Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: මෝඩ දේශපාලනඥයාගේ මෝඩ තුවක්කුව
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: මෝඩ දේශපාලනඥයාගේ මෝඩ තුවක්කුව
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
Ad image
කතුවැකි

මෝඩ දේශපාලනඥයාගේ මෝඩ තුවක්කුව

2 weeks ago
52 Views

කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි කාන්තාවක් සතුව තිබී රන් ආලේප කළ ටී 56 තුවක්කුවක් හමුවී තිබේ. මේ තුවක්කුවේ අයිතිකරු අනුරාධපුරය පැත්තේ සිටින නිතර නියපොතු කන දේශපාලනඥයෙකි. මේ තුවක්කුව රනින් නිපදවා මැණික් ඔබ්බවනු ලැබුව ද නීති ප්‍රශ්නයක් මතු වෙන්නේ නැත. හැබැයි මේ භාණ්ඩයට ලයිසන් නැතොත් වැඩේ අල වීමට ඉඩ තිබේ. සාමාන්‍යයෙන් මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ ලියාපදිංචි කෙරෙන මෝටර් රථයක ස්වභාවය වෙනස් කිරීම තහනම් ය. එහි පාට මාරු කරනවා නම් පවා RMV එකෙන් අවසර ගත යුතුය. ගිනි අවියක් රෙජිස්ටර් කිරීමේ දී එහි ස්වභාවය වෙනස් කිරීම නීත්‍යානුකූල ද නැද්ද යන්න අපි නොදන්නෙමු. ගිනි අවියේ බාහිර ස්වරූපයේ යම් යම් වෙනස්කම් කළ ද එහි අභ්‍යන්තරය මොඩිෆයි කිරීම තහනම් වීමට ඉඩ තිබේ. එසේ නම් ටී 56 තුවක්කුවක රන් ආලේප කිරීම බාහිර කටයුත්තක් බැවින් එහි අයිතිකරුවන්ට ලෙඩක් වැටීමට ඉඩක් නැත. එසේ නොවන්නේ නම් කට්ටියම ගස් යෑම සඳහා පෝලිමේ සිට ගත යුතුය.

ටී 56 යනු චීන තුවක්කුවකි. මෙය රුසියාවේ නිපදවන ලද AK 47 තුවක්කුවට වඩා වෙනස් බව අප සිහි තබා ගත යුතුය. හැබැයි මේ තුවක්කු දෙකටම ඉතා හොඳ මාකට් එකක් තිබේ. 30 අවුරුදු ත්‍රස්තවාදී යුද්ධයේ දී මේ තුවක්කු වර්ග දෙකම සටන් බිමේ එකිනෙකට වෙඩි තබා ගත්හ. 88, 89 භීෂණයේදී ද එයම සිදුවිය. අපගේ ත්‍රිවිධ හමුදාව සතුව ටී 56 මෙන්ම AK 47 තුවක්කු ද තිබේ. ටී 56 තුවක්කුවට උණ්ඩ 30ක් ලෝඩ් කළ හැකි බව අන්තර්ජාලය කියයි. AK 47 තුවක්කුවට ද ඒ හා සමාන උණ්ඩ ප්‍රමාණයක් ලෝඩ් කළ හැකිය. කෙසේ වුවද කඩු, කිනිසි, තුවක්කු, බෝම්බ වැනි ආයුධ රත්තරනින් සාදනු නොලැබේ. එවැන්නක් කරන්නා පිස්සෙකි. ලෝකයේ රාජාණ්ඩු පැවැති කාලයේ දී ඇතැම් රජවරුන් විසින් රත්තරනින් සෑදූ මිටක් සහිත කඩුවක් පාවිච්චි කරන ලදී. මෙය ලංකාවේ දී මඟුල් කඩුව ලෙස හඳුන්වනු ලැබේ. සාමාන්‍යයෙන් කඩු මිට රත්තරනින් සෑදිය හැකි වුවද කඩු පත හෙවත් තලය රත්තරනින් සාදන්නේ නැත. රන් යනු ඉතා දුර්වල ලෝහයකි. සතුරාගේ කඩුවට මුහුණ දෙන්නට කලින්, සතුරා ඉදිරියට එන අවස්ථාවේදීම දෙකට නැමෙන ස්වරූපයක් තනි රත්තරන් කඩුවක ඇත. ඒ අතර වැදගත් යමක් කිව යුතුය. අරාබි රටවල සිටින ඇතැම් ධනවතුන්ට රන් ආලේප කළ තුවක්කු තිබේ. ඔවුන් පාවිච්චි කරන කැඩිලැක් හෝ රෝයල්රොයිස් වර්ගයේ මෝටර් රථවල ද රන් ආලේප කර ඇත. අරාබිකාරයකුට අයත් සම්පූර්ණයෙන්ම දියමන්ති ඔබ්බවන ලද ෆෙරාරි රථයක් ගැන පසුගිය දිනවල වාර්තා විය. මෙවැනි අය ‘වැඩි සල්ලි පිස්සන්’ ලෙස හැඳින්වීමට පුළුවන. මේ පිස්සෝ තමන් වෙත ගලා එන සල්ලිවලට කර ගැනීමට දෙයක් නැති නිසා සපත්තු අඩිය ද රනින් සාදති.

ලංකාව යනු ඉතා දුප්පත් රටකි. මේ වන විට රට තුළ විශාල ආර්ථික අර්බුදයක් පවතින බැවින් මිනිසුන්ට ආහාර ගැනීමට පවා මුදල් නැත. මෙවැනි රටක ගිනි අවිවලට රන් ආලේප කරන අය හඳුනාගෙන ඔවුන්ට විශේෂ මානසික ප්‍රතිකාර ලබා දිය යුතුය. ටී 56 තුවක්කුවක ඇති යකඩ කොටස්වල රත්තරන් ආලේප කිරීම සඳහා විශාල මුදලක් වැය වේ. අද රත්තරන් පවුමක් රුපියල් දෙලක්‍ෂ හතළිස් දහසකි. සාමාන්‍යයෙන් ටී 56 තුවක්කුවේ දිග පළල බලන විට මෙවැනි රන් ආලේපයකට කෙතරම් මුදලක් වැය කළ යුතු ද? පොත් ගැනීමට, සපත්තු ගැනීමට, පාසල් ඇඳුම් ගැනීමට සල්ලි නැතිකමින් අධ්‍යාපනය කඩාකප්පල් වූ දූ දරුවෝ ඕනෑ තරම් මේ රටේ වෙසෙති. එවන් පසුබිමක මෙවැනි ‘අවි’ මතුවෙත්දී ජනතාව ගැන කවර කතාද? ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටක ‘තුවක්කු’ මත ජීවත්වන දේශපාලනඥයන් කලින් කලට බිහිවී තිබේ. තවමත් එම චරිත හොල්මන් කරන්නේය. පෙර කී ටී 56 තුවක්කුවේ ආලේප කළ රත්තරන් සියල්ල සූරා ඒවා විකුණා මේ අසරණ දරුවන්ට පාසල් අඩුපාඩු ලබාදිය හැකි නම් එය මහත් සේ අගය කළ යුතු කාරණයකි. එහෙත් එවැනි කටයුතු සඳහා අපේ රටේ නීති නැත. ඊළඟ වතාවේ දී මේ දේශපාලනඥයන් රනින් සෑදූ වෙඩි උණ්ඩ ද, රනින් සාදා මැණික් ඔබ්බවන ලද බිම්බෝම්බ ද, රත්තරන්වලින් මල්කම් හා ලියකම් කළ ආර්. පී. ජී. ද සෑදීමට ඉඩ තිබේ. අදට කතාව එපමණයි.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

3 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

3 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

3 days ago

සිකුරු කුජගේ නිවසට

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

2 days ago
Related News
කතුවැකි

කොවිඩ් ඇණයක් වීමට පෙර…..

කතුවැකි

අපාය දිව්‍යලෝකය ඩෙංගු සහ චිකන්ගුන්‍යා

කතුවැකි

කට්ටියම ඇතුළේ!

කතුවැකි

ආණ්ඩුව පිරිසිදු කිරීමට අධිකරණයට පුළුවන

කතුවැකි

පොල් හොරා ගහේ පොල් ගෙඩිය කූඩුවේ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok