Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: බත් කන මීහරක් ගැන ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: බත් කන මීහරක් ගැන ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
Ad image
කතුවැකි

බත් කන මීහරක් ගැන ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුය

1 week ago
87 Views

එක්සත් රාජධානියේ ආරක්‍ෂක අමාත්‍යාංශය සහ විදේශ අමාත්‍යාංශය සතුව ලංකාව ගැන වෙනම ගයිඩ් ලයින් එකක් තිබේ. මේ Guide Line එකට අනුව ලංකාවේ සංචාරය කිරීම අනතුරුදායක වැඩකි. සංචාරකයන්ට හිරිහැර කිරීම, සංචාරකයන්ගේ බෑග් උස්සන් පැන යෑම, සංචාරකයන්ට වංචා කිරීම යනාදිය ලංකාවේ දී සිදුවන බව ඒ වාර්තාව කියයි. ලංකාවේ ත්‍රස්තවාදය ගැන මේ වාර්තාව තුළ වෙනම කොටසක් තිබේ. ඒ අනුව සංචාරකයන් ගැවසෙන හෝටල්, පූජනීය ස්ථාන, ප්‍රසිද්ධ ස්ථාන, වෙරළ තීර, සැණකෙළි පවත්වන තැන්, නයිට් ක්ලබ් යනාදියෙහි ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හටගන්නවා ඇත. බ්‍රිතාන්‍යය මේ ගයිඩ් ලයින් එක මේ දවස්වල ලාච්චුවේ දමා වසා ඇත. හැබැයි සංචාරකයකුට එරෙහිව මේ රටේ සිදුවන ඕනෑම නොකටයුත්තක දී මේ නිවේදනය ඉදිරියට ඇද, රතු නිවේදනයක් බවට ප්‍රකාශ කර ලොව පුරා යැවීමට, බ්‍රිතාන්‍යය, ඉතාම කැමැත්තෙන් සහ උනන්දුවෙන් සිටී. තම රටේ ජනයා පිටරටක සිටින විට ඔවුන් ගැන අවධානයෙන් සිටීම අධිරාජ්‍යවාදී රටවල ක්‍රියාකලාපය වේ.

පිටරට සිටින තම රටවැසියා හොරෙක්, වංචාකාරයෙක්, මිනීමරුවෙක් හෝ කුඩුකාරයෙක් වුවද ඔහු හෝ ඇය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය තරයේම පෙනී සිටී. මේ පිළිබඳ නොබෝදා ඇති වූ උදාහරණයක් ගැන කියමු. මත්ද්‍රව්‍ය කිලෝ සියයක් පමණ රැගෙන 21 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් ශ්‍රී ලංකාවට පැමිණියා ය. ගුවන්තොටුපළේ දී මේ බඩු තොගය අත්අඩංගුවට ගෙන ඒවායේ අයිතිකාරිය ලෙස සැලකෙන සුදු තරුණිය රිමාන්ඩ් කරන ලදී. එංගලන්තයේ සිරගෙවල්වල මෙන් වායුසමීකරණ යන්ත්‍ර ලංකාවේ නැත. එසේම එංගලන්තයේ සිරගෙවල්වල දෙන කෑම මෙන් හොඳ කෑම ලංකාවේ සිරගෙවල්වල නැත. එංගලන්තයේ සිරගෙවල් ලංකාවේ තනි තරුවේ හෝටලයකට සමානය. සිරකරුවන්ට අවශ්‍ය රූපවාහිනී යන්ත්‍ර, කොමොඩ් පහසුකම් සහිත වැසිකිළි ඒ රටේ සිරගෙවල්වල ඇත. මත්පැන් හැර සිගරට් ද අවශ්‍ය නම් බියර් එකක් බීමේ හැකියාව ද මේ සිරගෙවල්වල තිබේ. එංගලන්තයේ සිරගෙවල් ගැන යාවජීව සාක්‍ෂියක් ලබාගත හැකි හොඳම මිනිසා කරුණා අම්මාන් ය. ඔහු හොර පාස්පෝට් කේස් එකකට බ්‍රිතාන්‍යයේ සිරගෙදරක ලැග්ගේය. ලංකාවේ සිරගෙවල් යනු ජීවමාන අපායවල් සේ සැලකිය හැකි කක්කුස්සි වළවල්ය. දසදෙනකු රැඳවිය හැකි කාමරයක් තුළ හැටදෙනකු රැඳවීම ලංකාවේ සිරිත වේ. රිමාන්ඩ් සිරකරුවකු යනු වැරදිකරුවකු නොවේ. ඒ නිසා ඔහුට හෝ ඇයට සාමාන්‍ය ජීවිතයේ දී ලැබෙන සත්කාරවලින් 75% ක් හෝ දිය යුතුය. එංගලන්තය කල්පනා කරන්නේ එහෙමයි. ඒ අනුව අපේ සිරගෙදරක සිටින බ්‍රිතාන්‍ය ජාතික කුඩු සැකකාරියගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව බ්‍රිතාන්‍යයේ ‘ඩේලි මේල්’ පත්‍රය සඳහන් කර තිබේ. එම පුවත්පතේ සඳහන් වන පරිදි උසාවියකින් වැරදිකාරිය වී නැති බ්‍රිතාන්‍ය තරුණිය අප්‍රමාණ දුකක් විඳින්නීය. ඒ පිළිබඳ එංගලන්තයේ පළවන වාර්තාවලින් පෙනී යන්නේ ලංකාවේ සංචාරයට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික තරුණියක මේ රටේ පොලිසිය මගින් නිරපරාදේ අත්අඩංගුවට ගෙන හිරේ දමා ඇති බවකි.

සංචාරකයා යනු ඉතාම සංවේදී වස්තුවකි. මෙයට අවුරුදු විස්සකට පෙර අන්තර්ජාලය හෝ වෙබ් අඩවි හෝ ෆේස්බුක් හෝ බ්ලොග් හෝ මේ රටේ තිබුණේ නැත. එහෙත් අද ඉතාම සුළු කාරණා පවා අන්තර්ජාලය මගින් ප්‍රචාරය කරනු ලැබේ. ඒ අතර සංචාරකයන්ට වෙන නොකටයුතුවලට ප්‍රධාන තැනක් දෙනු ලැබේ. එසේ තිබිය දී කොහේදෝ සිටින මීහරක් එකකු හෝ කිහිපදෙනකු පිලිපීන ජාතික සංචාරකයකුට වැලිගම දී පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ සංසරණය වේ. මේ වීඩියෝවේ දැක්වෙන ආකාරයට තමාට පහර නොදෙන ලෙස ඉල්ලමින් පිලිපීන සංචාරකයා බැගෑපත් වෙද්දීත් පෙර සඳහන් කළ පරිදි බත් කන මීහරක් ඔහුට එළව එළවා පහර දෙති. සමහර විට මේ පිලිපීන ජාතිකයා අවැඩක් කරන්නට ඇති. ඔහු කාන්තාවකට අසභ්‍ය විහිළුවක් කළා වෙන්නට පුළුවන. නොඑසේ නම් කඩයක දී රණ්ඩුවකට පැටලුණා වීමට ද පුළුවන. ඒ මොනවා කළත් පොලිසිය මාර්ගයෙන් ඒ ප්‍රශ්නය විසඳනවා මිස මිනිසුන්ට පහර දීමට බත් කන මීහරකුන්ට අයිතියක් නැත.

ලංකාවේ සංචාරය කළ කිහිපදෙනකුට මීට පෙර හිරිහැර සිදුවී තිබේ. පාස්කු බෝම්බයේදී ද සංචාරකයෝ මියගියහ. එසේම දකුණු පළාතේ ප්‍රාදේශීය සභාපති කෙනකු විසින් විදේශික තරුණියක කෙලෙසා ඔහුගේ සැමියා මරා දැමීම මීට කලකට පෙර සිදුවිය. මේවා ඉතා භයානක වැඩ ය. ඉන්දියාවේ කාශ්මීර ප්‍රදේශයේ සංචාරය කළ ස්වදේශික ඉන්දියානුවන් විසිහයදෙනකුට ඉස්ලාමීය ත්‍රස්තවාදීන් වෙඩි තැබීම නිසා ඉන්දියාව හා පාකිස්තානය අතර යුද්ධයක් හට ගත්තේය. මේ යුද්ධය ඉතාම දරුණු ස්වභාවයෙන් පටන් ගත් අතර මේ වනවිට යම් ප්‍රමාණයකට සමනය වී තිබේ. ලංකාවේ සිරගෙදර සිටින සුදු ජාතික තරුණියට පහසුකම් නොසැලසුවහොත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව අපට ටික ටික ෂොට්එක දීමට පටන් ගන්නවා ඇත. අපි අපේ රටට හිමි තත්ත්වය දැනගෙන ජීවත් විය යුත්තෙමු. මේ කතුවැකිය ආණ්ඩුවේ අවධානය පිණිස ය.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

3 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

3 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

3 days ago

සිකුරු කුජගේ නිවසට

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

2 days ago
Related News
කතුවැකි

කොවිඩ් ඇණයක් වීමට පෙර…..

කතුවැකි

අපාය දිව්‍යලෝකය ඩෙංගු සහ චිකන්ගුන්‍යා

කතුවැකි

කට්ටියම ඇතුළේ!

කතුවැකි

ආණ්ඩුව පිරිසිදු කිරීමට අධිකරණයට පුළුවන

කතුවැකි

පොල් හොරා ගහේ පොල් ගෙඩිය කූඩුවේ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok