ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන යටිතල පහසුකම් පිළිබඳ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට ප්‍රමුඛතම ඉංජිනේරු සේවා සපයන ආයතනයක් වන Hayleys Fentons විසින් පසුගියදා StarCharge විද්‍යුත් වාහන ආරෝපණ (EV Chargers) විසඳුම් නිල වශයෙන් දේශීය වෙළෙඳපොළ වෙත හඳුන්වාදෙන ලදී.
විද්‍යුත් වාහන ආරෝපණ තාක්ෂණයේ ප්‍රමුඛතම ගෝලීය සන්නාමයක් වන StarCharge Digital Energy Private Limited සමඟ පසුගිය වසරේ එළැඹි උපායමාර්ගික හවුල්කාරීත්වයෙන් පසුව මෙම හඳුන්වාදීම කොළඹ පිහිටි හේලීස් සමූහයේ ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරිණි.
Hayleys Fentons සමාගමේ තිරසාර ප්‍රවාහන විසඳුම් සඳහා විශේෂයෙන් ස්ථාපිත කළ අංශය වන Fentons Mobility හි සමාරම්භයද මේ ඔස්සේ සනිටුහන් වීම සිදු විය. Hayleys PLC හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා, Hayleys PLC හි සමූහ විධායක අධ්‍යක්ෂක සරත් ගනේගොඩ මහතා, StarCharge Energy Pte Ltd හි ජ්‍යෙෂ්ඨ උප සභාපති, දකුණු ආසියානු ව්‍යාපාර ප්‍රධානී ආචාර්ය චෙන්ග්ලින් වූ මහතා, StarCharge India Pvt Ltd හි අධ්‍යක්ෂක, දේශීය ප්‍රධානී සුනිල් කුමාර් දෂෝරා මහතා, Hayleys Fentons Limited හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ Hayleys Fentons Limited හි ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂිකා රොෂානි ධර්මරත්න මහත්මිය ඇතුළු ප්‍රධාන ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටීම සුවිශේෂී අවස්ථාවක් විය.