Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඔස්ට්‍රියාවේ පාසලක වෙඩි තැබීමකින් 11ක් මරුට ඝාතකයාත් දිවි නසා ගනී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඔස්ට්‍රියාවේ පාසලක වෙඩි තැබීමකින් 11ක් මරුට ඝාතකයාත් දිවි නසා ගනී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

ඔස්ට්‍රියාවේ පාසලක වෙඩි තැබීමකින් 11ක් මරුට ඝාතකයාත් දිවි නසා ගනී

4 days ago
286 Views

ඔස්ට්‍රියාවේ තෙදිනක ශෝක කාලයක්

ඔස්ට්‍රියාවේ දෙවැනි විශාලතම නගරය සේ සැලකෙන ‘ග්‍රාස් ’ නගරයේ පිහිටි උසස් පාසලකට පෙරේදා (10) උදෑසන කඩා වැදුණු පුද්ගලයෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් වෙඩික්කරු ඇතුළු සිසුන් හා වැඩිහිටියන් 11 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 30දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මුළු මහත් ඔස්ට්‍රියාවම දැඩි කම්පනයටත්, ශෝකයටත් පත් කර ඇති මෙම වෙඩිතැබිම සිදු කළ අදාළ පාසලේ ආදී සිසුවෙකු වූ 21 හැවිරිදි වෙඩික්කරු තමන් උගත් පාසලේ සිවුදෙසටම වෙඩි තබා මිනිස් ඝාතනයන් සිදු කිරීමෙන් අනතුරුව පාසලේ වැසිකිළියක් තුළදී ඔහුටම වෙඩි තබා ගනිමින් සිය දිවි හානි කරගෙන තිබේ. මූලික පොලිස් විමර්ශනයන්ට අනුව ඝාතකයා වෙඩි තැබීම සිදු වූ පාසලේ ආදී සිසුවෙකු වුවද ඔහු සිය අධ්‍යාපනය සම්පූර්ණ කර නොමැති බව වාර්තා වේ.

මෙම සිදුවීමෙන් මියගොස් ඇති 11 දෙනාගෙන් 7 දෙනෙකු කාන්තාවන් බව ඔස්ටි්‍රයානු රජය විසින් නිවේදනය කර තිබේ. මේ වනවිට වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති 30 දෙනාගෙන් ඇතැමෙකු ආසාධ්‍ය තත්ත්වයේ පසුවන බව අනාවරණය වී තිබේ. වෙඩි තැබීම සිදු වූ ඔස්ට්‍රියාවේ දෙවැනි විශාලතම නගරය මෙන්ම දෙවැනි විශාලතම ජනගහනය සිටින ග්‍රාස් නගරය යුරෝපයේ සංස්කෘතික අගනුවර ලෙසද හැඳින්වේ. මෙම වෙඩි තැබීම මෑත කාලයේ ඔස්ට්‍රියාවේ සිදු වූ දරුණුම වෙඩි තැබීමේ සිදුවීම ලෙස සැලකෙන අතර ඉන් මියගිය පිරිස වෙනුවෙන් රට පුරා තෙදින ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීමට ඔස්ට්‍රියානු රජය විසින් පියවර ගෙන තිබේ. මෙම වෙඩි තැබීම සිදු කිරීමට මුල් වූ හේතුව අනාවරණය වී නොමැති අතර සිදුවීම සම්බන්ධයෙන් බලධාරීන් විසින් විශේෂ විමර්ශනයක් දියත් කර තිබේ. මේ අතර ඔස්ට්‍රියානු පොලිසියට අනුව මෙම වෙඩි තැබීම සඳහා සැකකරු විසින් නිත්‍යානුකූලව ලබාගත් ගිනි අවි දෙකක් භාවිත කර තිබේ. මේ අතර මෙම සිදුවීමෙන් මියගිය පිරිස සිහි පත් කරමින් ග්‍රාස් නගරයේ චතුරඝ්‍රයට රැස් වූ සිය දහස් ගණනක් වන ඔස්ට්‍රියානු ජාතිකයන් විසින් පියවර ගෙන තිබේ.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

6 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

1 day ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

18 hours ago
Related News
විදෙස්

අනතුරත් සමග බෝයිං අවසන් ගමන් යාවිද ?

විදෙස්

ඉන්දීය ගුවන් යානා අනතුරෙන් 265ක් මියයති

විදෙස්

මධු සමයේදී සැමියා ඝාතනය කරලා ඉන්දීය මනාලිය පොලිස් අත්අඩංගුවට

විදෙස්

තමාට අතපසුවූ ගුවන් යානයේ බොරු බෝම්බ බියක් මැවූ මගියාට වැඩ වරදි

විදෙස්

හැටේ දශකයේ ජනප්‍රිය ගායක බ්‍රයන් විල්සන් දිවිසැරිය නිම කරයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok