Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: නිවාසවල වාස්තු දෝෂ කාන්තාවන්ට බලපාන ආකාරය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: නිවාසවල වාස්තු දෝෂ කාන්තාවන්ට බලපාන ආකාරය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ඉරිදා සංග්‍රහය විශේෂාංගනැකත

නිවාසවල වාස්තු දෝෂ කාන්තාවන්ට බලපාන ආකාරය

June 15, 2025
465 Views

නිවසේ වයඹ දිශාව දික්වීමත් භූමියේ වයඹ දිශාව දික්වීමත් වයඹ දිශාවේ ළිඳ පැවතීමද කාන්තාවන්ගේ කීර්තිනාමය ගෞරවය විනාශ වෙනවා. නොයෙක් රෝග පීඩා ගෙන දෙනවා. ඒ වගේම ඊශාන දිශාවේ මුළුතැන්ගෙයි පෝරණය පැවතීම නිසා දවසේ වැඩි කාලයක් මුළුතැන්ගෙයි ගත කරන කාන්තාව දැඩි මානසික පීඩනයකට පත්වෙනවා. හිස ආශ්‍රිත රෝග, දැඩි හිසරදය, හිසේ ගෙඩි, පිළිකා තත්ත්වයන් ඇති වෙනවා. මෙම කුස්සි පෝරණය ඊශාන දිශාව තුළ පැවතීමෙන් බොහෝ නිවෙස්වල කාන්තාවන්, ගෘහ බිරිඳ ඉතා කෙටි කලක් තුළ සුව නොවන රෝගවලට ලක්වී ජීවිතයෙන් සමුගැන්ම සිදු වෙනවා.

බොහෝමයක් නිවෙස්වල ගෘහයේ අධිපති හෙවත් ගෙදර ගෘහමූලිකයා දවසේ වැඩිපුර කාලය ගත කරන්නේ නිවසින් පිටය.

රැකියා ස්ථානයේ දවසේ වැඩි කාලයක් ගත කරන හෙතෙම නිවසට පැමිණෙන්නේ රාත්‍රි කාලයේදීය. තවත් අය දුර පළාත්වල සේවය කරමින් තම නිවහනට පැමිණෙන්නේ සති අන්තයේය. තවත් අය නිවසට එන්නේ දින 14කට වරකි. ආරක්ෂක අංශවල, විශේෂයෙන් හමුදා සේවයේ නියුක්තිකයන් නිවසට පැමිණෙන්නේ මසකට හෝ මසකුත් ඉක්ම ගිය පසුවය. සමහර සැමියන් වර්ෂ ගණන් විදේශ ගතව වසර කීපයකට සැරයක් තම නිවසට පැමිණේ. මේ සියලු දෙනාම නිවසින් පිටස්තරව තමන්ගේ ආදරණීය බිරිඳ, දරුවන් ගෙන් වෙන්ව කාලය ගත කරන්නේ විනෝදයට ආශාවට නොවේ. කවුරුන්ද අකමැති තමන්ගේ පැල්පතේ හෝ බඩගින්නේ හෝ තම දරුවන්, බිරිඳගේ, දුක සැප බෙදාගෙන ජීවිතයේ වැඩි කාලයක් තම පවුල සමග වාසය කරන්න. නමුත් සැමට එසේ වාසනාව නොමැත. තම සමීපතමයන්ගෙන් වෙන්ව හුදෙකලාව ජීවත්වන්නේ ආශාවට නොව දරු පවුල රැක ගැනීම උදෙසාය. සැමියා නිවසේ ප්‍රධානියා වුව ද නිවසේ ගෘහනිය, බිරිඳගේ වගකීමත්, සැමියාගේ වගකීමත් කරට ගනිමින් දරුවන් පෝෂණය කරමින් පාසලේ-සමිති සමාගම්වල, විහාරස්ථානයේ ආදි එකී නොකී සියලු කටයුතුවල අවිවේකීව ගත කරන බිරිඳට තමන් ජීවත්වන නිවසේ දෝෂයන්, වාස්තු දෝෂයන් සියල්ලම බලපායි. මක්නිසාද වාස්තු දෝෂ දෝෂයන් වශයෙන් ඍණ ශක්තීන්, අශුභ සංඛ්‍යාතයන් සියල්ල බලපාන්නේ නිවසේ වැඩි කාලයක් ගත කරන බිරිඳටයි. ඇගේ ඕරාව හෙවත් ශක්ති ශරීරය නිවසේ අශුභ තරංග ක්‍රියාකාරීත්වයෙන් ධන ශක්තීන් අභිබවා ඍණ ශක්තීන් වර්ධනය වීම තුළින් ඇයට නොයෙක් පීඩා ඇති කරයි. මානසිකව දුර්වලතාවයට පත්වීමෙන් මානසික ආතතිය :ීඑරුි* ඇති වේ.

එවිට බොහෝ දෙනෙකු සිතන්නේ තම බිරිඳට විවේකය අහිමි නිසා. තරහා අවේග පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් නිතර කියවීම, කෝපවීම, දරුවන්ට අසාමාන්‍ය ලෙස කෑගැසීම, අධික හිසරද තත්ත්වයන් ඇතිවන බවය. එසේ නොමැති නම් ඇයගේ තරහකාරයෙකු, ඊර්ෂ්‍යා සහගතව යමක් කිරීමෙන් හෝ ඇය කරන වැඩ නිසා ඇස්වහ කටවහ දෝෂයක්, එසේ නැතිනම් හදි හූනියමක් ලෙස එසේ වන්නට ඇති බවය. බොහෝ දෙනෙකු මෙය නිවසේ වාස්තු දෝෂ බලවත්වීමක් තුළින් ඇති වුණ සිදුවීමක් ලෙසින් පිළිගැනීමට සූදානමක් නොමැත. ඇත්ත වශයෙන් ම මේ ආකාරයට කාන්තාවන්ට නිවෙසක වාස්තු දෝෂ නිසා ඇතිවෙන අයහපත් තත්ත්වයන් නිර්මාණය කරන දෝෂ මොනවාද යන්න සලකා බලමු.

  1. නිවසක ගිණිකොන දිශාව දුර්වලවීම

අග්නිකෝනය හෙවත් ගිණිකොන දිශාව වාස්තු විද්‍යානුකූලව නිවසේ කාන්තාවට හිමි දිශාව වේ. ගිනිකොන දිශාව යනු තේජෝබලය ඉතාමත් සක්‍රීයව ක්‍රියාත්මක වන දිශාවයි. මෙම ගිනිකොන දිශාව අයත්වන්නේ සිකුරු ග්‍රහයාටයි. සිකුරු ග්‍රහයා හඳුන්වන්නේ ග්‍රහලොව සුරතලිය යන විරුදාවලියෙන්ය. එම නිසා ගිනිකොන දිශාව ජ්‍යොතිෂයට අනුව ද ඉතාම වැදගත් වන්නේ කාන්තාවන් උදෙසාය. යම් කිසි නිවසක ගිනිකොන දිශාව අවහිර වන ආකාරයට ඉදි කරනු ලබන ඉදිකිරීම් විශේෂයෙන් ගොඩනැගිලි නිසා නිවසේ ගිනිකොන දිශාව අවහිර කිරීම තුළින් නිවසේ ගෘහනියට නොයෙක් පීඩා ලෙස දුක් ඇති වේ. අකල් මරණයට පවා පත්වීමට හැකිය. දරු ඵල ද අහිමි වේ. බොහෝ දෙනෙකු ප්‍රකාශ කරන දෙයක් තමයි ගිනිකොන තේජෝ බලය පවතින දිශාවක් නිසා තේජෝ බලයට ඕනෑම පොළව අභ්‍යන්තරයේ පවතින අපද්‍රව්‍ය මලපහ පිළිස්සීමේ හැකියාව පවතින බවය. එම නිසා සැකහැර වැසිකිළි වළ ගිනිකොන ඉදිකිරීමට බොහෝ වාස්තු ශිල්පීන් උපදෙස් දෙනවා. නමුත් වසර ගණනක පලපුරුද්ද හා වාස්තු පරීක්ෂණවලින්ම මා පෞද්ගලිකව තහවුරු කරගෙන සිටින දෙයක් නම් ගිනිකොන දිශාව තුළ වැසිකිළි වළ පැවතීම මගින් වැඩි බලපෑමක් (එනම් 2201/2 නැගෙනහිර ගිනිකොන තුළ වැසිකිළි වළ පැවතීමෙන්) එම නිවසේ වෙසෙන කාන්තාවන්ගෙන් 80%කගේ පමණ ගර්භාෂය තුළ ගෙඩි හට ගැනීම, බඩේ ගෙඩි, තුවාල, පිළිකා, වකුගඩු ආශ්‍රිත ලෙඩ රෝග සෑදීමේ ප්‍රවණතාවය වැඩි බවයි. නිවාස කීපයකම ගිනිකොන දිශාවේ පවතින වැසිකිළි වළ ඉවත්කර වෙනත් දිශාවන්ට ගැනීමෙන් පසු එම නිවෙස්වල බිරින්දෑවරුන්ට, වැඩිහිටි දියණියන්ට ඉතාම කෙටි කලකින් බඩේ තිබුණ ගෙඩි පරීක්ෂණවලදී සොයාගෙන ඒවා අර වැසිකිළි වළ මෙන්ම ඉවත් කිරීමට කටයුතු කළා. ඒවා සාක්ෂි මා ළඟ තියෙනවා. එයට අමතරව ගබ්සා වීම් මළ දරු උපත්වලට කාන්තාවන්ට මුහුණ දීමට සිදුවෙලා තිබෙන්නේ ගිනිකොන දිශාවේ වැසිකිළි වළ හා නාන කාමරය පැවතීම හේතුකෙට ගෙනය.

ගිනිකොන දිශාව නිවසින් දික් කිරීම හෙවත් කාමරයක් එකතු කර ගැනීම ද අශුභ පළ දෙන්නෙත් කාන්තාවන්ට. එහි ප්‍රතිවිපාක වශයෙන් මානසික පීඩා. ගින්නෙන් අනතුරු ඇතිවීම බලපානවා. ඒ වගේම ගිනිකොන දිශාව අත්තිවාරමෙන් ශුන්‍යවීම අත්තිවාරමෙන් කෙටිවීම ද වැඩි වශයෙන්ම බලපාන්නේ නිවසේ ගෘහණියට. බිරිඳ හා සැමියා අතර මතභේදයන් ඇතිවීම, බිරිඳ, සැමියා අනියම් සබඳතාවලට යොමුවීම, බිරිඳට අධික මානසික පීඩනය, විෂාදය ලක්ෂණ ඇතිවීම, නිවසේ සමගිය බිඳ වැටීම, දික්කසාය දක්වා බිරිඳ සැමියා අතර ගැටලු පැන නැගීම, නිවසේ ධනය විනාශවීම, කාන්තාවන් මුල්වී කරගෙන යන ව්‍යාපාර බංකොලොත් වීම බිඳ වැටීම, සුදුසු රැකියාවක් නොලැබීම වගේම බිරිඳ නිවසේ වැඩිමහල් දියණියන් අකීකරු වීම, කේන්තියට පත්වීම, ජීවිතය එපා වී ජීවිතයට හානි සිදු කර ගැනීමට ද මෙම දෝෂය බලපානවා.

ගිනිකොන දිශාව තුළ ප්‍රධාන නිදන කාමරය පැවතීම ද එම කාමරයේ නිදා ගැනීම ද ගෘහ බිරිඳ රෝග වීමට, මානසික පීඩා විඳීමට ද හේතුවක් වෙනවා.

භූමියක් වශයෙන් ගත් කල ද ගිනිකොන දිශාව භූමියෙන් දික්වීම, කෙටිවීම, පහත් වීම වගේම දකුණු දිශාවේ භූගත ළිං පැවතීමත් කාන්තාවන්ගේ සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ල කරනවා. මානසික පීඩා වැඩි කරනවා. ජීවිතය එපා කරවනවා. නිවසක ප්‍රධාන ද්වාරය හෙවත් ප්‍රධාන දොර 2වන පාදය හෙවත් පර්ජන්‍ය පාදය තුළ තැබීමෙන් එම නිවසේ ස්ත්‍රිය කණවැන්දුම් තත්ත්වයට පත් වෙනවා. විවාහය ප්‍රමාද වෙනවා. ප්‍රධාන ද්වාරයට හරි මැදින් පිහිටන ලෙසින් කොන්ක්‍රිට් සිමෙන්ති හෝ කණුවක් පැවතීම නිසා ඇතිවෙන ස්ථම්භන වේධ දෝෂයේ බලපෑමද ඇතිවෙන්නේ කාන්තාවන්ට. එයින් ඇයගේ ලෙඩ රෝගී තත්ත්වයන් වර්ධනය වේ.

නිවසේ වයඹ දිශාව දික්වීමත් භූමියේ වයඹ දිශාව දික්වීමත් වයඹ දිශාවේ ළිඳ පැවතීමද කාන්තාවන්ගේ කීර්තිනාමය ගෞරවය විනාශ වෙනවා. නොයෙක් රෝග පීඩා ගෙන දෙනවා. ඒ වගේම ඊශාන දිශාවේ මුළුතැන්ගෙයි පෝරණය පැවතීම නිසා දවසේ වැඩි කාලයක් මුළුතැන්ගෙයි ගත කරන කාන්තාව දැඩි මානසික පීඩනයකට පත්වෙනවා. හිස ආශ්‍රිත රෝග, දැඩි හිසරදය, හිසේ ගෙඩි, පිළිකා තත්ත්වයන් ඇති වෙනවා. මෙම කුස්සි පෝරණය ඊශාන දිශාව තුළ පැවතීමෙන් බොහෝ නිවෙස්වල කාන්තාවන්, ගෘහ බිරිඳ ඉතා කෙටි කලක් තුළ සුව නොවන රෝගවලට ලක්වී ජීවිතයෙන් සමුගැන්ම සිදු වෙනවා. එතරම් විශාල බලපෑම් ඇති කරන හේතුවක් තමයි ඊශාන දිශාවේ නිවසේ මුළුතැන්ගෙයි පෝරණය එයට තවත් වර්ධනය කරන්නට එම පෝරණය උඩ පවතින ජල ටැංකිය ද හේතු වෙනවා. මේ වගේ බොහෝ වාස්තු දෝෂ පවතිනවා. නිවෙස්වල ගෘහ බිරිඳ පීඩාවට හා අනතුරට ලක්කර දුකට පත් කරනවා.

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
077 785 6649.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
අතිරේක නැකත

සතියේ සුබ නැකැත්

අතිරේක නැකත

අංක විද්‍යාවෙන් ජීවිතය දැනගනිමු

නැකත

වාස්තු විද්‍යානුකූලව භූමියේ හා ගෘහයේ පාද බෙදීම

නැකත

ගුප්ත විද්‍යාව නිවැරදිව හඳුනාගනිමු

නැකත

සෙනසුරු මාරුවයි කුම්භ රාශියයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok