විදුලිය පාවිච්චි කරන්නෝ අද ලිපියක් භාර දෙති
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නියෝජ්‍ය ප්‍රධානි එවාන් පැපජියොජියො ඇතුළු පිරිස මේ වන විට රටේ විදුලිබල පනත පවා උල්ලංඝනය කරමින් අනවශ්‍ය ආකරයට විදුලි බිල වැඩි කිරීමට බලපෑම් කරමින් සිටින බවත් ඊට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ඇතුළු සිවිල් සංවිධාන අද (2 දා) දිනයේදී කොළඹ පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කාර්යාලයට ලිපියක් භාර දෙන බවත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ පැවසීය.
ස්වාධීන ආයතනයක් වන මහජන උපයෝගිතා කොමිසමට ශ්‍රී ලංකාවේ අයිඑම්එෆ් නියෝජිත පිරිස අනවශ්‍ය විදිහට බලපෑම් කරන බවත් එවැනි බලපෑම් ඇතිවන ආකාරයේ මාධ්‍ය නිවේදන පවා ඔවුන් විසින් නිකුත් කර ඇති බවත් සඳහන් කරන සංජීව ධම්මික මහතා ඊට එරෙහිව තම සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන අද (2 දා) දිනයේදී කොළඹ පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කාර්යාලයට ලිපියක් භාරදෙන බවත් සඳහන් කළේය.
‘රටේ ස්වෛරීත්වයට එරෙහිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරන බලපෑම්වලට එරෙහි ශ්‍රී ලංකා පුරවැසියන්ගේ විරෝධය’ යන ශීර්ෂ පාඨය යටතේ ප්‍රධාන කරුණු තුනක් ඔස්සේ මෙම ලිපියෙන් කරුණු ඉදිරිපත් කරන බවද හෙතෙම සඳහන් කළේය.
විදුලි බල පනතේ තිස් වෙනි වගන්තිය උල්ලංඝනය කරමින් මහජන උපයෝගීතා කොමිසමට බලපෑම් කිරීම, ලංවිම දුන් වැරදි දත්ත පදනම් කරගෙන මාධ්‍ය නිවේදන නිකුත් කිරීම, විදුලි බිල වැඩි නොකළොත් මූල්‍ය අරමුදලේ ණය නිදහස් නොකරන බවට තර්ජනය කිරීම යන මූලික කරුණු තුන ඔස්සේ මෙම ලිපිය ඉදිරිපත් කරන බවද සංජීව ධම්මික මහතා කීවේය.
අනුරාධ හිරිපිටියගේ