Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: රටක් වටින සුරතල් සුදු ලොකු දෝණි – මාලිනීගේ පියා එදා කියූ කතාව…
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: රටක් වටින සුරතල් සුදු ලොකු දෝණි – මාලිනීගේ පියා එදා කියූ කතාව…
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

රටක් වටින සුරතල් සුදු ලොකු දෝණි – මාලිනීගේ පියා එදා කියූ කතාව…

2 weeks ago
59 Views

’මාලිනී ගැන මේ මොහොතේ වැඩියෙන්ම සතුටු වන්නේ මමයි. ඒ වගේම මටත් වඩා වැඩි සතුටක් ලබන්න ඕනෑ ඇගේ මවයි. මාලිනීට මේ තත්ත්වයට එන්න මටත් වඩා සහයෝගයක් දැක්වූයේ ඇයයි. අද මාලිනී ගැන දෙමවුපියන් වශයෙන් අප දෙදෙනාම ලබන්නේ උපරිම සතුටක්. පුංචි කාලේ මං මාලිනී ගැන නොසිතූ පැත්තකටයි ඇය යොමුවුණේ. ඒ දවස්වල අත ගසන හැම වැඩක්ම නොපසුබටව හැකි ඉහළම අයුරින් කිරීමේ හැකියාවත් ආශාවත් මාලිනී ළඟ තිබුණා. සසර චේතනා චිත්‍රපටයෙන් නිෂ්පාදක අධ්‍යක්ෂවරියක් වශයෙන් දොරට වඩින මේ අවස්ථාවත් ඇගේ නිදහස් සිතුම් පැතුම්වල ක්‍රියාශීලි ප්‍රතිඵලයක් වශයෙන් මා දකිනවා.

මගේ දරුවන් එකොළොස් දෙනොගෙන් වෙනසක් දුටු දරුවෙක් මාලනී. පුංචි කාලෙත් ඇය නංගිලා, මල්ලිලා, අයියලා අතරේ කැපීපෙනුණා. ඇය ස්වභාවයෙන්ම දඟකාරයි. ඒ වගේම හිතුවක්කාරයි. ඒ දඟකාරකම තුළින් ඉදිරියට ගිය ගමනක සාර්ථක පියවරක් අද මට දකින්න පිළිවන්.

මාලිනීගේ හැම ජයග්‍රහණයකදීම මමත් ඇය හා අපිරිමිත සතුටක් ලැබුවා. ඇගේ දුක් වේදනාවලදී මමත් ඇය හා දුක් වුණා. සිංහල සිනමාවේ අග්‍රගණ්‍ය නිළිය ලෙස කිරුළු පලන් මාලිනී ගේ ජය, සතුට, දුක, පැරදුම හමුවේ නොසෙල් වී නොවෙනස්ව සිටි මා අද පියකු වශයෙන් ඇගේ සිනමා ජීවිතය ගැන ඉමහත් ප්‍රීතියක් ලබනවා.‘

සර්නේලිස් ෆොන්සේකා
(තාත්තා)

අපේ පවුලේ හැමදෙයක්ම ඉටු වුණේ ඇගේ මහන්සිය මතින් – මාලිනීගේ මව එදා කියූදේ

මාලිනී මගේ තුන් වැනි දරුවායි. ඇයට වැඩිමහල් අයියලා දෙන්නෙක් ඉන්නවා. මාලිනී පවුලේ වැඩිමලා කියලා බොහෝ අය හිතනවා. මාලිනී ළඟට සිටින්නේත් මල්ලිලා දෙදෙනෙක්. මේ නිසා පිරිමි සහෝදරයන් අතරට මැදි වෙලා ඉපැදුණු මාලිනීත් හැදුණේ හරියට කොල්ලෙක් වගේ. පාසලේදී දුව ඉගෙන ගන්න හරිම දක්ෂයි. ඒ දවස්වල එයාගේ ආශාව තිබුණේ වෛද්‍යවරියක් වෙන්නයි.

කුඩා අවධියේම දරුවකුගේ හැසිරීම්, ක්‍රියාවන් දිහා බැලුවාම ඒ දරුවාගේ අනාගතය, ඉරණම පිළිබඳව සොඳුරු සිතුවිලි පහළ වන්නේ මවකට මිස අන් කිසිවකුට නොවේ. මමත් මාලිනී තරුණ වියේ පළ කළ අදහස් මතින් ඇය කවරදා හරි මේ වගේ තත්ත්වයකට ඒවි කියලා හිතාගෙන හැම සහයෝගයක්ම දුන්නා.

මාලිනී මට පුතුන් දහසකටත් වඩා අගෙයි. අපේ පවුලේ හැමදෙයක්ම ඉටු වුණේ ඇගේ මහන්සිය මතින්. දෙමව්පියන්ගෙන් දරුවන්ට ඉටු විය යුතු යුතුකම් පවා ඉටු කළේ මාලිනීයි. මට ගෑනු දරුවන් දීග දෙන්න දේපළ, දෑවැද්ද ප්‍රශ්නයක් වුණා. ඒ අපේ ආර්ථිකය උසස් තත්ත්වයක නොවූ නිසයි. ඔවුන්ගේ කන කර ආභරණ පවා අරන් දුන්නේ මාලිනී. පිරිමි සහෝදරයන්ගේ මඟුල් තුලාවලට අවශ්‍ය වියදම් පවා ඇය මගේ අතට ගෙනත්දී තිබෙනවා. බොහෝ අය සිතන්නේ මාලිනී ෆොන්සේකා කියන්නේ වතුපිටි, යාන වාහන, විශාල ව්‍යාපාර තියෙන ධනවත් නිළියක් කියලයි. ඇත්තෙන්ම ඇය ඉතුරු කළ දෙයක් නැහැ, තමන්ගේ සහෝදර සහෝදරියන්ට කළා මිසක්. තවමත් මාලිනීට කියලා ගෙයක් දොරක්වත් හදාගෙන නැහැ.

මාලිනී රඟපෑ චරිතාංග අතරින් ‘සහනය’, ‘සුසී’, ‘බඹරු ඇවිත්’ හා ‘සිරිපාල සහ රන්මැණිකා’ චිත්‍රපටවල රඟපෑම්වලට මං වඩාත් කැමතියි.

සීලවතී ෆොන්සේකා
(අම්මා)

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

දෙමටගොඩදී එක පෙළට ත්‍රිරෝද රථ හයක් ගිනිගනී

ප්‍රාදේශීය පුවත්

විපක්‍ෂයට බහුතරය හිමි දකුණේ සභා 15ක් කැඳවන්න දින දෙයි

ප්‍රාදේශීය පුවත්

මහියංගණ පොලිසියේ උ.පො. පරීක්ෂකවරයා විවේක කාමරයක් තුළ වෙඩි තියාගෙන

ප්‍රාදේශීය පුවත්

මෙම සැකකරු හඳුනනවාද

ප්‍රාදේශීය පුවත්

සිරුරු 18ක අස්ථි හමුවෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok