Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොවිඩ් නව ප්‍රභේදය ලංකාවටත් රිංගයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොවිඩ් නව ප්‍රභේදය ලංකාවටත් රිංගයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

කොවිඩ් නව ප්‍රභේදය ලංකාවටත් රිංගයි

2 weeks ago
890 Views

ආසාදිතයන් වාර්තා වන බව වෛද්‍ය පර්යේෂණ ආයතනය කියයි

මේ දිනවල ආසියානු කලාපයේ ශීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින කොවිඩ් (Covi‍d) ප්‍රභේදය මෙරටින් හඳුනාගෙන ඇති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

කොවිඩ් ඔමික්‍රෝන් වෛරසයට අදාළ අනුප්‍රභේදයක් වන එල්.එෆ්. පොයින්ට් සෙවන් සහ එක්ස්.එෆ්.ජී. යන අනුප්‍රභේද ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට ඊයේ (01දා) පැවැසීය.

දිවයින පුරා පිහිටි රෝහල් කීපයකින් ලබාගත් ජෛව සාම්පල් වෛද්‍ය පර්යේෂණ අයතනයට ලබාගෙන සිදුකරන ලද පර්යේෂණවලින් මේ බව තහවුරු වී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ, විශේෂඥ වෛද්‍ය ජානකී අබේනායක ඇතුළු කණ්ඩායමක් විසින් මෙම පර්යේෂණ සිදුකර තිබේ.

කෙසේ වෙතත් මෙම කොවිඩ් වෛරසය අනුප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් මහජනතාව ඇති කරගත යුතු නොමැති බවද එම ප්‍රකාශකයා කීය.

එසේම ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යන සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඉතා වැදගත් බවද හෙතෙම කියා සිටියේය.

අප මේ ගැන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්තවේද සෛල වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතාගෙන් විමසූ විට කියා සිටියේ, අදාළ පර්යේෂණය බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් සිදුකර තිබෙන බවය.

කෙසේ වෙතත්, හැකි සෑම විටම ජනතාව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීම නුවණට හුරු බව මහාචාර්යවරයා කියා සිටියේය.

නව කොවිඩ් ප්‍රභේදය ගෝලීය වශයෙන් නැවත ඉහළ යමින් තිබෙන පසුබිමක මෙලෙස කටයුතු කිරීම වඩාත් සුදුසු බවද ඒ මහතා කීය.

නව ප්‍රභේදය ජනවාරි මාසයේදී මුල්වරට හඳුනා ගෙන ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධීක්ෂණ යටතේ මෙම ප්‍රභේදය පිළිබඳව අධ්‍යයනය කරමින් ඇති බවත් කියා සිටි ජීවන්දර මහතා මේ වනවිට මෙම නව ප්‍රභේදය රටවල් ගණනාවකින් හඳුනාගෙන ඇති බවත් කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

3 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

3 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

2 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

නෑනාගේ මළගෙදර ගොස් සුදු ඉරෙන් පාර පැන්න – දෙසොහොයුරියෝ ගෝනාපලදී සැප රියට බිලි වෙති

ප්‍රාදේශීය පුවත්

මුහුද මැද බෝට්ටුවක් පෙරළී ධීවරයෝ දෙදෙනෙක් අතුරුදහන්

ප්‍රාදේශීය පුවත්

පරීක්ෂා නොකර මුදාහැරිය බහාලුම් තුළ තිබූ තායිලන්ත බඩු ගැන විමර්ශනයක් ඉල්ලයි

ප්‍රාදේශීය පුවත්

කොළඹ පුරපති තෝරා පත් කරගැනීමේදී…

ප්‍රාදේශීය පුවත්

තණමල්විල පොලිසිය සීරුවෙන් හිටගනී – අනතුර මගහැරේ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok