැහැන් කණුවක් කඩා වැටේ
ගස් සහ ගල් වැටී ගමනාගමනයට බාධා
විදුලිය නැතිව ජන ජීවිතය තවත් පීඩාවට
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික සුළං සමග ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගිනිගත්හේන නෝර්ටන්බි්‍රජ් ප්‍රධාන මාර්ගයට වෝට් 33000 අධි බලැති විදුලි රැහැන් සහිත කණුවක්, ගස් කඩා වැටී ගල් පර්වත කිහිපයක් ප්‍රධාන මාර්ගයට කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු 30 වැනිදා අලුයම 1:00 සිට ඇනහිට ඇති බව නෝර්ටන්බි්‍රජ් පොලිසිය පැවසීය.
එම මාර්ගයේ හුළං වංගුව ප්‍රදේශයට මෙම ගස් සහ විදුලි කණු කඩා වැටී ඇති බවත්, එම තත්ත්වය මත එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යළි යථා තත්ත්වයට පත් කරන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන හැටන් මාර්ගය ඔස්සේ ධාවනය කරවන ලෙස නෝර්ටන්බි්‍රජ් පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි. නෝර්ටන්බි්‍රජ් සිට ගිනිගත්හේන දක්වා ඇද ඇති අධි බලැති විදුලි රැහැන් පද්ධති කඩා වැටීම හේතුවෙන් නෝර්ටන්බි්‍රජ් සහ ගිනිගත්හේන යන ප්‍රදේශවලට විදුලි බලය සම්පූර්ණයෙන් ඇනහිට ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.
නුවරඑළිය – නාලක රත්නායක