Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පෝය සඳේ සඳ කිරණින් දැයේ අඳුර දුරුවේවා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පෝය සඳේ සඳ කිරණින් දැයේ අඳුර දුරුවේවා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
කතුවැකි

පෝය සඳේ සඳ කිරණින් දැයේ අඳුර දුරුවේවා

6 days ago
502 Views

මධ්‍යකාලීන යුගයේ දී සහ ඊට පෙර ඉතා වැදගත් ඉන්දියානුවෝ දෙදෙනෙක් මෙරටට පැමිණියහ. මින් පළමු වැනි ඉන්දියානුවා වන විජය රජු ක්‍රි. පූ. පන්සිය ගණන්වලදී ලංකාවේ තම්බපන්නි වෙරළට ගොඩබට බව කියනු ලැබේ. එහෙත් ඊට කිසිදු සාක්‍ෂියක් නැත. සාක්‍ෂි නැති පමණින් සියලු දේ බැහැර කළ නොහැක. ඒ නිසා විජය රජු ලංකාවට පැමිණි බව මතයක් වශයෙන් පිළිගැනීමට අපට සිදුවී තිබේ. මෙරටට පැමිණි දෙවැනි වැදගත් ඉන්දියානුවා වන්නේ ක්‍රි. පූ. දෙසීය හැත්තෑ ගණන්වලදී වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ ය. මෙරටට විධිමත් ලෙස බුදුදහම ගෙනෙන ලද්දේ මිහිඳු මහරහතන් වහන්සේ විසිනි. මිහිඳු හිමියන් මෙහි එන විට ද මේ රටේ බෞද්ධයෝ ස්වල්පයක් සිටියාහ. එසේ වුවද මේ රටේ ප්‍රධාන ආගම වූයේ ශිව ආගමය. මෙය ශෛව ධර්මය ලෙස ද හඳුන්වනු ලැබේ. මිහිඳු හිමියන්ට සම්මුඛ වූ දේවානම්පියතිස්ස රජතුමා ද ශිව භක්තිකයෙකි. ඉතා කෙටි කාලයක් තුළ දේවානම්පියතිස්ස රජතුමා බෞද්ධයකු බවට පත් කිරීමට මිහිඳු හාමුදුරුවන්ට හැකි විය. ශ්‍රී ලංකාවේ විධිමත් රාජ්‍ය පාලනයක් ආරම්භ කළ පළමු වන රාජ්‍ය පාලකයා විජය බවට මතයක් තිබේ. ඔහු මෙහි එන විට මේ රට විවිධ මිථ්‍යා දෘෂ්ටික ගෝත්‍රික කණ්ඩායම් විසින් පාලනය කරන ලදී. ඉතිහාස කතාවලට අනුව විජය රජතුමා කුවේණි නමැති යක්‍ෂ ගෝත්‍රික රාජ්‍ය පාලිකාව රවටා මේ රට අල්ලාගෙන කුවේණිය පලවා හළේය. එය නොම්මර එකේ ද්‍රෝහී ක්‍රියාවකි. සමහර විට විජයාගමනය බොරුවක් බව ඇතැම් වංශකතාකරුවන් පවසන්නේ එබඳු ද්‍රෝහියකු විසින් මේ රටේ විධිමත් රාජ්‍ය පිහිටුවීම නරකක් ලෙස දකින්නට ඇති බැවිනි. කෙසේ වුවද මහින්දාගමනයෙන් පසු ශ්‍රී ලංකාව, ඉන්දියාව සමග ඉතාම කිට්ටු සම්බන්ධකම් පවත්වන රාජ්‍යයක් බවට පත්විය. එය ඒ වන විට මේ රටේ සිටි සුළුතර බෞද්ධයන්ට ද විශාල ශක්තියක් විය. බුදුන්වහන්සේ ශ්‍රී ලංකාවට තෙවරක් වැඩම කළේ නම් මිහිඳු හිමියන් මෙහි ඒමට පෙර සිට බුදුදහම යම් ප්‍රමාණයකින් මේ රටේ පැතිරී තිබිය යුතුම ය. එහෙත් ශිව ධර්මය අදහන්නන් බහුල වූ බැවින් බුදුදහම යටගොස් රාජ්‍ය පාලකයන්ගේ ආගම බවට ශිව ආගම පත්ව තිබිණ.

මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහම මෙහි ගෙන එන්නේ වඩා බලගතු රාජ්‍ය පාලකයකු වු ඉන්දියාවේ ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රහයෙනි. රාජ්‍ය අනුග්‍රහයත් සමග රටක් තුළට එන ආගමකට පහර දීමට මේ රටේ සිටි ශිව ආගමිකයන් ශක්තිමත් වූයේ නැත. ඒ අනුව මහින්දාගමනයෙන් ස්වල්ප කලකට පසු ලංකාවේ රාජ්‍ය ආගම බවට බුද්ධාගම පත් විය. බුදුදහම යනු සාම්ප්‍රදායික ආගමක් නොව තර්කානුකූල දර්ශනයකි. සර්වබලධාරී දෙවියකුගෙන් තොර ලොව එකම ප්‍රධාන ආගම බුදුදහම සේ සැලකිය හැකිය. බුදුදහම මගින් ප්‍රවර්ධනය කරන්නේ මෛත්‍රියම පමණි. අද වැනි පොසොන් පොහෝ දිනක මෙරටට බුදුදහම ගෙනා මිහිඳු මහරහතන් වහන්සේ අදටත් සලකනු ලබන්නේ ගෝත්‍රිකව බෙදී සිටි සහ ශිව ආගම විසින් සර්වබලධාරී දේවත්වයට පුරුදු කරන ලද මනුෂ්‍යයන් පිරිසක් නිවන් මඟ වෙත යොමු කළ උතුම් පුරුෂයකු ලෙසය. පසු කාලයේ දී බෞද්ධයකුට හැර වෙනත් ආගමිකයකුට මේ රටේ රජකම නොදෙන ලදී. නිශ්ශංකමල්ල රජතුමා වරක් කරවන ලද ශිලා ලිපියක් මෙහිදී අපි සැලකිල්ලට ගනිමු. මෙරට තියෙන ඕනෑම ජන වර්ගයක කෙනකුට සිංහලයකු වී රජවීමට හැකි බවත්, ඒ සඳහා එම තැනැත්තා බෞද්ධයකු බවට පත් විය යුතු බවත් එම ශිලා ලිපියේ සඳහන් ය. නිශ්ශංකමල්ල රජතුමා ද ශිව ආගමික මූලයක් ඇති රජ කෙනෙකි. හෙතෙම බොදුනුවකු බවට පත් වී ලංකාවේ රජකම අරගෙන බුදුදහමට ඉමහත් සේවයක් කළේය. මේ කාරණය අදටත් දිගින් දිගටම පැවැත එමින් තිබේ. අදටත් මේ රටේ ජනාධිපතිකම ලැබෙන්නේ බෞද්ධයකුට ය. එසේ විය යුතු යැයි කියා කිසිදු නීතියක් මේ රටේ නැත. එහෙත් එසේ විය යුතු යැයි කියා සම්ප්‍රදායක් මේ රටේ පවතී. බුදුදහම විසින් මේ රටේ ජනයාට මුලින්ම දෙන ලද්දේ සංවරකම සහ අකුරු ශාස්ත්‍රයයි. නූගත්කම යනු දිළිඳුකමේ එක් ස්වරූපයකි. බුදුදහම විසින් නූගත්කම නමැති දිළිඳුකම මේ රටෙන් බැහැර කරන ලදී. බුදුදහම මෙහි පැමිණි පසු පන්සල නමැති ආයතනය විශාල ශාස්ත්‍රාලයක් බවට පත්විය. ඒ ශාස්ත්‍රාලය මගින් උගන්වන ලද්දේ බුදුදහම පමණක් වුවද බුදුදහම ඉගෙනීම සඳහා අකුරු ඉගෙන ගැනීම අත්‍යවශ්‍ය විය. ලංකාව උගතුන්ගේ රටක් බවට පත් වන්නේ මේ රටේ ජනයා අකුරු ශාස්ත්‍රය දැනගත් බැවිනි.

පොසොන් සඳේ ආලෝකය විසින් හැම පොසොන් දිනකම අපට සිහිපත් කරන වැදගත් කාරණයක් තිබේ. ඒ වූ කලී මහින්දාගමනය පිළිබඳ කතන්දරයයි. මිහිඳු හිමියන් අම්බස්තලයට වැඩම කරන විට දේවානම්පියතිස්ස රජතුමා සිටියේ මුවකු විද මැරීමේ මෙහෙයුමක ය. මිහිඳු හිමියන්ගේ ධර්ම කාරණා ශ්‍රවණය කළ දේවානම්පියතිස්ස රජතුමා එතැනින්ම සතුන් මැරීම අත්හළේය. මෙයින් කියැවෙන්නේ දේවානම්පියතිස්ස රජතුමා එකෙනෙහිම වෙජිටේරියන් වූ බව නොවේ. අප එතරම් දුර යා යුතු නැත. මිනිසකු වෙනස් විය යුත්තේ ටිකෙන් ටිකය. එක් ක්‍ෂණයකින් වෙනස් වන මිනිසාට සමහර විට පිස්සු හැදීමට ඉඩ තිබේ. බුදු දහම යනු පියවරෙන් පියවර මිනිසුන් වෙනස් කරන දහමකි. බුදු සසුන බැබලේවා.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

6 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

1 day ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

18 hours ago
Related News
කතුවැකි

ඉතිහාසයට එක්වන සිර වංචාව

කතුවැකි

අපගේ හද පිරි සංවේගය ඉන්දියාවට මෙසේ දන්වමු

කතුවැකි

වෝල්ටේජ් තිස්තුන්දාහ

කතුවැකි

කොරෝනා වසංගතය එළිපත්තේ සිට ‘හලෝ’ කියයි

කතුවැකි

දේවාලේ පිට්ටු හොරා පොල් බෑයට තට්ටු කළා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok