Tuesday, 10 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: පාරිභෝගිකයින්ගේ වෙනස් වන අවශ්‍යතා සපුරාලන්නට ‘යූනියන් ඇෂුවරන්ස්’ නිරන්තරයෙන්ම කැපවෙනවා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 10 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: පාරිභෝගිකයින්ගේ වෙනස් වන අවශ්‍යතා සපුරාලන්නට ‘යූනියන් ඇෂුවරන්ස්’ නිරන්තරයෙන්ම කැපවෙනවා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

පාරිභෝගිකයින්ගේ වෙනස් වන අවශ්‍යතා සපුරාලන්නට ‘යූනියන් ඇෂුවරන්ස්’ නිරන්තරයෙන්ම කැපවෙනවා

2 days ago
233 Views

සෙනත් ජයතිලක ප්‍රධාන විධායක නිලධාරී යූනියන් ඇෂුවරන්ස් (ව) / මහේන් ගුණරත්න ප්‍රධාන අලෙවි නිලධාරී යූනියන් ඇෂුවරන්ස් (මැ) / ධාන්‍යා විජේසූරිය උප සභාපති -ශ්‍රී ලංකා දියවැඩියා සංගමය (ද)

සෙනත් ජයතිලක යූනියන් ඇෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී

ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික රක්ෂණ සමාගම ලෙස, යූනියන් ඇෂුවරන්ස් ආසන්න වශයෙන් දශක හතරක් පුරා මෙරට සමාජ-ආර්ථික ක්ෂේත්‍රය තුළ අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකර තිබේ. මෙම ගමන්මඟ පුරාම, සිය පාරිභෝගිකයින්ගේ නිරන්තරයෙන්ම වෙනස් වන අවශ්‍යතා සපුරාලන්නට අඛණ්ඩව වැඩිදියුණු වන සන්නාමයක් ගොඩනඟමින් සවිමත් හා ඵලදායී දායකත්වයක් පිරිනැමීමට යූනියන් ඇෂුවරන්ස් කටයුතු කර ඇත.

දිනෙන් දින වෙනස් වෙමින් පවතින ක්ෂේත්‍රය හඳුනා ගනිමින් සෑම අතින්ම වටිනාකම් නිර්මාණය වන ආකාරය පිළිබඳව යළි සිතා බැලීම සඳහා යූනියන් ඇෂුවරන්ස් පසුගිය වසරේ එඩිතර පියවරක් ගනු ලැබිණි. ඒ හරහා යූනියන් ඇෂුවරන්ස්හි නව සන්නාම දැක්ම රැකවරණයෙන් සවිබල ගැන්වෙන මානව ප්‍රගතියක් යනුවෙන් හඳුන්වාදීම සිදුවිය. මෙම දැක්මට සමගාමීව, පිරිපුන් දිවියට නිති
රැකවරණය යනුවෙන් නව සන්නාම මෙහෙවරක්ද යූනියන් ඇෂුවරන්ස් විසින් හඳුන්වා දෙන ලදී. සියලු දෙනාගේ මූල්‍ය, මානසික, කායික සහ ප්‍රජා සුවසෙත සවිමත් කිරීම සඳහා වන යූනියන් ඇෂුවරන්ස් කැපවීම අප කරන සෑමදෙයකටම පාදක වන්නේ එබැවිනි. මෙම සමස්ත උපායමාර්ගික මෙහෙයුම අප කරන සෑම දෙයකම පදනම ගොඩනඟන අතර, ශ්‍රී ලංකාව පුරා පුද්ගලයින්, පවුල් සහ ජන ප්‍රජාවන් වෙනුවෙන් යහපත් වෙනසක් ඇති කිරීමට අපව පොළඹවයි. මේ පිළිබඳව යූනියන් ඇෂුවරන්ස්හි ප්‍රධාන විධායක නිලධාරී – සෙනත් ජයතිලක, ප්‍රධාන අලෙවි නිලධාරී – මහේන් ගුණරත්න, ශ්‍රී ලංකා දියවැඩියා සංගමයේ උප සභාපති – ධාන්‍යා විජේසූරිය යන මහත්ම මහත්මින් දැක්වූ අදහස් පහත දැක්වේ.

ආයතනික පුරවැසිභාවය උදෙසා වූ යූනියන් ඇෂුවරන්ස් වැඩකටයුතු ඇරැඹෙන්නේ කෙසේද?

යූනියන් ඇෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී -සෙනත් ජයතිලක

ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික රක්ෂණ සමාගම ලෙස, යූනියන් ඇෂුවරන්ස් ආසන්න වශයෙන් දශක හතරක් පුරා මෙරට සමාජ-ආර්ථික ක්ෂේත්‍රය තුළ අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකර තිබේ. මෙම ගමන්මඟ පුරාම, අපගේ පාරිභෝගිකයින්ගේ නිරන්තරයෙන්ම වෙනස් වන අවශ්‍යතා සුපරාලන්නට අඛණ්ඩව වැඩිදියුණු වන සන්නාමයක් ගොඩනඟමින් සවිමත් හා ඵලදායී දායකත්වයක් පිරිනැමීමට අප කටයුතු කර ඇත.

දිනෙන් දින වෙනස් වෙමින් පවතින ක්ෂේත්‍රය හඳුනා ගනිමින් සෑම අතින්ම වටිනාකම් නිර්මාණය වන ආකාරය පිළිබඳව යළි සිතා බැලීම සඳහා අපි පසුගිය වසරේ එඩිතර පියවරක් ගත්තෙමු. ඒ හරහා අපගේ නව සන්නාම දැක්ම රැකවරණයෙන් සවිබල ගැන්වෙන මානව ප්‍රගතියක් යනුවෙන් හඳුන්වාදීම සිදුවිණි. මෙම දැක්මට සමගාමීව, පිරිපුන් දිවියට නිති රැකවරණය යනුවෙන් නව සන්නාම මෙහෙවරක්ද අපි හඳුන්වාදුන්නෙමු. සියලුදෙනාගේ මූල්‍ය, මානසික, කායික සහ ප්‍රජා සුවසෙත සවිමත් කිරීම සඳහා වන අපගේ කැපවීම අප කරන සෑමදෙයකටම පාදක වන්නේ එබැවිනි. මෙම සමස්ත උපායමාර්ගික මෙහෙයුම අප කරන සෑම දෙයකම පදනම ගොඩනඟන අතර, ශ්‍රී ලංකාව පුරා පුද්ගලයින්, පවුල් සහ ජන ප්‍රජාවන් වෙනුවෙන් යහපත් වෙනසක් ඇති කිරීමට අපව පොළඹවයි.

අපගේ සන්නාම දැක්ම සහ මෙහෙවර ක්‍රියාත්මක කිරීමේදී, විශේෂයෙන්ම පිරිපුන් ප්‍රජා සුවසෙත සැලසීමේදී, වඩාත්ම වැදගත් ජාතික අභියෝග හඳුනාගැනීම සඳහා අපි සවිස්තරාත්මක තක්සේරුවක් සිදුකළෙමු. එහිදී අනාවරණය වූ එක් වැදගත් ගැටලුවක් වූයේ මෙරට සමාජ මෙන්ම ආර්ථික ප්‍රගතිය සඳහාද තදබල බලපෑමක් එල්ල කරන, බෝ නොවන රෝග පුළුල් ලෙස පැතිර යෑමය. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2021-2022 කාලය තුළදී පවත්වන ලද සමීක්ෂණයක් මඟින්, ශ්‍රී ලංකාවේ මරණ අතරින් 80%ක් පමණ විශාල ප්‍රමාණයකට බෝ නොවන රෝග සම්බන්ධ බව අනාවරණය වූයේ මෙම තත්ත්වයේ බරපතළකම විදහාපාමිනි.

බෝ නොවන රෝග හා සම්බන්ධ ක්ෂේත්‍රය ඇතුළත දියවැඩියාව යනු බරපතළ ගැටලුවක් බව අපට පෙනීණි. ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනයට අනුව, 2001 වසරේදී ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් අතර 9.8%ක දියවැඩියා ව්‍යාප්ති අනුපාතයක් වාර්තා වූයේ දකුණු ආසියානු කලාපය තුළ ඉහළ අවදානම් මට්ටමක ශ්‍රී ලංකාව ස්ථානගත කරමිනි. මෙම ගැටලුව ජනගහනයෙන් සැලකිය යුතු කොටසකට බලපානුයේ තරුණ පිරිස් අතරද දියවැඩියා තත්ත්වයන් ඉහළ යමින් තිබීමත් සමඟය. මෙහි ප්‍රතිඵල දරුණු වන අතර, රෝගීභාවයන් ඉහළ යෑම සහ හෘද නාල ආශ්‍රිත රෝගාබාධ, අන්ධතාව, වකුගඩු ආබාධ, මෙන්ම ශරීර කොටස් කපා ඉවත් කිරීමට සිදුවීම වැනි සංකූලතා එයට ඇතුළත් වෙයි.

මෙම බරපතළ ජාතික ගැටලුව කෙරෙහි අවධානය යොමුකරමින්, දියවැඩියාවට එරෙහි සටනට දීපව්‍යාප්ත වශයෙන් සහයෝගය සැපයීමට කැප වූ වැඩසටහනක් වන සුවමඟ ඔස්සේ වගකීම් සහගත ආයතනික පුරවැසියකු ලෙස කටයුතු කරන්නට යූනියන් ඇෂුවරන්ස් පියවර ගෙන තිබේ.

සුවමඟ නමැති මෙම සමාජ සත්කාරක සේවාව ගැන පැහැදිලි කිරීමක් ඔබට කළ හැකිද?

යූනියන් ඇෂුවරන්ස් ප්‍රධාන අලෙවි නිලධාරී – මහේන් ගුණරත්න

සුවමඟ යනු ශ්‍රී ලංකාවේ දියවැඩියා තත්ත්වයන් අඩුකිරීම සඳහා දීපව්‍යාප්තව සහයෝගය ලබාදීමට කැප වූ, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධානතම වැඩසටහනය. එයට අදාළ වන අපගේ පරිපූර්ණ ප්‍රවේශයට මහජනතාවගේ දැනුවත්භාවය ඉහළ නැංවීම, ක්‍රියාශීලී ජීවන රටාවන් ප්‍රචලිත කිරීම, දියවැඩියා තත්ත්වයන් කල්තියා හඳුනාගැනීම හා පාලනය කරගැනීම, සහ ප්‍රජා සහභාගිත්වය සඳහා මෙවලම් සැපයීම යනාදිය ඇතුළත් වෙයි.

මෙම වැඩසටහනෙහි එක් අංගයක් ලෙස, සමාගම විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව 2024 වසරේ නොවැම්බර් මාසයේදී ‘සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය’ ද ආරම්භ කරනු ලැබීය. සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය යනු සහතික ලත් සුවසේවා වෘත්තිකයින් විසින් පවත්වනු ලබන නොමිලේ දියවැඩියා තිරපරීක්ෂාවන් ලබාදීම සඳහා සැලසුම් කරන ලද පූර්ණ පහසුකම් සහිත ජංගම රථයකි. මෙම ජංගම තිරපරීක්ෂා ඒකකය ශ්‍රී ලංකාව පුරා නාගරික මධ්‍යස්ථානවල සිට ග්‍රාමීය ප්‍රදේශ දක්වා ගමන් කරමින්, යූනියන් ඇෂුවරන්ස් පාරිභෝගිකයින් වන සහ නොවන සියලු වයස්වල සෑම අයෙකුටම නොමිලේ පරීක්ෂාවන් කරගැනීමේ පහසුව සලසනුයේ එමඟින් සුවසුරැකුම් සේවාවන් සලසා ගැනීම සඳහා මහජනතාවට වැඩි පහසුවක් හිමිකර දෙමිනි.

ආරම්භයේ සිට මේ දක්වා, ජංගම තිරපරීක්ෂා ඒකකය විසින් 26,000කට අධික පිරිසකට යහපත් ප්‍රතිඵල අත්කර දෙමින්, ජාතික මට්ටමෙන්ද ඵලදායී ප්‍රගතියක් උදාකර දී තිබේ. ජංගම තිරපරීක්ෂා ඒකකය මඟින් දිවයින පුරා සියලු පළාත්වල තිරපරීක්ෂා පවත්වමින්, මේ වනවිට 15,000කට අධික පිරිසකට නොමිලේ තිරපරීක්ෂා සපයා ඇත. සෑම අයෙකුටම පරිපූර්ණ දියවැඩියා තිරපරීක්ෂා වාර්තාවක් සමඟ එකිනෙකාට සුවිශේෂ වූ වෛද්‍ය උපදෙස් ලබාදෙමින්, සිය සුවසෙත සලසා ගත හැකි වන වටිනා දැනුමෙන් ඔවුන් සවිබල ගැන්වීමටද මෙහිදී කටයුතු කෙරිණි.

මෙම තිරපරීක්ෂා මඟින් අපගේ මෙහෙවරෙහි වැදගත්කම වැඩිදුරටත් තහවුරු වෙයි. HbA1c පරීක්ෂාවන් සඳහා වැඩිදුරටත් නිර්දේශ කරන ලද පිරිසෙන් 15%ක් අතරින් 12%ක් දියවැඩියා අවධියේ පසු වන බව අනාවරණය වීමෙන් මෙම ගැටලුවේ පුළුල් ව්‍යාප්ති ස්වභාවය සහ නොපමාව ක්‍රියාත්මක වීමේ දැඩි අවශ්‍යතාව අවධාරණය කෙරෙයි. පරීක්ෂාවන්ට ලක් වූ බොහෝ අයට දියවැඩියාව ඇති බව හඳුනාගනු ලැබුවේ ප්‍රථම වරට වූ බැවින් මෙම පරීක්ෂාවන් මඟින් කල්තියා ක්‍රියාත්මක වීමේ හැකියාව ඔවුන්ට ලැබිණි. බොහෝ බරපතළ තත්ත්වයන් සහිත, සිය තත්ත්වය පිළිබඳව කලින් දැන නොසිටි පිරිස් වැඩිදුර ප්‍රතිකාර සඳහා නොපමාව රෝහල් වෙත යොමු කරනු ලැබිණි.

