මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයේ මෙවර කිසිදු වෙනසක් නොවන බවත් මේ හේතුවෙන් ඉන්ධන මිල ඉහළ නොයන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඉන්ධන මිල සූත්‍රයට අනුව එම සංශෝධනය මැයි 31දා සිදුකිරීමට නියමිත වුවද මෙවර ඉන්ධන මිල වෙනස් නොවන බව එහි සඳහන් වේ.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 274ක් වන අතර ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 325කි. ලංකා පෙට්‍රල් (95) ලීටරයක මිල රුපියල් 341ක් වන අතර ලංකා පෙට්‍රල් (92) ලීටරයක මිල රුපියල් 293කි. ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178කි. ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවනවා සේම ලිට්රෝ හා ලාෆ්ස් ගෑස් මිලෙහි ද කිසිදු වෙනසක් සිදු නොවනු ඇත.
ලිට්රෝ ගෑස් කි.ග්‍රෑ. 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3690ක් හා ක්‍රි.ග්‍රෑ. 5 සිලින්ඩරයක මිල වූ රුපියල් 1482 කෙහි මිලෙහි ද වෙනසක් සිදු නොවේ.
අප්‍රේල් මාසයේ පැවති ලාෆ්ස් කි.ග්‍රෑ. 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වූ රුපියල් 4100 හා කි.ග්‍රෑ. 5 ගෑස් සිලන්ඩරයක මිල රුපියල් 1645 ක් වූ අතර එම මිල ගණන් ද කිසිදු වෙනසක් සිදු නොවන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ධම්මික සල්වතුර, ධර්මසේන වැලිපිටිය