ඉඩමේ පවතින පොල්ගස් 3ක් කපා ඉවත් කරගැනීම සඳහා යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාදුන් අයදුම්පත්‍රයට අත්සන යෙදීම සඳහා රුපියල් 4000ක් වටිනා පෙන් ඩ්‍රයිව් එකක් අල්ලස් වශයෙන් ලබාගත් ග්‍රාමසේවා නිලධාරියකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් පෙරේදා (29 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.
යාපනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් පසු සැකකාර ග්‍රාම නිලධාරිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම කියයි.
පැමිණිලිකරු එම ග්‍රාම නිලධාරියාට අල්ලස් වශයෙන් පෙන් ඩ්‍රයිව් එක ලබාදීම සඳහා ඔහුගේ ග්‍රාමනිලධාරි කාර්යාලයට ගිය අවස්ථාවේදී අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්