Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හම්බන්තොටින් මාස 3ට වාහන 9,151ක් ඇවිල්ලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හම්බන්තොටින් මාස 3ට වාහන 9,151ක් ඇවිල්ලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

හම්බන්තොටින් මාස 3ට වාහන 9,151ක් ඇවිල්ලා

3 weeks ago
624 Views

වරායේ නිෂ්කාශන ධාරිතාවත් ඉහළට

වාහන නිෂ්කාශනය ප්‍රමාද වීම පිළිබඳ මෑත කාලීන පැමිණිලි සැලකිල්ලට ගනිමින්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) අවහිරතා අවම කිරීම සඳහා සියලු පියවර ගෙන ඇත.

2025 පෙබරවාරි මාසයේ සිට භාවිතා කළ සහ අලුත් වාහන 9,151කට වඩා වැඩි ප්‍රමාණයක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) හරහා මෙරටට පැමිණීම, HIP කෙරෙහි ඇති විශ්වසනීයත්වය පිළිබිඹු කරන්නක් මෙන්ම වරාය මෙහෙයුම් වෙත අභියෝගයක් ද විය. එයට ප්‍රතිචාර දක්වමින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය, අවහිරතා අවම කර වරායේ නිෂ්කාශන ක්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් කාර්යක්ෂම ක්‍රියාපටිපාටි මාලාවක් ක්‍රියාත්මක කර ඇත.

නව ක්‍රියාවලිය තුළින් රේගු විධිවිධාන නිසි පරිදි සම්පූර්ණ කර ඇති වාහන සඳහා අවශ්‍ය ලේඛන ඉදිරිපත් කර පැය 24ක් ඇතුළත නිෂ්කාශනය කිරීමේ පහසුකම සලසා තිබේ. හම්බන්තොට ජාත්‍යන්තර වරාය විසින් මුදාහරින ලද වාහන, වරාය ආශ්‍රිත ගෙවීම් අවසන් කිරීමටත් පෙර රේගු පරීක්ෂණයට ප්‍රවේශ කරවීමේ අවකාශය නව ක්‍රියාවලියේ විශේෂ අංගයකි. මෙම ක්‍රියාශ්‍රීලි පියවර සියලු ගෙවීම් සාමානන්තරව සිදුකිරීමේ පහසුව සලසමින් අනවශ්‍ය ප්‍රමාදයෙන් තොරව නිෂ්කාශන කටයුතු සිදුකිරීම සහතික කර තිබේ.

කාර්යක්ෂමතාව තවත් ඉහළ නැංවීම සඳහා වරායේ ලිපි කටයුතු මධ්‍යස්ථානය, සතියේ දිනවල පැය 20.30 දක්වාත් සෙනසුරාදා දිනවල පැය 13.00 දක්වා විවෘතව පවතී. එසේම වාහන හුවමාරුව සඳහා අවශ්‍ය වන (VSR) සම්පූර්ණ කිරීම වැනි සේවාවන් පිණිස, HIP හි පාරිභෝගික සේවා අංශය සෑම සතියේ දිනකම පැය 22.00 දක්වා විවෘතව පවතියි. මෙම ක්‍රියාවලිය තුළින් වාප්පු ලිපිකරුවන් සහ ආනයනකරුවන් හට තම ලිපි කටයුතු සැකසීම සඳහා අමතර කාලය මෙන්ම එදිනම

ගෙවීම් කටයුතු සම්පූර්ණ කිරීමේ ඉඩප්‍රස්තාව සැලසේ. එමෙන්ම ආනයනකරුවන්ට සහනයක් ලෙස දින 10ක ප්‍රමාද ගාස්තු රහිත කාලයක් (HIPG) විසින් ලබාදී ඇත. ඒ අනුව වරාය විසින් ප්‍රමාද ගාස්තු අය කරනු ලබන්නේ 11 වැනි දිනයේ සිටය

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

6 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

සබරගමුවේ චරිත්ගේ මරණයට හේතුව සරසවියේ නවක වධය

ප්‍රාදේශීය පුවත්

කොළඹ මංගල රැස්වීම ලබන 26 දා

ප්‍රාදේශීය පුවත්

එක් කෝටි විසි හය ලක්ෂයක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් ගෙනා ගුවන් මගීහු 06ක් දැලේ

ප්‍රාදේශීය පුවත්

ස.ජ.බ නම් ගැසට් කර නෑ නම් නැතිව සභාව නියෝජනය බෑ රුවන්වැල්ල ප්‍රා.ස. ලේකම් රසාංගික පතිරණ

ප්‍රාදේශීය පුවත්

කතරගමට පාද වන්දනාවේ එන බැතිමතුන්ට කුමන හා යාල වන උද්‍යානය අද සිට විවෘත වෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok