බලපිටිය මුහුදේදී ධීවර බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවී සිටි ධීවරයන් තිදෙනකු ගුවන් හමුදා බෙල් 412 හෙලිකොප්ටර් යානයක් මගින් ඊයේ (30දා) දහවල් බේරාගෙන ඇත.
එසේ බේරා ගත් ධීවරයන් තිදෙනා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.
අනතුරු ඇඟවීම් ගණනකට නොගෙන ඉතාම රළුවී තිබූ මුහුදේ ධීවර කර්මාන්තයේ නිරතවීමට ධීවරයන් තිදෙනෙක් රැගත් යාත්‍රාවක් ඊයේ දහවල් මුහුදු ගොස් ඇත.
බලපිටියේ සිට කිලෝමීටර් 2ක් දුරින් ගැඹුරු මුහුදේ දී මෙම ධීවර යාත්‍රාව අනතුරට ලක්වූ අතර නාවික හමුදාවට පවා එම ස්ථානයට ළඟාවීමට නොහැකි ලෙස මුහුද රළුවී තිබිණි.
මෙම ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් වහාම බේරා ගන්නා ලෙස ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා ගුවන් හමුදාවට නියෝග කර ඇත.
ඒ අනුව බෙල් 412 හෙලිකොප්ටරයෙන් ගුවන් හමුදා නිලධාරීන් වහාම ක්‍රියාත්මකවී එම ස්ථානය වෙත ගොස් මුහුදේ ගිලෙමින් සිටි ධීවරයන් තිදෙනා බේරාගෙන තිබිණි.
හේමන්ත රන්දුණු