විදේශගතව සැඟවී සිටින පාතාල අපරාධකාරයන්ට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස්කර දී රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් උපයන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමක පුද්ගලයන් 07 දෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.
කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයාට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර 3ක් සකස්කර දුන් බව කියන ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු පසුගියදා අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම සංවිධානාත්මක කල්ලිය පිළිබඳ තොරතුරු හෙළිවී තිබිණි.
ඒ අනුව මෙම ආගමන විගමන නිලධාරීන් පිරිස ඇතුළු සංවිධානාත්මක කණ්ඩායම අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.
විදේශගතව සැඟවී සිටින පාතාල ප්‍රබලයන්ගේ ඡායාරූප ඇතුළු සියලු තොරතුරු වට්ස්ඇප් මාර්ගයෙන් ගෙන්වාගෙන ඔවුන්ට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කර මෙම සංවිධානාත්මක කල්ලිය ඒවා හොර රහසේ එම රටවලට යවා ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබිණි.
හේමන්ත රන්දුණු