Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සෙලාන් බැංකුව 2025 පළමු කාර්තුවේදී රු. බිලියන 2.76 ක බදු පසු ලාභයක් වාර්තා කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සෙලාන් බැංකුව 2025 පළමු කාර්තුවේදී රු. බිලියන 2.76 ක බදු පසු ලාභයක් වාර්තා කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

සෙලාන් බැංකුව 2025 පළමු කාර්තුවේදී රු. බිලියන 2.76 ක බදු පසු ලාභයක් වාර්තා කරයි

4 weeks ago
774 Views

සභාපති බුවනෙක අළුවිහාරේ මහතා / ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර මහතා

සෙලාන් බැංකුව 2025 වසරේ පළමු කාර්තුවේදී රු. මිලියන 4,199 ක බදු පෙර ලාභයක් වාර්තා කිරීමට සමත් විය.

මෙය 2024 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන 3,704 ට සාපේක්ෂව 13.36% ක වර්ධනයකි.

2025 මාර්තු 31 දිනයෙන් අවසන් වූ මාස 3 සඳහා සෙලාන් බැංකුව රු. මිලියන 2,761 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත. මෙය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රු. මිලියන 2,295 ට සාපේක්ෂව 20.29% ක වර්ධනයකි.

2025 මාර්තු 31 දිනයෙන් අවසන් වූ මාස 3 ක කාලය සඳහා සෙලාන් බැංකුවේ ශුද්ධ පොලී ආදායම, පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රු. මිලියන 9,371 ට සාපේක්ෂව 8.37% කින් පහළ ගොස් රු. මිලියන 8,587 ක් ලෙස වාර්තා වී ඇත. වෙළඳපොළ පොලී අනුපාත පහළ යාම සහ ණය හා තැන්පතු ප්‍රතිමිලකරණය මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකයද 2024 වසරේදී වාර්තා වූ 4.90% ට සාපේක්ෂව 2025 ප්‍රථම කාර්තුවේදී 4.45% දක්වා පහළ ගොස් තිබේ. බැංකුවේ ශුද්ධ ගාස්තු මත පදනම් වූ ආදායම පසුගිය වසරේ වාර්තා වූ රු. මිලියන 1,837 ට සාපේක්ෂව 2025 පළමු කාර්තුවේදී රු, මිලියන 2,091 දක්වා 13.83% කින් ඉහළ ගොස් ඇත. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ණය, කාඩ්පත්, ප්‍රේෂණ, වෙළඳ සේවාවන් සහ වෙනත් මූල්‍ය සේවාවන් වෙතින් ලැබුණු ගාස්තු ආදායමේ වර්ධනයයි.

බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම රු. මිලියන 11,258 ක් ලෙස වාර්තා වී තිබේ. මෙය පෙර වසරේදී වාර්තා වූ රු. මිලියන 11,707 ට සාපේක්ෂව 3.83% ක පහළ යාමක් වන අතර, ශුද්ධ පොලී ආදායම පහළ යාම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

වෙළඳ කටයුතුවලින් ලැබුණු ශුද්ධ ආදායම, මූල්‍ය වත්කම් බැහැර කිරීමෙන් ලැබුණු ආදායම සහ ශුද්ධ වෙනත් මෙහෙයුම් ආදායම් යනාදියෙන් සමන්විත වෙනත් ආදායම් පසුගිය වසරට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කරයි.

2025 මාර්තු 31 දිනයෙන් අවසන් වූ මාස 3 ක කාලපරිච්ඡේදය තුළ බැංකුවේ සමස්ත මෙහෙයුම් පිරිවැය, 2024 වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රු. මිලියන 5,126 ට සාපේක්ෂව රු. මිලියන 5,363 දක්වා 4.62% කින් වර්ධනය වී තිබේ. ප්‍රධාන වශයෙන් කාර්ය මණ්ඩලයට ලබාදෙන ප්‍රතිලාභ වැඩි කිරීම හේතුවෙන් බැංකුවේ මානව සම්පත් පිරිවැය පෙර වසරේ වාර්තා වූ රු. මිලියන 2,718 ට සාපේක්ෂව රු. මිලියන 2,806 දක්වා 3.22% කින් ඉහළ ගොස් ඇත.

වෙනත් මෙහෙයුම් පිරිවැය සහ අවප්‍රමාණ හා ක්‍රමක්ෂය පිරිවැයද 6.19% කින් වර්ධනය වී ඇති අතර, අදාළ කාලපරිච්ඡේදය තුළ භාණ්ඩ හා සේවාවන්හි මිලගණන් ඉහළ යාම ඊට ප්‍රධාන වශයෙන් හේතු විය. විවිධ පිරිවැය පාලන විධිවිධාන ඔස්සේ මෙම පිරිවැය අවම කිරීම සඳහා බැංකුව පියවර ගනිමින් සිටී.

2024 වසරේ පළමු කාර්තුවේදී රු. මිලියන 1,555 ක් වූ බැංකුවේ හානිකරණ වියදම, මෙම සමාලෝචනයට අදාළ කාලපරිච්ඡේදය තුළ රු. මිලියන 262 දක්වා 83.17% කින් පහළ ගොස් තිබේ. මූල්‍ය ප්‍රකාශන තුළ ප්‍රමාණවත් ප්‍රතිපාදන ඇතුළත් බව සහතික කිරීම සඳහා බැංකුව විසින් ගෝලීය සහ දේශීය ආර්ථිකයේ වෙනස්කම්, ගනුදෙනුකරුවන්ගේ ණය අවදානම් පැතිකඩ සහ බැංකුවේ ණය කළඹේ ණය ගුණාත්මකභාවය ග්‍රහණය වන පරිදි හානිකරණ ණය ප්‍රතිපාදන සලසා ඇති බවට සහතික කරගැනීමට පියවර ගෙන ඇත. බැංකුවේ හානිකරණ ණය (අදියර 3) අනුපාතයේ වත්කම් ගුණාත්මකභාවයේ අනුපාතය 1.98% ක් වූ අතර (2024-2.10%), අදියර 3 ප්‍රතිපාදන ආවරණ අනුපාතය 2025 මාර්තු 31 දින වන විට 80.74% ක් වැනි යහපත් මට්ටමක පැවතිණි.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

6 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
ගණුදෙනු ලොව

30 වන සංවත්සරයට AIA වෙතින් සමාජ සද්කාර්යයක්

ගණුදෙනු ලොව

කොමර්ෂල් බැංකුව ‘දේශසීමා අතර ප්‍රමුඛත්වය’ සඳහා වීසා සම්මානය දිනයි

ගණුදෙනු ලොව

HUTCH සහ Rainforest Protectors Sri Lanka වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර සාර්ථක ලෙස නිමාව දකී

ගණුදෙනු ලොව

Regenagri මෙරට පුනර්ජනනීය කෘෂි ව්‍යාපාරයට ජීවය දෙයි

ගණුදෙනු ලොව

LOLC සමූහය ගෝලීය වර්ධනයේ ජවය ලබමින් රු. බි. 41 ක ලාභයක් වාර්තා කරයි..

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok