කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම සඳහා තීරණය විය.
නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් සිදුකරන්නේ ද නැතිනම් විවෘත ඡන්ද විමසීමක් පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.
මෙහිදී සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය විසින් විවෘත ඡන්දයක් ඉල්ලා සිටියේය. එම කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.
කොළඹ නගරාධිපති ධුරයට සමගි ජන බලවේගයේ රීසා සරුක්ගේ නම යෝජනා කර ඇති අතර ජාතික ජන බලවේගයෙන් ව්‍රායි කැලි බල්තසාර්ගේ නම යෝජනා කෙරිණ.