Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අපගේ හද පිරි සංවේගය ඉන්දියාවට මෙසේ දන්වමු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අපගේ හද පිරි සංවේගය ඉන්දියාවට මෙසේ දන්වමු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
කතුවැකි

අපගේ හද පිරි සංවේගය ඉන්දියාවට මෙසේ දන්වමු

1 day ago
526 Views

ඉන්දියාවේ අහමදාබාද් ප්‍රදේශයේ දී කඩා වැටුණු එයාර් ඉන්දියා ගුවන්යානයේ සිටි මගීන් 241 දෙනකු මරණයට පත්වීම පිළිබඳ මේ පුවත්පතේ සාතිශය සංවේගය මෙසේ සඳහන් කරනු ලැබේ. මේ ගුවන්යානා අනතුරෙන් බේරුණේ එක් අයකු පමණි. ඒ අතර මේ යානයේ ගමන් කළ තවත් පවුලක් පිළිබඳ ශෝකජනක කතාව මෙසේය. එංගලන්තයේ දීර්ඝ කලක් පදිංචිව සිටි වෛද්‍යවරයෙක් සිය දරුවන් තිදෙනා සහ බිරිඳ එංගලන්තයේ පදිංචියට ගෙන යමින් සිටියේ මේ ගුවන් යානයෙනි. ගුවන්යානය කඩාවැටීමත් සමගම මුළු පවුලම මරණයට පත්වූහ. ගුවන් අනතුරු දිනෙන් දින වැඩිවන බවක් පෙනී යයි. එය තාක්‍ෂණයේ වරදක් ද නොඑසේ නම් ගුවන්යානය හසුරුවන අයගේ දෝෂයක් ද නොඑසේ නම් කර්ම ශක්තියේ අඩුපාඩුවක් ද යන්න අපි නොදනිමු. ඉන්දියාව යනු අපගේ ආදරණීය අසල්වැසියා ය. අපගේ දුෂ්කරතා මතුවුණ හැම අවස්ථාවකදීම ඉන්දියාව අපට උදව් කළේය. ගෝඨාභයගේ ආණ්ඩුව කඩා වැටීමට ඔන්න මෙන්න කියා තිබිය දී අපේ රට තුළ ආහාර සහ ඉන්ධන විශාල හිඟයක් ඇති විය. මෙවිට බංග්ලාදේශය හැර අන් කිසිදු රටක් අපට තඹ සල්ලියක් ණයට දුන්නේ නැත. අපට උදව් කළා නම් ඒ ඉන්දියාව පමණි. ඉන්දියන් ආණ්ඩුව ලංකාව වෙනුවෙන් ඩොලර් බිලියන තුනක ආධාර ලයින් එකක් විවෘත කළ අතර ඒ ඔස්සේ අප වෙත සහල් ද, බෙහෙත් ද, ඉන්ධන ද ලබාදෙන ලදී. මේ නිසා ආණ්ඩුව පෙරළී රනිල් වික්‍රමසිංහ ජනාධිපති වනතුරු පැවැති අන්තර්වාර කාලයේ දී කුස පුරවාගෙන ගේමක් ගසා ගැනීමට අපට හැකි විය. අපට බුදුදහම ලැබෙන්නේ ඉන්දියාවෙනි. ගෞතම බුදුන්ගේ මාතෘභූමිය ඉන්දියාව බවත්, උන්වහන්සේගේ දර්ශනය අනුව යමින් ඉන්දියාව දියුණුව කරා ගමන් කරන බවත් පසුගිය වෙසක් පොහෝ දින පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි පැවැසීය. මේ කතාවත් සමගම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිබූ ආධ්‍යාත්මික සංස්කෘතික බැම්ම තවදුරටත් ශක්තිමත් වුහ. වෙනත් කිසිම රටක අතකොළුවක් බවට පත්වීමට ලංකාවට ඉන්දියාව ඉඩ දෙන්නේ නැත. මේ රට අපගේ ස්වාධීනත්වය වෙනුවෙන් භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් ද බලවත් උනන්දුවකින් කටයුතු කිරීම වාසනාවකි. ඉන්දියාව මේ වනවිට අප සම්බන්ධයෙන් වඩාත් ප්‍රගතිශීලී ස්ථාවරයක් දරන බව පෙනේ. එල්.ටී.ටී.ඊ. වර්ගවාදී යුද්ධයේ මුල් කොටසේ දී අප සම්බන්ධයෙන් දැරූ මතවාදය ඉන්දියාව තවදුරටත් දරන්නේ නැත. එවැනි බලවත් රාජ්‍යයක සහය ලැබීමට අපට හැකිවීම ඉතාම වටනේය.

ඉන්දියාවේ අහමදාබාද් ගුවන් අනතුරෙන් පැහැදිලි වන්නේ ද අප තිලෝගුරු බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද අනිත්‍යභාවය යි. එංගලන්තය බලා යන මධ්‍යම පන්තිකයන් ද, සාමාන්‍ය ධනවතුන් ද, කෝටිපතියන් ද එයාර් ඉන්දියා ගුවන්යානය තුළ සිටින්නට ඇතැයි අපි විශ්වාස කරමු. එක් පුද්ගලයකු හැර සෙසු සියලුම දෙනා විනාශයට පත්වීමෙන් පෙනී යන්නේ කර්ම ශක්තිය 241 දෙනකුට එක විදිහකටත්, එක් පුද්ගලයකුට වෙනස් විදිහකටත් සලකන ලද බවය. බුදුදහමට අනුව කර්මය සම්පූර්ණයෙන්ම අහෝසි කළ නොහැක. එහෙත් එය යම් ප්‍රමාණයකට අවම කළ හැකිය. එසේ අවම කිරීමට නම් බුදුදහමෙහි එන ප්‍රතිපත්ති පූජාව සපුරා යහපත් මනුෂ්‍යයන් ලෙස ජීවත් විය යුතුය. කඩාවැටුණු එයාර් ඉන්දියා ගුවන්යානයේ ගමන් කළ මගියෝ පවුකාරයෝ නොවෙති. ඔවුන්ගේ ජීවිත අවසන් විය යුතු බවත් එය අවසන් විය යුතු ආකාරය මෙසේ විය යුතු බවත් කර්ම ශක්තිය විසින් තීරණය කර තිබිණ. එමෙන්ම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ උදේ මේ මහ අනතුරින් තුවාල ලැබූවන් ද දිවි ගලවා ගත් මගියාගේ සුවදුක් බැලීමට ද රෝහල් කරා ගියේය. අනතුර සිදුවූ තැනට ද ගියේය. යානය කඩාවැටුණු ස්ථානයේ පිහිටා තිබූ වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිටි තුවාල ලැබූ වෛද්‍ය සිසුන් හා වෛද්‍යවරුන්ගේ වේදනා ඔහු බෙදා ගත්තේය. එය තවත් දුක්බර දසුනක් වූයේය. අපට ප්‍රාර්ථනා කිරීමට ඇත්තේ මෙවන් විපතක් යළි නොවේවා යන්න පමණි. එතැනින් එහා සියලු දේ කර්මය විසින් කළමනාකරණය කර දෙනවා ඇත.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

5 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

1 day ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

22 hours ago

ඉරානය ප්‍රතිප්‍රහාර අරඹයි

2 days ago
Related News
කතුවැකි

ඉතිහාසයට එක්වන සිර වංචාව

කතුවැකි

වෝල්ටේජ් තිස්තුන්දාහ

කතුවැකි

කොරෝනා වසංගතය එළිපත්තේ සිට ‘හලෝ’ කියයි

කතුවැකි

දේවාලේ පිට්ටු හොරා පොල් බෑයට තට්ටු කළා

කතුවැකි

පෝය සඳේ සඳ කිරණින් දැයේ අඳුර දුරුවේවා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok