Thursday, 12 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: යූනියන් ඇෂුවරන්ස්, දියවැඩියාවට එරෙහි සටන වෙනුවෙන් පෙරමුණ ගැනීම සඳහා ‘Diabeater’ වැඩසටහන දියත් කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 12 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: යූනියන් ඇෂුවරන්ස්, දියවැඩියාවට එරෙහි සටන වෙනුවෙන් පෙරමුණ ගැනීම සඳහා ‘Diabeater’ වැඩසටහන දියත් කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

යූනියන් ඇෂුවරන්ස්, දියවැඩියාවට එරෙහි සටන වෙනුවෙන් පෙරමුණ ගැනීම සඳහා ‘Diabeater’ වැඩසටහන දියත් කරයි

3 weeks ago
107 Views

ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, සිය ප්‍රධානතම ආයතනික සමාජ සත්කාරක වැඩසටහන වන සුවමඟ ඔස්සේ ප්‍රජා සුවසෙත සවිමත් කිරීම වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කරයි. වර්ෂ 2024 දී දියත් කරන ලද සුවමඟ වැඩසටහන, දේශය පුරා ව්‍යාප්ත ජවසම්පන්න නව ව්‍යාපෘතියක් වන‘Diabeater’ සමඟින් මේ වනවිට සිය ගමන් මඟෙහි තෙවැනි අදියරට පිවිස සිටියි.

අධ්‍යාපනය, ක්‍රියාත්මකවීම සහ ප්‍රජා සහයෝගීතාව ඔස්සේ දියවැඩියාවට එරෙහි සටනට මුළු මහත් දේශයම ඒකරාශී කරමින්, ‘දැියවැඩියා ප්‍රතිඥාව’ ලබා ගැනීම සඳහා Diabeater එකමුතුව මහජනතාවට ආරාධනා කරයි. යූනියන් ඇෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී සමාගමේ කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වය සහිතව මෙම එකමුතුව නිල වශයෙන් දියත් කරනු ලැබිණි.

Diabeater ක්‍රියාකාරිකයෙකු බවට පත්වීම සඳහා අවශ්‍ය වන්නේ සෞඛ්‍යය සහ සුවසෙත සඳහා සමස්ත වූත්, තෙවැදෑරුම් වූත් ප්‍රවේශයක් ලබාගැනීමය. ප්‍රථමයෙන්ම, සිය සෞඛ්‍යය හා සම්බන්ධ කටයුතු පාලනය කරගැනීම සඳහා අවශ්‍ය වන මෙවලම් සහ සම්පත්වලින් Diabeater ක්‍රියාකාරිකයින් සන්නද්ධ කෙරෙනු ඇත. දියවැඩියාව සාර්ථකව වැළැක්වීම හෝ පාලනය කළ හැකි දැනුවත් ජීවනරටා තෝරාගැනීම සඳහා මෙමඟින් සැවොම සවිබල ගැන්වෙයි. දෙවනුව, සිය ප්‍රජාවන් ඇතුළත දැනුවත්භාවය ඉහළ නංවමින්, වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවනරටාවන් පිළිබඳ සංවාද මතුකිරීමට සහ අන් අයට අනුගමනය කිරීම සඳහා ආදර්ශයක් සැපයීමට සහභාගි වන්නන් යොමු කෙරෙයි. අවසාන වශයෙන්, සාමූහික වගකීම සහ සහයෝගීතාව පිළිබඳ හැඟීමක් ඇති කරමින්, දියවැඩියාවට එරෙහි සටන සඳහා දේශය ඒකරාශී කිරීමට මෙම එකමුතුව ක්‍රියාත්මක වෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින්, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මෙසේ පැවසීය: “යූනියන් ඇෂුවරන්ස් හි අප වටහාගෙන ඇති ආකාරයට, අපගේ වගකීම මූල්‍යමය රැකවරණය සැපයීමෙන් ඔබ්බට විහිද යන අතර, අපගේ ප්‍රජාවන්වල සමස්ත සුවසෙත සපුරාලීමත් එයට ඇතුළත් වෙනවා. Diabeater එකමුතුව මඟින් පිළිබිඹු වන්නේ, වැළැකීම සහ කල්තියා ක්‍රියාත්මක කළ හැකි සෞඛ්‍ය පුරුදුවලට හුරුවීම සඳහා ප්‍රමුඛතාව ලබාදෙන, ප්‍රගතිශීලී ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අප සතුව පවතින දීර්ඝකාලීන කැපවීමයි. මේ නව වැඩසටහන හරහා මෙරට මුහුණ දී ඇති වඩාත්ම බරපතළ සෞඛ්‍ය තර්ජන අතරින් එකක් වන දියවැඩියාව ජයගැනීම සඳහා පුද්ගලයින්, පවුල් සහ ප්‍රජාවන් ඒකරාශී කරන දීපව්‍යාප්ත ක්‍රියාකාරිත්වයකට මූලාරම්භයක් ලබාදීම අපගේ අරමුණයි. මෙය අදට පමණක් නෙවෙයි, අනාගත පරම්පරාවන් උදෙසාත් සුවසෙත සම්බන්ධයෙන් දීර්ඝකාලීනව පවතින ජයග්‍රාහී උරුමයක් නිර්මාණය කරන වැඩසටහනක්.”

යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන අලෙවි නිලධාරී මහේන් ගුණරත්න මෙම වැඩසටහන පිළිබඳව සිය අදහස් පළකළේ මෙසේය: “සියලු ප්‍රජාවන්ගේ ප්‍රගතිය සවිබල ගැන්වීමට මුළුමනින්ම කැපවී සිටින සමාගමක් වශයෙන්, ශ්‍රී ලංකාව පුරා දියවැඩියා ව්‍යාප්තිය පහත දැමීම සඳහා ක්‍රියාත්මක වෙමින් පවතින අපගේ වැඩසටහන්වල එක් කොටසක් ලෙස අපි සුවමඟ ආරම්භ කළා. දියවැඩියාව බොහෝවිට අවධානයට ලක් නොවන සෞඛ්‍ය ගැටලුවක් වුණත්, මෙරට ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් එහි බලපෑමට හසු වෙනවා. දැන්, Diabeater එකමුතුව හරහා මේ තත්ත්වය හා බැඳුණු අවදානම් අඩුකර ගැනීම සඳහා කල්තියා ක්‍රියාකාරී පියවර ගැනීමට සියලු ශ්‍රී ලාංකිකයින්ට අපි ආරාධනා කරනවා. තමන්ගේ ප්‍රජාවන්ට සහයෝගය ලබාදෙමින්, දීර්ඝකාලීන ඵලදායී බලපෑමක් ඇතිකිරීමේ හැකියාව ඇති ජාතික මට්ටමේ එකමුතුවකට දායකත්වය ලබාදීම සඳහා සියලුදෙනා සවිබල ගැන්වීමටත් අපි කටයුතු කරනවා”.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

3 days ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

5 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

7 days ago

අශෝක අධිරාජ්‍යයා තැනූ ස්ථූපයකින් සොයාගත් සර්වඥ ධාතු ප්‍රදර්ශනයකට ඉන්දියාව සැරසෙයි

4 days ago

කාබී ලේම් ඇමෙරිකාවෙන් පිටව යයි

1 day ago
Related News
ගණුදෙනු ලොව

පාරිභෝගිකයින්ගේ වෙනස් වන අවශ්‍යතා සපුරාලන්නට ‘යූනියන් ඇෂුවරන්ස්’ නිරන්තරයෙන්ම කැපවෙනවා

ගණුදෙනු ලොව

SLT-MOBITEL 2025 පළමු කාර්තුවේදී ලාභයේ ශක්තිමත් වර්ධනයක් වාර්තා කරයි

ගණුදෙනු ලොව

HUTCH අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් වී පාසල්වලට විදුලි පාපැදි 100 ක් ප්‍රදානය කරයි

ගණුදෙනු ලොව

කොමර්ෂල් බැංකුව දෙවැනි කෘෂි නවීකරණ වැඩසටහනට වව්නතිව් ප්‍රදේශය තෝරාගනී

ගණුදෙනු ලොව

LOLC ෆිනෑන්ස් රුපියල් බිලියන 25 ක ඉහළම ශුද්ධ ලාභය වාර්තා කරයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok