වසර දෙකක් නවතා දැමූ රාජ්‍ය පොසොන් උත්සවය මෙවර රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වනවා
ඇමැති වසන්ත සමරසිංහ
පසුගිය වසර දෙක තුළ රාජ්‍ය අනුග්‍රහයක් නොමැතිව සිදු කෙරුණු පොසොන් මහා පිංකම වතමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ මැදිහත් වීම මත මෙවර පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කිරිමට සියලු කටයතු සූදානම් වෙමින් පවතින බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන නායක හිමිපාණන් පැවසූහ.
ඓතිහාසික මිහින්තලය රාජමහා විහාරස්ථානයේ මැදමළුවේදී ඊයේ (01දා) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් ඇතුලු රාජ්‍ය නිලධාරීන් එක්ව සාර්ථක ලෙස පිංකමේ සංවිධාන කටයුත සිදු කරමින් පවතින බවද උන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ. පසුගිය වසර දෙක තුළ රාජ්‍ය අනුග්‍රහය නොලැබුණද දෙස් විදෙස් ජනතාවගේ නොමඳ සහය ඇතිව පොසොන් උත්සවය පැවැත් වූ බවද නායක හිමිපාණන් වහන්සේ අවධාරණය කර සිටියහ. මේ සඳහා ත්‍රෛයි නිකායික නායක හිමිපාණන් වහන්සේලාද වැඩම කරන බව මිහින්තලා රාජමහා විහාරාධිපති හිමිපාණන් වහන්සේ සඳහන් කරති.
මිහින්තලේ පුදබිම වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව උදෙසා වන පොදු හා යටිතල පහසුකම් සියල්ල සකස් වෙමින් පවතින අතර පොසොන් වන්දනාවේ පැමිණෙන පිරිස් සුදුසු ඇඳුමකින් සැරසී පැමිණිය යුතුයි. පරිසරය අපවිත්‍ර වන සේ කටයුතු නොකළ යුතුය. පොසොන් සතිය පුරාම දිස්ත්‍රික්කයේ සුරා සැල් හා මස් කඩ වසා තැබීමටද තීරණය කර තිබේ.
මෙවර පැවැත්වෙන්නේ 2333 වන ජාතික පොසොන් පිංකමයි. මිහිදු මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වී මේ වසරට වසර 2284 ක් ගතව ඇත. එමෙන්ම සම්බුද්ධ පරිනිර්වාණය සිදු වී වසර 2569 ක් ගෙවී තිබේ.
මේ සියලු දේ සිහිපත් කරමින් උතුම් පොසොන් පිංකම සාර්ථකව සිදු කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවද මිහින්තලා රාජමහා විහාරාධිපති හිමිපාණන් වහන්සේ සඳහන් කළහ.
පොසොන් පිංකමට අදාළ මිහින්තලා සති පිරිත් දේශනාව අද රාත්‍රියේ දී ආරම්භ වේ. එළඹෙන අටවනදා පවත්වන හීල් දානයෙන් පසුව සති පිරිත් පිංකම අවසන් වීමට නියමිතයි. ජුනි නව වන දින ආලෝක පූජාව ආරම්භ කෙරේ. එදින සන්ධ්‍යාවේ දී ඓතිහාසික මිහිඳු මහා පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතව ඇත. පොසොන් පොහොය යෙදෙන ජුනි 10 වන දින උදෑසන සිට මිහිඳු මා හිමියන් අනුස්මරණය කරමින් විවිධ පිංකම් ආරම්භ කිරීමටද නියමිතයි. 10 වනදා උදෑසන කාලයේදී ජනාධිපති අනුර කුමර දිසානායක මහතා ඇතුළු මැති ඇමැතිවරුන් පැමිණ රාජ්‍ය පොසොන් උත්සවය නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිත බවද මිහින්තලා රාජමහා විහාරාධිපති නායක හිමිපාණන් වහන්සේ පැවසූහ. 10 වනදා සවස ආලෝක පූජාව පවත්වන්නේ අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙනි.
ඓතිහාසික මිහින්තලා පුද බිම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ඓතිහාසික පොසොන් උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කිරීමට කටයුතු කරන බව මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙන අතරවාරයේ එම ස්ථානයට පැමිණි වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
මිහින්තලේ – රංග චතූ