මෙම අගනා අවස්ථාවෙන් ඵල ලබා ගනිමින්, සුවසේවාවන් පහසුවෙන් සලසාලමින් සහ සිය සෞඛ්‍යය පිළිබඳව අත්‍යවශ්‍ය වන කරුණු සැමට ලබාදෙමින් වඩාත් සෞඛ්‍ය සම්පන්න අනාගතයක් උදෙසා ඔවුන් සවිබල ගැන්වීම සඳහා සම්පූර්ණයෙන්ම නොමිලේ පිරිනැමෙන මෙම තිරපරීක්ෂා සිදුකර ගන්නා මෙන් මහජනතාවගෙන් අපි ඉල්ලා සිටිමු.

ශ්‍රී ලංකාවේ දියවැඩියා ගැටලුව කොපමණ බරපතළද, එයින් ඇති වන බලපෑම කුමක්ද?

ශ්‍රී ලංකා දියවැඩියා සංගමයේ උප සභාපති – ධාන්‍යා විජේසූරිය

ශ්‍රී ලංකාවේ වසංගතයක් බවට පත්ව ඇති භයානකම බෝ නොවන රෝගය දියවැඩියා යැයි මම සිතමි. 2021 වසරේ STEPS සමීක්ෂණයට අනුව, 14.6ක පිරිසකගේ නිරාහාර රුධිර ග්ලූකෝස් මට්ටම් ඉහළ ගොස් ඇතැයි හඳුනාගනු ලැබූ අතර, 13%ක පිරිසක් ආබාධ සහිත නිරාහාර ග්ලයිසීමියා තත්ත්වයන්ට ලක්වි තිබිණි. මේ සම්බන්ධයෙන් කඩිනමින් කටයුතු නොකළහොත්, මෙම ප්‍රමාණයන් පුද්ගලයින් 25% ඉක්මවා යෑමට හෝ ආසන්න වශයෙන් ජනගහනයෙන් 25%ක් මෙවැනි රෝග තත්ත්වයන් නිසා පීඩාවට පත්වීමට ඉඩ තිබේ.

දියවැඩියාවට පෙර අවධිය වන පූර්ව-දියවැඩියා තත්ත්වය මේ සම්බන්ධ තවත් බරපතළ ගැටලුවකි. මෙම අවධියේදී හඳුනා ගනු ලැබුවහොත්, දියවැඩියාව වළක්වා ගත හැකිය. එසේවුවද, දියවැඩියා තත්ත්වය ඇති වුවහොත් එය සුව කළ නොහැකිය. එවිට ජීවන රටාවේ වෙනස්කම් සහ සුදුසු ප්‍රතිකාර ඔස්සේ ඔබ මනා පාලනයක් පවත්වා ගන්නේ නම් ඔබට සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකිය. අවාසනාවට කරුණ වන්නේ දියවැඩියාව ඇති අයගෙන් 50%ක් ඔවුන්ට ඒ රෝග තත්ත්වය ඇති බව නොදැන සිටීමය. පරීක්ෂාවන් සිදු කෙරෙන්නේ ඔවුන්ට දියවැඩියාව සම්බන්ධ සංකූලතා ඇති වන්නට පටන් ගැනීමෙන් පසුව වීම අනතුරුදායකය. ඒනිසාම, දියවැඩියාව නිහඬ මාරයෙක් මෙන්ම, මෙරට වඩාත්ම සුලබ බෝ නොවන රෝගයද වෙයි.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

6 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

5 days ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

2 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

4 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

5 days ago
Related News
ගණුදෙනු ලොව

SLT-MOBITEL 2025 පළමු කාර්තුවේදී ලාභයේ ශක්තිමත් වර්ධනයක් වාර්තා කරයි

ගණුදෙනු ලොව

HUTCH අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් වී පාසල්වලට විදුලි පාපැදි 100 ක් ප්‍රදානය කරයි

ගණුදෙනු ලොව

කොමර්ෂල් බැංකුව දෙවැනි කෘෂි නවීකරණ වැඩසටහනට වව්නතිව් ප්‍රදේශය තෝරාගනී

ගණුදෙනු ලොව

LOLC ෆිනෑන්ස් රුපියල් බිලියන 25 ක ඉහළම ශුද්ධ ලාභය වාර්තා කරයි

ගණුදෙනු ලොව

‘ශ්‍රී ලංකාවට අනාගත දැක්මක් ග්‍රාමීය පුනරුදයකට කොත්මලේ කිරි සමග කැපවෙමි’ – කාගිල්ස් සමාගමේ නියෝජ්‍ය සභාපති – රංජිත් පේජ්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok