විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල කල්ලි නායකයකු බව කියන කෙහෙල් බද්දර පද්මේ නමැත්තාට විදේශ ගමන් බලපත්‍ර සෑදීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනා ජුනි මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
මෙම නඩුකරය පෙරේදා (29 දා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද ජංගම දුරකථන හා පරිගණක රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස නියෝග කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක