Tuesday, 10 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: LOLC ෆිනෑන්ස් රුපියල් බිලියන 25 ක ඉහළම ශුද්ධ ලාභය වාර්තා කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 10 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: LOLC ෆිනෑන්ස් රුපියල් බිලියන 25 ක ඉහළම ශුද්ධ ලාභය වාර්තා කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

LOLC ෆිනෑන්ස් රුපියල් බිලියන 25 ක ඉහළම ශුද්ධ ලාභය වාර්තා කරයි

2 days ago
185 Views
කොන්රඩ් ඩයස් - සභාපති LOLC ෆිනෑන්ස් පීඑල්සී (ව) / ක්‍රිෂාන් තිලකරත්න - අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී LOLC ෆිනෑන්ස් පීඑල්සී (ද)

LOLC ෆිනෑන්ස් පීඑල්සී, බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ නව මිණුම් සලකුණක් සටහන් කරමින්, 2025 මාර්තු 31 න් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 25 ක කැපී පෙනෙන බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර තිබේ.

මෙමගින් පසුගිය මූල්‍ය වර්ෂය තුළ වාර්තා වූ රුපියල් බිලියන 21.5 ක ලාභයට සාපේක්ෂව ආකර්ෂණීය වැඩිවීමක් සටහන් කරමින් දශාංශ දෙකක ලාභ වර්ධනයක් ලබාදී ඇත. ඓතිහාසික සන්ධිස්ථානයක් පසුකරන මෙම ක්‍රියාකාරීත්වය බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන අතර සාම්ප්‍රදායික සීමාවන් ඉක්මවමින් LOLC ෆිනෑන්ස් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු හා සම සමව ජාතික ආර්ථිකයේ පුරෝගාමියෙකු ලෙස තරඟ කරන මූල්‍ය ආයතනයක් බවට පරිවර්තනය වීම පිළිබඳ කරුණු තහවුරු කරයි.

LOLC ෆිනෑන්ස් හි මෙම ප්‍රබල ක්‍රියාකාරීත්වය, මූල්‍ය ඇතුළත් කිරීම, ඩිජිටල් නවෝත්පාදනය සහ ක්ෂේත්‍රයේ නායකත්වය මත පදනම් වූ ශක්තිමත් දූරදර්ශී උපාය මාර්ගයක ප්‍රතිඵලයකි. රුපියල් බිලියන 305 ඉක්මවන ණය කළඹක් සහ රුපියල් බිලියන 225 ක තැන්පතු සංචිතයක් සමඟ LOLC ෆිනෑන්ස්, ජාතියේ ප්‍රමුඛ බැංකු හා සෘජුව සැසඳිය හැකි මූල්‍ය ශක්තියක් පෙන්නුම් කර ඇත. සමාගම විසින් මෙම කාලය තුළ වාර්තා කරන ලද තවත් කැපී පෙනෙන මූල්‍ය දර්ශකයක් වන්නේ 4.97% ක් වූ එහි ශුද්ධ අක්‍රීය ණය අනුපාතයයි (NPL). පෙර වසර තුළ වාර්තා වූ 10.48% ක අක්‍රීය ණය අනුපාතයට සාපේක්ෂව එහි කැපී පෙනෙන ප්‍රගතියකි.

“මෙම විශිෂ්ට ප්‍රතිඵල අපගේ මූල්‍ය ශක්තියේ පිළිබිඹුවක් පමණක් නොව, LOLC ෆිනෑන්ස්හි ආයතනික අචලත්වය, උපායමාර්ගික දැක්ම සහ ශ්‍රී ලාංකේය ජනතාවට සේවා සැලසීම සඳහාවූ තිරසාර කැපවීමේ කැඩපතක් බව” LOLC ෆිනෑන්ස් පීඑල්සී අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් තිලකරත්න මහතා පැවසීය.

“මං සලකුණු සටහන් කළ මෙම ක්‍රියාකාරීත්වය මඟින් මූල්‍ය ඇතුළත් කිරීම, නවෝත්පාදනය සහ ක්‍රමානුකූල වර්ධනය සඳහාවූ අපගේ ශක්තිමත් කැපවීම පිළිබිඹු කරයි”. LOLC ෆිනෑන්ස් සභාපති කොන්රඩ් ඩයස් මහතා පැවසීය. ”‍LOLC ෆිනෑන්ස් හි අපි ක්ෂේත්‍රයේ ප්‍රවණතාවන් හුදෙක් අනුගමනය කරනවා පමණක් නොව, ඒවා සකසන්නෙමු.

ශ්‍රී ලංකාව තිරසාර ප්‍රකෘතිමත් වීමක් සහ සියල්ලන් ඇතුළත් වර්ධනයක් අපේක්ෂා කරද්දී LOLC ෆිනෑන්ස් හුදෙක් ඊට දායක වනවා පමණක් නොව, මූල්‍ය සම්මතයන් ප්‍රතිනිර්මාණය කරමින්, අවස්ථාවන් පුළුල් කරමින් සහ සියල්ලන් වෙනුවෙන් යහපත් ආර්ථික අනාගතයක් සකස් කිරීමේ දිරිය ශක්තිය ලෙස ඉදිරියට පැමිණ තිබේ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

6 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

5 days ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

2 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

4 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

5 days ago
Related News
ගණුදෙනු ලොව

පාරිභෝගිකයින්ගේ වෙනස් වන අවශ්‍යතා සපුරාලන්නට ‘යූනියන් ඇෂුවරන්ස්’ නිරන්තරයෙන්ම කැපවෙනවා

ගණුදෙනු ලොව

SLT-MOBITEL 2025 පළමු කාර්තුවේදී ලාභයේ ශක්තිමත් වර්ධනයක් වාර්තා කරයි

ගණුදෙනු ලොව

HUTCH අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් වී පාසල්වලට විදුලි පාපැදි 100 ක් ප්‍රදානය කරයි

ගණුදෙනු ලොව

කොමර්ෂල් බැංකුව දෙවැනි කෘෂි නවීකරණ වැඩසටහනට වව්නතිව් ප්‍රදේශය තෝරාගනී

ගණුදෙනු ලොව

‘ශ්‍රී ලංකාවට අනාගත දැක්මක් ග්‍රාමීය පුනරුදයකට කොත්මලේ කිරි සමග කැපවෙමි’ – කාගිල්ස් සමාගමේ නියෝජ්‍ය සභාපති – රංජිත් පේජ්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok