Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පංචාංග ලිත්වල පරස්පරතා නිසා ජ්‍යොතිෂය හෑල්ලුවට ලක්වීම සාධාරණද?
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පංචාංග ලිත්වල පරස්පරතා නිසා ජ්‍යොතිෂය හෑල්ලුවට ලක්වීම සාධාරණද?
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
නැකත

පංචාංග ලිත්වල පරස්පරතා නිසා ජ්‍යොතිෂය හෑල්ලුවට ලක්වීම සාධාරණද?

2 days ago
121 Views

ජ්‍යොතිෂ සිද්ධාන්ත ග්‍රන්ථයන්හි එකිනෙකට සුළු වශයෙන් හෝ පරස්පර විවිධාකාර වූ ගණිත ක්‍රම පවතී. මේ සියල්ලේ පදනම සමාන වුවද ගණිත ව්‍යුහයෙහි පරස්පරතා පවතී. ඉහතදී සඳහන් කළ ලෙසටම පැරණි පංචාංග ග්‍රහස්ඵුට ලිත් එකිනෙකට සුළු වශයෙන් වෙනස් වූයේ මේ නිසාය. මෙකී තත්ත්වය මගහරවා ගැනීමට නම් ඒ ඒ ගණිත සූත්‍ර කාලානුරූපව ප්‍රතිශෝධනය විය යුතුය.

ජෝති යනු බැබළීමයි. වේදය යනු ඥානයයි. ඒ නයින් ගත් කල බැබළෙන ඥානය ජ්‍යොතිෂ විද්‍යාව ලෙස සරලව අර්ථකථනය කළ හැක. සකල ලෝකවාසී මනුෂ්‍ය වර්ගයාගේ හිතසුව පිණිස ශිව දෙවිඳුන් වෙතින් මහා බ්‍රහ්මයන්ටත් මහා බ්‍රහ්මයන් වෙතින් නාරද ඍෂි තුමන්ටත් නාරද ඍෂි තුමන් වෙතින් ශෞනක ඍෂි තුමන්ටත් එතුමන් වෙතින් පරාශර මහා ඍෂිතුමන්ටත් ආදී වශයෙන් ව්‍යාප්තව පැමිණි ජ්‍යොතිෂ විද්‍යාව පංච අභිඥාලාභී අෂ්ට සමාපත්තිලාභී ඍෂි උතුමන් වහන්සේලා ප්‍රත්‍යක්‍ෂ ඥානයෙන් අවබෝධ කොට නිර්ලෝභීව ලොවට දායාද කළ ගණිත හෝරා හා සංහිතා යන ත්‍රිත්වයේ සංකලනයෙන් සුසැදි ජ්‍යොතිෂ විද්‍යාව හුදෙක් කාලය හරහා වර්තමානයේ සිට අනාගතයට ද අතීතයට ද ප්‍රමාණාත්මකව යම් සුළු දුර ප්‍රමාණයක් ගමන් කර යම් යම් අනාවැකි ජන්මීන් සම්බන්ධවත් ලෝකය සම්බන්ධවත් නිවැරදිව පළකළ හැකි දිව්‍යමය ශාස්ත්‍රයකි.

මේ අයුරින් සමාජගතවූ ජ්‍යොතිෂ විද්‍යාව අතීතයේ උගතුන් අතර ව්‍යාප්ත වී තිබූ ශාස්ත්‍රයකි. එකල විසූ ජ්‍යොතිෂ උගතුන් දුන් ගණිතය හා වාක්‍ය ගණිතය හොඳින් ප්‍රගුණ කර සිටි නිසා වර්තමානයේ ලිත් භාවිතයෙන් සිදුකරන ගණනය කිරීම් ලිත් භාවිතයෙන් ඉතා නිවැරදිව සිදුකරගත හැකිය. එනිසා අදට සියවස් 1 1/2කට පෙර ශ්‍රී ලංකාවේ පංචාංග ලිත් නොතිබුණි. එනිසාම වර්තමානයේ ලිත් ආශ්‍රිතව සිදුකර ගන්නා සියලු ගණනය කිරීම් ආදිය ඒ ඒ ජ්‍යොතිෂ ගුරුකුල වල ගුරුමුෂ්ටි වශයෙන් සඟවාගෙන ආ ක්‍රමවේද මත සිදු කෙරුණි. පොත්පත් මුද්‍රණය කිරීම ඇරඹීමත් සමග ජ්‍යොතිෂයේ උන්නතිය උදෙසා පංචාංග ග්‍රහස්ඵුටවලින් එකල විසූ ජ්‍යොතිෂ උගතුන් මුද්‍රණය කිරීම ආරම්භ කළහ. ඒ හරහා සංකීර්ණ රහස් ගණිත විෂයක්ව පැවති ජ්‍යොතිෂ විද්‍යාව යම්තාක් දුරට සරලවීමත් සංකීර්ණ ජ්‍යොතිෂ ගණනය කිරීම් ආදිය සුළු වේලාවකින් කර ගැනීමටත් හැකි විය.

වර්තමානයේ පමණක් නොව පුරාණ හෙළ රජ දවස පවා පංචාංගය මෙන්ම ග්‍රහචාර, නවාංශක චාර වැනි දේ ඇතුළත් අංග සම්පූර්ණ පංචාංග ලිත් භාවිතයක් තිබී ඇත. එහිදී පාරම්පරික උරුමයෙන් දායාද වූ ලිත් ගණනය තුළින් ලිත් නිපදවීම එකල අඛණ්ඩව සිදුවිණි. එම ලිත් වලින් කරුණු උපුටා නැවත සකසාගත් ලිත් ක්‍රියාංග ලිත් ලෙස පන්හිඳෙන් පණ පෙවූ තල්පත් ඉරුවල භාවිතා විය. කෙසේ නමුත් කලින් කලට මෙම ලිත් යාවත්කාලීන කිරීමේදී එකල භාවිතා වූ හැට පැයේ ක්‍රමයට අතිරේකව විසිහතර පැයේ ක්‍රමය ද ලිත්වලට අන්තර්ගත කරන ලදී.

කෙසේ නමුත් පංචාග ගෘහස්ඵුට ලිත් මුද්‍රණය වීමත් සමගම ලිත් ගණිතය සම්බන්ධ ජ්‍යොතිෂ ගුරුමුෂ්ටි ක්‍රමයෙන් අභාවයට යන තත්ත්වයක් ඇති විය. වර්තමානයේ බහුතරයක් ජ්‍යොතිෂවේදීන්ට පැරණි ලිත් ගණිතය පිළිබඳ දැනුමක් නැත. වර්තමානයේ අප රටේත් ලෝකයේත් ලිත් මුද්‍රණය වනු දැකිය හැක. විශේෂයෙන් ලංකාව තුළ පංචාංග ගෘහස්ඵුට ලිත් ගණනාවක් මුද්‍රණය වේ. එය එසේ මුත් මෙම ලිත් අතර පවතින සංඛ්‍යාත්මක අගයන්හි පරස්පරතා බොහෝය. මුද්‍රණ දෝෂ ද සුළු වශයෙන් පවතී. විශේෂයෙන් අයනාංශ ශුන්‍ය වර්ෂය පිළිබඳ ඇති පරස්පරතා නිසා නිවැරදි අයනාංශ අගය සම්බන්ධ මත භේද පවතී. මේ හේතුවෙන් නිරයන භාව ස්ඵුට මෙන්ම ග්‍රහස්ඵුට වරදී. එය තවදුරටත් පැහැදිලි කළ හොත් විවිධ අයනාංශක අගයන් පදනම් කර ගනිමින් මෙම ලිත් නිපදවා ඇති නිසා ඒවාහි සඳහන් ලග්න ස්ඵුට මෙන්ම ග්‍රහස්ඵුටවල වෙනස්කම් පවතී. මෙකී තත්ත්වය මතුපිටින් සරලව බැලූ කල ගැටලුවක් නොවුණ ද කලාතුරකින් ඇතැම් කේන්ද්‍ර සෑදීමේදී මෙය ඍජු ගැටලුවක් බවට පත්වේ. මේ හේතුවෙන් භාව කේන්දරය, වර්ග කේන්ද්‍ර ආදිය ද වරදී. එනිසා පලාපල පවා වරදින බව කිව යුතුමය. මෙම තත්ත්වය වටිනා උතුම් නිවැරදි දිව්‍යමය විෂයක් වූ ජ්‍යොතිෂයේ ශාස්ත්‍රීය වටිනාකම පලුදුවීමට හේතුවේ. මෙම තත්ත්වය විශේෂයෙන්ම ඇතිවන්නේ යම් ජන්මියකුගේ ජන්ම පත්‍රය සෑදීමේදී එම ජන්මියාගේ ලග්නය හෝ නැකත ගෙවෙන හෝ ආරම්භ වන මොහොතකට ආසන්නව උපන් කාලය. එසේම ග්‍රහස්ඵුට වලදී ග්‍රහමාරු සිදුවන වේලාවන් ආසන්නයේ උපත සිදුවන විටද මෙකී තත්ත්වයේ බලපෑම ස්වභාවිකය. මෙම තත්ත්වය පලාපල කථනයට ඍජුවම බලපායි.

ජ්‍යොතිෂ සිද්ධාන්ත ග්‍රන්ථයන්හි එකිනෙකට සුළු වශයෙන් හෝ පරස්පර විවිධාකාර වූ ගණිත ක්‍රම පවතී. මේ සියල්ලේ පදනම සමාන වුවද ගණිත ව්‍යුහයෙහි පරස්පරතා පවතී. ඉහතදී සඳහන් කළ ලෙසටම පැරණි පංචාංග ග්‍රහස්ඵුට ලිත් එකිනෙකට සුළු වශයෙන් වෙනස් වූයේ මේ නිසාය. මෙකී තත්ත්වය මගහරවා ගැනීමට නම් ඒ ඒ ගණිත සූත්‍ර කාලානුරූපව ප්‍රතිශෝධනය විය යුතුය.

සාමාන්‍යයෙන් බිත්ති ලිත් හා පංචාංග ග්‍රහස්ඵුට ලිත් ලෙස ලිත් දෙවර්ගයකි. පංචාංග ග්‍රහස්ඵුට ලිත්හි බොහෝ දේ අන්තර්ගත වුවත් බිත්ති ලිතක අඩංගු වන්නේ පංචාංග ග්‍රහස්ඵුට ලිතෙන් කැටි කරගත් එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය ජ්‍යොතිෂ කරුණු කීපයක් පමණි. ඒ අතර පොහොය ලබන, ගෙවෙන වේලාවන්, අවුරුදු චාරිත්‍ර, සුබ දවස් ආදිය මූලිකය.

ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ ක්‍රිස්තු වර්ෂ 1855 සිට ලිත් මුද්‍රණයවේ. එහිදී ක්‍රමයෙන් දෑ අවුරුදු ලිත්, තුන් අවුරුදු ලිත් මුද්‍රණය වූ අතර පසුකාලීනව වසරෙන් වසර ලිත් මුද්‍රණය විය. ඒ අතර තුන් අවුරුදු ලිත් මුද්‍රණය වන බවද සඳහන් කළ යුතුමය. මීට පරිබාහිරව විදේශයන්හි මුද්‍රණය වන ලිත් සියල්ල සායන ලිත්ය. එම සායන ලිත්වල පංචාංගය සම්බන්ධ තොරතුරු සඳහන් නොවේ. බටහිර ලිත් බොහොමයක පදනම් වේලාව මධ්‍යාහ්න 12 වන අතර ඇතැම් ලිත් වල පදනම් වේලාව මධ්‍යම රාත්‍රී 12 හෙවත් 0 පැයවේ. ඇමරිකන් ලිත ඊට කදිම නිදසුනකි. එම ලිත වාර්ෂික අර්ධ ශතවර්ෂික, ශතවාර්ෂික ආදී ලෙස නිකුත්වේ.

තවද ශුභ මුහුර්ත සෑදීමේදී එක් එක් ලිත් හි සඳහන් පංචාංගය ගෙවෙන වේලාව සම්බන්ධ තොරතුරු පරස්පරවීමද ජ්‍යොතිෂයේ නිවැරදිතාවට ඉතා හානිකරය. මෙනිසා වඩාත්ම නිවැරදි අයනාංශකයක් මත පදනම්ව ලංකාවේ සියලු ලිත් මුද්‍රණය විය යුතුය යන්න මගේ පෞද්ගලික හැඟීමයි. වගකිව යුත්තන්ගේ අවධානය මේ සම්බන්ධව යොමුවේවායි මා පතමි. එහිදී ක්‍රිස්තු වර්ෂ 1795 සිට එංගලන්තයේ මුද්‍රණය වන රෆායල් ලිත හා ඇමරිකාවේ මුද්‍රණය වන ඇමරිකන් ලිත යන ලිත් වල අයනාංශක හා දත්තයන් පරීක්‍ෂාවට ලක්කර උපරිමයෙන්ම දෝෂ අවම වන සේ පංචාංග ග්‍රහස්ඵුට ලිත්වල තොරතුරු සකසා ගත යුතුය. එවිට මුද්‍රණය වන සියලු ලිත්වල ලග්න ස්ඵුට ආදියේත් පංචාග තොරතුරු ආදියේත් කිසිදු පරස්පරතාවයක් ඇති නොවේ. එය ජ්‍යොතිෂයේ නිවැරදිතාව තහවුරුවීමට හේතුවේ.

ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
දු. අංකය 071-9282653

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

7 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

3 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

4 days ago
Related News
ඉරිදා සංග්‍රහය විශේෂාංග නැකත

සුරගුරු පරදා බුධ ජය ලබයි

නැකත

සතියේ සුබ නැකැත්

ඉරිදා සංග්‍රහය විශේෂාංග නැකත

දත් දෙපළේ හැඩ අනුව ඇගේ ගතිගුණ

ඉරිදා සංග්‍රහය විශේෂාංග නැකත

නිවාසවල වාස්තු දෝෂ කාන්තාවන්ට බලපාන ආකාරය

ඉරිදා සංග්‍රහය විශේෂාංග නැකත

සෙනසුරු මාරුවයි තුලා ලග්නයයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok