ස්ටාලින්ගෙන් චෝදනා
ගුරුවරුන් ලක්ෂයකට පමණ මෙතෙක් ලබාදී නැති උසස්වීම්, ස්ථිර කිරීම්, වැටුප් වර්ධක ඇතුළු ඉල්ලීම් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ඇතුළු ආයතන කිහිපයකින් දැනුම් දී තිබියදී කලාප අධ්‍යාපන කාර්යාල මගින් එය සිදුනොකර කල්මරමින් සිටින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ‘දිවයින’ ට පැවසීය.
2014 වර්ෂයේ සිට ක්‍රියාත්මක නව ගුරුසේවා ව්‍යවස්ථාවට අනුව උසස්වීම් සඳහා මොඩියුලර් (කාර්යක්ෂමතා කඩයිම් පොත) සකස් කිරීම අක්‍රමවත් බව සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවා කොමිසම විසින් සිදුකළ යුතු ගෙවීම් සිදුකරන ලෙස අමාත්‍යාංශය චක්‍රලේඛ මගින් දන්වා තිබියදීත් කලාප කාර්යාල එම වගකීම් ඉටු නොකර සිටින බව හෙතෙම කීය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් මොඩියුලර් නොසලකා ගුරුවරුන්ට හිමි වරප්‍රසාද ලබාදෙන ලෙස ගුරු අධ්‍යාපන පරිපාලන අධ්‍යක්ෂ ශ්‍රීමා දිසානායක සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු අධ්‍යාපන සහකාර ලේකම් ඩී.එන්.ජේ. ගමගේ යන මහත්මීන් හමුවේ මානව හිමිකම් කොමිසම පසුගිය සිකුරාදා (30දා) ප්‍රකාශ කළ බවද ස්ටාලින් මහතා කීය.
චමින්ද සිල්වා