SDB බැංකුව සිය මූලික ප්‍රතිපත්ති වලට අනුව යමින් වටිනාකම් දාම මූල්‍යකරණය (Value Chain Financing – VCF)) තවත් මූලික ව්‍යාපාර මෙහෙයුමක් බවට පත් කිරීමට කටයුතු කර ඇති අතර ඒ යටතේ අමුද්‍රව්‍ය සැපයුම්කරුවන්ට සහ ගැනුම්කරුවන්ට තිරසාර මූල්‍ය සහයෝගය සපයමින් ප්‍රජාවන් සවිබල ගැන්වීමට SDB බැංකුව කටයුතු කරනු ඇත. මේ යටතේ මෑත කාලය තුළ SDB බැංකුව විසින් දරන ලද ප්‍රයත්නයක් වශයෙන් කිරි කර්මාන්තය වෙනුවෙන් වටිනාකම් දාම මූල්‍යකරණ ක්‍රමයක් දියත් කිරීම හැඳින්විය හැකිය. SDB බැංකුවේ කුලියාපිටිය ශාඛාව විසින් මෙහෙයවන ලද මෙම සීමා සහිත ව්‍යාපෘතිය පොල් ත්‍රිකෝණයේ කිරි ගොවීන්ගේ සමූපකාර සංගමයේ සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක කරන ලද්දකි.
මෙම ව්‍යාපෘතිය යටතේ වෙන් කරන ලද අරමුදල් ගව ගාල් අලුත්වැඩියා කිරීම, අලුතින් ඉදිකිරීම සහ ගවයින් මිල දී ගැනීම සඳහා කිරි ගොවීන් හට බොහෝ උපකාරී වූ අතර මේ ප්‍රයත්නය හරහා ප්‍රදේශයේ කිරි කර්මාන්ත ක්‍ෂේත්‍රයට දැවැන්ත සංවර්ධනයක් අත්පත් කරගැනීමට අවස්ථාව උදා වී ඇත.
සිය සහයෝගය මූල්‍ය සවිය සැපයීමට පමණක් සීමා නොකළ SDB බැංකුව කිරි ගොවීන්ට වැදගත් වන දැනුම ලබා දිම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්වූ අතර ඒ හරහා ඔවුන්ගේ කර්මාන්තය සඳහා අත්‍යවශ්‍ය වන දැනුම සහ අත්‍යවශ්‍ය මූල්‍ය දැනුම ලබා දීම සිදු කෙරිණි.