රටේ කිසිදු තෙල් හිඟයක් නැති බවත් මාස දෙකහමාරකට ප්‍රමාණවත් තෙල් තොග රට සතුව ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති වෛද්නය ලින්ද ජයතිස්ස මහතා පැවසීය.
තිබෙන තෙල් තොගවලට අමතරව තෙල් නව ඇනවුම් ලැබීමට නියමිතව ඇති බවත් ඒ නිසා කිසිවෙක් තෙල් හිඟයක් ගැන බියක් ඇති කරගත යුතු නැති බවත් ඇමතිවරයා අද (17) කැබිනට් මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේය.