යුක්රේනය ඉකුත් ඉරිදා රුසියානු භූමියට එරෙහිව ඩ්‍රෝන ප්‍රහාරයක් සාර්ථකව දියත් කළ අතර, එම ප්‍රහාරය උපායමාර්ගික ගුවන් කඳවුරු ඉලක්ක කර ගනිමින් සහ යුද්ධය ආරම්භයේ සිට මොස්කව්හි හමුදා ගුවන් සේවා වත්කම්වලට එල්ල වූ ප්‍රබලතම පහරක් ලෙස හුවා දැක්විය හැකිය. යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් “අතිශයින්ම අද්විතීය මෙහෙයුමක්” ලෙස මෙම ප්‍රහාරය පිළිබඳ හැඳින්වීය.
යුක්රේනය මෙහෙයුම සිදු කළ ආකාරය පිළිබඳ හැරී බැලීමේදී; එම ගුවන් ප්‍රහාරය මාස 18 කට වැඩි කාලයක් ගත වූ සැලසුම් කිරීමේ ප්‍රතිඵලයක් බව යුක්රේන නිලධාරීහු පැවසීය. ප්‍රහාරය ‘Spider’s Web’ යන නාමය යටතේ ක්‍රියාත්මක කරන ලද අතර බහු කාල කලාප හරහා පැතිරී ඇති ප්‍රධාන රුසියානු ගුවන් කඳවුරු හතරක් ඉලක්ක කර ගනිමින් සිදු කෙරිණි.