ටෙස්ට් ලෝක කුසලාන අවසන් තරගය
ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ ICC ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගයේ පළමු දිනයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 212කට සීමා කරන්නට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වූහ.
තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා පළමු පන්දුව යැවීම තෝරාගත්තේ අවසන් තරගයේ ජය තමන් සතු කර ගැනීමේ අදිටනෙනි. ඒ අනුව ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු යුගලය ලෙස පිටියට පිවිසි උස්මාන් කවාජා සහ මනොස් ලැබුශෙන්ය. දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් වැඩි වේලාවක් ඔවුන් දෙදෙනාව ක්‍රීඩා පිටියේ රැඳී සිටීමට ඉඩ ලබා නොදුන් අතර උස්මාන් කවාජාට ලකුණු නොලබාම පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය. කෙසේ වෙතත් ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ කඩුලු 4ක් දැවී ගියේ ලකුණු 67ක් වැනි ඉතා අඩු ලකුණු පුවරුවක් නිර්මාණය කරමිනි. තරගයේ පාලනය දකුණු අප්‍රිකානු කණ්ඩායම නතු කර ගනිද්දී ඉවසීමෙන් ඉනිමක් ක්‍රීඩා කළ ස්ටීවන් ස්මිත් ලකුණු 66ක් ලබා ගනිද්දී බියු වෙග්සටර් පන්දු 92කට මුහුණදෙමින් ලකුණු 72ක් ඔස්ට්‍රේලියා ඉනිමට එකතු කළ අතර ඔස්ට්‍රේලියා ඉනිමේ 6 වැනි කඩුල්ල මුළු ලකුණු 192ක් තිබියදී බිඳවැටුණු අතර ඉන්පසු ඉතිරි කඩුලු 4 සඳහා සිය කණ්ඩායමට එක් කළ හැකි වූයේ ලකුණු 20ක් පමණි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ කගිසෝ රබාඩා ලකුණු 51කට කඩුලු 5ක් දවාගත් අතර මාර්කෝ ජැන්සන් කඩුලු 3ක් දවාගත්තේය.
දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ඉනිමේ පන්දුවට පහරදීම ඇරඹූ අතර පළමු දිනයේ ඔවුන්ට සාර්ථක වන්නට හැකියාවක් නොලැබුණ අතර පළමු දිනය නිම වනවිට කඩුලු 04ක් බිඳ වැටී ලකුණු 43ක් ලබා සිටියේය.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මිචෙල් ස්ටාක් කඩුල් දෙකක් සහ පැටී කමින්ස්, ජොෂ් හේසල්වුඩ් එක් කඩුල්ල බැගින් බිඳ දැමූහ.
ලකුණු 169ක් පසුපසින් සිටිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවැනි දිනය ආරම්භ කළ අතර තරගයේ මුල්භාගය අවසන් වනවිට දකුණු අප්‍රිකාව යම් ස්ථාවරයකට පැමිණ සිටි අතර පන්දුවාර 49ක් අවසානයේ ලකුණු 121කට කඩුලු 5ක් දැවී තිබුණි.
